[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් අව අටවක 2023-02-13

ප්‍රශ්න හමුවේ ජීවිතය මඟහැර නොයන්නට නම්....

ජීවිතය ශක්තිමත් වන්නේ සිත ශක්තිමත් වූ තරමට ය. දුර්වල සිතැත්තන් සුළු අභියෝගයක දී වුව කඩා වැටේ. ගැටලු අර්බුද හමුවේ විසඳුම් සෙවීමෙහිලා පසුගාමී වේ. ව්‍යාකූල වේ. ඇතැම් විට එම ව්‍යාකූලබව තුළ ප්‍රශ්නයට මුහුණ දෙනවා වෙනුවට එය මඟ හරිමින් හොඳම විසඳුම ලෙස සියදිවි නසා ගැනීම දක්වා දැඩි තීරණවලට එළඹීම සිදුවිය හැකි ය.

වර්තමානයේ පමණක් නොව අතීතයේ ද එවැන්නෝ වූහ. ප්‍රශ්නයක් හමුවේ ජීවිතයෙන් පලා යනවා වෙනුවට අභියෝගවලට බිය නොවී මුහුණ දෙමින් ජීවිතය ජය ගන්නටය සම්බුදුදහම අපට මාර්ගෝපදේශ ලබා දෙන්නේ.

බුදුරජාණන් වහන්සේ දවස රජ්ජුමාලා නම් වැඩකාර දියණියක් විය. ඇය සේවය කළ ධනවත් නිවෙසේ ස්වාමි දියණිය දැඩි සිත් ඇත්තී ය. අනුන්ගේ දුක වේදනාව නොහඳුනන්නී ය. ඇයගේ තාඩන පීඩන හමුවේ රජ්ජුමාලා අන්ත අසරණ විය. කෙස්වැටියෙන් ඇද පහරකෑම්වලට ලක්වන ඇය අවසන මනරම් දිගු කෙස්වැටිය ද කපා දැමුවා ය. එහෙත් පීඩාවන්ගේ අඩුවක් නොවුණි. ඇයට ජීවිතය එපා වුණි.

දිනක් ඇය ජලය ගෙන ඒමට යන මුවාවෙන් නිවෙසින් පිටවී වනයට යන්නී ගෙලවැලලාගෙන මියැදීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් සියදිවි නසා ගන්නට සැරසෙන නිමේෂයේ ම ඇය අප තථාගතයන් වහන්සේගේ කරුණාව ලැබ තවදුරටත් ජීවත්වීමේ වාසනාව ලද්දීය.

තම ස්වාමි දියණියගෙන් මේ අසරණ රජ්ජුමාලා විඳි දුක්ගැහැට, පහරකෑම් කෙතෙක් ද යන ඇය ගෙල බැඳි රැහැන් පටින්ම පැහැදිලි වේ. කෙස්වැටිය කපා දැමූ පසු ඇයට පහර දීම පහසු වනු පිණිස ස්වාමි දියණිය ඇයගේ ගෙල බැඳි රැහැන නිසාම රජ්ජුමාලා නමින් ඇය ප්‍රසිද්ධ විය.

සම්බුදුපියාණන් වහන්සේ මේ අසරණ දියණියට පිහිටවූයේ ජීවිතයේ මුහුණදෙන කවර වේදනාකාරී, පීඩාකාරී ප්‍රශ්නයක දී වුව සවිමත් ව මුහුණ දෙන්නට ඇයගේ මනස ශක්තිමත් කරමිනි. ඒ ආදර්ශය සුළු ප්‍රශ්නයක් ඉදිරියේත් ජීවිතයෙන් සමුගන්නට සිතන, අනුන්ගේ ජීවිත උදුරාගන්නට සිතන කා හට වුව ද වැදගත් ය.

බුදුරජාණන් වහන්සේ රජ්ජුමාලාගේ සිත ශක්තිමත් කළේ එම නිවෙසින් හෝ පලානොයන ලෙසට ය. දියණිය ඔබ නැවත නිවෙසට යන්න. වැඩකටයුතු හොඳින් කරන්න. නොපමා වන්න. කිසිවිටෙක අලස නොවන්න. ධෛර්යයෙන් වීර්යයෙන් වැඩ කරන්න. ස්වාමි දියණිය ඔබට පහර දෙන්නේ පවරන වැඩ නිසිලෙස ඉටු නොකරන නිසා විය හැකියි. අද සිට හොඳින් සිතට ගෙන වැඩ කරන්න. රාත්‍රී සියලු දෙනා නින්දට ගිය පසු දොර ජනෙල් හොඳින් වසා නින්දට යන්න. නිවෙස පිරිසුදුව තබා ගන්නවා වගේ ම ඔබ ද මනාව පිරිසුදුව ඉන්න. තවදුරටත් ඇය ඔබ නොතකනවා නම්, පරිභව කරනවා නම් ඇයට මෛත්‍රිය කරන්න. කරුණාවන්ත වන්න. ඉවසන්න. එවිට ස්වාමි දියණිය ඔබට පහර නොදෙනු ඇත. උන්වහන්සේ රජ්ජුමාලාට දේශනා කළ සේක.

මේ අවවාද තුළින් සිදුවූයේ රජ්ජුමාලා පෞරුෂයක් ඇති ශක්තිමත් දියණියක් බවට පරිවර්ථනය වීමයි. තමන්ගේ රාජකාරී නිසිලෙස ඉටුකළ ඇයට ස්වාමි දියණියට මුහුණ දෙන්නට කිසිදු බියක් සැකක් නොවණි. සෘජුව කතා කළ හැකිවුණි. ඒ පරිවර්තනය, දාසිය ස්වාමි දියණියගේ දියණියක ලෙස සලකන්නට තරම් ප්‍රබල වුණි.

ජීවිතයේ අප මුහුණ දෙන ප්‍රශ්න විවිධාකාර විය හැකි ය. කෙනකුගෙන් කෙනකුට වෙනස් ය. එහෙත් ඕනෑම ප්‍රශ්නයකට හොඳම පිළිතුර ශ්‍රී සද්ධර්මයට අනුව සොයා ගන්නවා නම් ජීවිතයට ශක්තිමත්ව මුහුණදීමට අපහසු නොවනු ඇත.

නවම් අව අටවක

පෙබරවාරි 13 සඳුදා
පූ.භා. 09.44 න් අව අටවක ලබා
14 අඟහරුවාදා. පූ.භා. 09.03 න් ගෙවේ.
13 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

Full Moonපසළොස්වක

මාර්තු  06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]