[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

වඳිනෙමි ගුරු හිමි පා

මා හද හිමිගෙ ගුණ සැමදා රැඳුනේ
හිමි සඳ මෙමට පිහිටක් වූවා නිබඳේ
මගෙ ගුරු පියා නිතරම ඔවදන් දුන්නේ
ආගම දහමට වැඩ කටයුතු කරපන්නේ

බුදු හිමි මඟට ආ මගෙ ගුරු සමිඳුන්නේ
රටවල්වලට දම් අමා වැසි වැස්සෙව්වේ
හිමි කළ සේවය අමරපුරෙහි රැව්දෙන්නේ
හිමි සමිඳුන් නිවනින් නිවී සැනසෙන්නේ


මවුපියන්ගේ අගය

මවුපියන් කියන්නේ අපේ අම්මටයි, තාත්තටයි. අප ජන්ම දිනයේ සිට ගෙවන සෑම තත්පරයක ම ලොව කිසිවකුගෙන් නොලැබෙන ආදරයක්, රැකවරණයක් ලබා දෙන්නේ අම්මා සහ තාත්තායි.

අප කුඩා කල පෝෂණය කළේ, රජ බොජුන් මෙන් ආහර පිස දුන්නේ, සිහිනෙන් අවදි වී අප හඬනා විට තුරුලට ගෙන නැළවිලි ගී කීවේ අපේ අම්මායි.

දිවා රෑ නොබලා පුංචි අපේ පාසල් උපකරණ, සෙල්ලම් බඩු, ඇඳුම් පැළඳුම් වැනි අපට අවශ්‍ය දේ ගෙන දෙන්නට දහඩිය වගුරන්නේ අපෙ තාත්තා ය.

අප කුඩා කල සිට ම අධ්‍යාපනයෙන්, ගුණධර්මවලින් පිරිපුන් දරුවන් කරන්න අපරිමිත මෙහෙයක් ඉටු කරන්නේ අපේ ආදර මවුපියන්ය . මවුපියන්ගේ අගය කොතෙක්ද යත් කිසිදා ලියා නිම කළ නොහැකි ය.


තිසරණ ගුණ

අනන්තයි බුදු ගුණ
සත්‍යමයි දම් ගුණ
පිරිසුදුයි සඟ ගුණ
සරණයි අපට තිසරණ ගුණ


අම්මා

ආදරයෙන් මට කිරි පෙව් අම්මා
මෙත් සිත පතුරන ගුණ කඳ අම්මා
කරුණා ගුණයෙන් හදපිරි අම්මා
ලොව සඳවතියයි ආදර අම්මා


පව් දුරු කරමු

හැකි නම් නොපමාව ම පන්සල වෙත යන්න
එපා පාප මිතුරන් හෙම ඇසුරට ගන්න
කලණ මිතුරු වේ සුමිතුරු එය දැන ගන්න
මාරයාට හසු නොවෙන්න නිවනට යන්න

සිටියට පලක් නෑ බොරු කේළම් කියමින්
සිටිය යුතුයි අනන්ත සම්බුදුගුණ වනමින්
වළාවෙන් මිදුණු සඳමෙන් එළිය ගෙන දෙමින්
දුරු කර පව් හනි හනිකට යමු ද අපි නිවන්


සිල් ගන්නට හරි ආසයි

සුදුවතකින් සැරසීලා
සුදු මල් දෝතින් අරගෙන
ආච්චි අම්මත් සමඟින්
සිල් ගන්නට හරි ආසයි

තෙල්මල් හා සුවඳ අරන්
උවසු උවැසියන් සමඟින්
පේළි පේළි පේළි සැදී
බුදුන් පුදන්නට ආසයි

කිරි බුබුළක් සේ බබළන
සෑ සමිඳුන් අසලට වී
නව ගුණ වැල ගනිමින් මට
බවුන් වඩන්නට ආසයි


වඳිමි සම්බුදු සමිඳු

සසර සරන සැමහට සෙත සෑදූ
සියලු සතුන් හට කරුණා ගුණ වීදූ
අජරාමර අමා නිවනට මඟ පෑදූ
සැමදා වඳිමු සම්බුදු සමිඳුන් සාධු


පෝය දා

එන්. නෙතුනි නිමංශා
06 ශ්‍රේණිය,
ශ්‍රී ගුණානන්ද දහම් පාසල
පොල්ගහවෙල

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]