[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උපශාන්ත ගුණයෙන් යුතු ලේල්වල තපස්සි හිමි

උපශාන්ත ගුණයෙන් යුතු ලේල්වල තපස්සි හිමි

කදුරුදූව ශ්‍රී දීපාරාමාධිපති, රත්මලාන පරමධම්මචේතිය මහ පිරිවෙණේ පරිවේණාධිපති, ශාස්ත්‍රපති, ශ්‍රී සද්ධර්ම විභූෂණ ලේල්වල තපස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිරිලක අති සම්භාවනීය ථෙරවාදී භික්ෂු පරපුරේ උදාර ගුණයන් ජීවමානව ප්‍රකට කරන උපශාන්ත ගුණයෙන් යුතු ශික්ෂාකාමී යතිවර නමකි.

දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ ගාලු ගඟබඩ පත්තුවට අයත් ලේල්වල නම් සුන්දර ගම් පියසක් වෙයි. එම ගමෙහි ප්‍රභූ පරපුරකින් පැවතෙන මහින්දරත්න ලේල්වල ගුරුගේ මහෝපාසක මහතාණන් ගේ හා විමලා පී.ගොඩකන්ද මහෝපාසිකා මාතාව ගේ පුත්‍ර රත්නයක් ලෙස වර්ෂ 1972 නොවැම්බර් මස 05 වැනි දින ලේල්වල තපස්සි හිමියෝ ජන්මලාභය ලැබූහ.

වර්ෂ 1988 ජනවාරි මස 01 වැනි දා උතුම් වූ ප්‍රව්‍රජ්‍යා භාවයට පත් තපස්සි හිමිගේ ආචාර්යවරයා වූයේ අතිපූජ්‍ය වැයිහේනේ කස්සප නා හිමි ය.

වර්ෂ 1994 ජුනි මස 03 වැනිදා මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී අධිසීල සංඛ්‍යාත සුපරිසුද්ධෝපසම්පදාව ලැබීය. එහි දී මාබොටුවන පියරතන නාහිමි සහ කළල්ඇල්ලේ සේකර පඬිහිමි ද තපස්සි හිමිගේ ආචාර්යවරු වූහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවත් ලැබූ තපස්සී හිමි 2000 වසරේ සිට පරිවේණාචාර්ය සේවාවට එක් විය.

2019 වසරේ සිට රත්මලාන පරමධම්මචේතිය මහ පිරිවෙණේ පරිවේණාධිපති ලෙස එදා මෙදා තුර සුවිශේෂී අධ්‍යාපන සේවාවක නිරතව සිටියි. තවද වර්ෂ 2015 සිට 2019 දක්වා කළුතර දිස්ත්‍රික් ත්‍රිපිටක ධර්මය ගුරු උපදේශක ලෙස සිදු කළ සේවාව ඇගයිය යුතු වටිනාකමකින් යුක්ත ය.

සුවිශාල ආගමික, සාමාජික, අධ්‍යාපනික හා සංස්කෘතික සේවාවන් රැසකට තපස්සි හිමියෝ නිසි නායකත්වය සපයති. නොවැම්බර් මස 05 වැනි දාට යෙදෙන ජන්ම දිනය නිමිත්තෙන් එදින රාත්‍රී ආශිර්වාද පූජාවක් පැවැති අතර නොවැම්බර් 06 සඟසතු මහා දානමය පින්කමක් සිදු කළහ.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]