[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගෞරව නාමයෙන් පිදුම් ලැබූ මාපලානේ ඤාණධජ නා හිමි

ගෞරව නාමයෙන් පිදුම් ලැබූ මාපලානේ ඤාණධජ නා හිමි

මාතර, කඹුරුපිටිය, මාස්මුල්ල ශ්‍රී විමලානන්ද ආරණ්‍ය සේනාසනාධිපති විශ්‍රාමික පරිවෙණාධිපති, සමස්ත ලංකා සාම විනිසුරු, ශාස්ත්‍රවේදී, පණ්ඩිත, “සිරි සද්ධම්ම පඤ්ඤාධාරවංසාවතංස ශ්‍රී සද්ධර්ම වාශිශ්වර” යන ගෞරව නාමය සහිත මාතර මාපලානේ ඤාණධජ නාහිමියන් පැවිද්දෙන් හැට වසරක් සහ උපසම්පදාවෙන් පනස් වසරක් පිරීම සිදුවේ.

ඤාණධජ සාමණේරයන් වහන්සේ අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත් වන ලද්දේ 1972 ජුනි මස 23 වැනි දින බලපිටිය මාදු ගඟේ ස්වේජිත් නම් උදකුක්ඛේප සීමා මාලකයේ දී ය.

ශාස්ත්‍රවේදී උපාධිය සමත් වීමෙන් පසු 1979 වසරේ දී ගාල්ල දඩල්ල ශ්‍රී විද්‍යාරාජ මහ පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස සේවයට එක් වූ මුන් වහන්සේ පසුව 1987 වසරේ සිට 1993 දක්වා කාල පරාසය තුළ එහි පරිවෙණාධිපති ධූරය හොබවා ඇත.

1997 වර්ෂයේ දී අමරපුර මහා නිකායේ සභාපති හා උත්තරීතර මහා නායක අතිගරු මඩිහේ පඤ්ඤාසීහ මාහිමියන්ගේ සුරතින් “ධර්ම පාණ්ඩිත්‍යය” යන ගෞරවනාමය ලබන ලදී.

උන්වහන්සේගේ ශාසනික හා සමාජීය උදාර මෙහෙවර අගය කිරීමක් ලෙස අමරපුර සද්ධම්ම වංශ මහා නිකාය විසින් “සිරි සද්ධම්ම පඤ්ඤාධාරවංසාවතංස ශ්‍රී සද්ධර්ම වාගිශ්වර” යන ගෞරවනාමය සහිත මාතර දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමා ඇත. පුරා වසර හැටක් පැවිදි දිවියට ද උපසම්පදාවෙන් වසර 50 ක් ද ගත වන අප නාහිමියන්ගේ දිවිමග නිදුක් නීරෝගී සුවය හා චිර ජීවනය ප්‍රාර්ථනා කරන අතර තව දුරටත් බොහෝ කලක් සසුන් කෙත සරු කිරීමට අවැසි ශක්තිය හා දිරිය ලැබේවා’යි ප්‍රාර්ථනා කරන්නෙමු.

බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]