[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ළදරුවෙක් සුරකින්න පුණ්‍ය ව්‍යාපෘතිය පළමු හුස්ම පොදට පණ දෙයි

ළදරුවෙක් සුරකින්න පුණ්‍ය ව්‍යාපෘතිය පළමු හුස්ම පොදට පණ දෙයි

දරුවෙක් කුසහොත් දා පටන් ඒ මවත් පියාත් අසීමිත ආදරයකින් දරුවාට බැඳෙනවා. අසීමිත බලාපොරොත්තු ඇතිකර ගන්නවා. දරුවා වෙනුවෙන් අම්මාගේ රුධිරය කිරට හැරෙනවා.

දස මාසයක් කුස තුළ හොවාගෙන අපමණ වේදනාවක් විඳිමින්, අපමණ කැප කිරීම් කරමිනුයි මේ ලෝකයට දරුවා බිහිකරන්නේ. ඒ අපූර්වතම දවසේ ඒ දරුවාට පළමු හුස්ම තනිවම ගැනීමට බැරිනම්? දරුවාට ඇතිවන පීඩනය මොන තරම් ද? ඒ අම්මගේ තාත්තාගේ අපමණ බලාපොරොත්තුවලට වන්නේ කුමක්ද?

අප රටේ මේ වන විට අලුත උපදින නොමේරූ දරුවන් පළමු හුස්ම ගැනීමට නොහැකිව මිය යන අවස්ථා පවා තිබෙන බව ඔබ දන්නවාද? එසේ මිය යන දරුවන් බේරා ගැනීමට අවශ්‍ය පළමු හුස්ම ලබාදීමේ ඉචමඥ ච ඕචඡර පුණ්‍ය ව්‍යාපෘතියක් සේරුවිල රාජමහා විහාරය මුල්කරගෙන ආරම්භ වුණා. එම ව්‍යාපෘතියට මඟ පෙන්වමින්, අනුශාසනා කරමින් මූලිකත්වය ගනු ලැබුවේ අළුදෙණියේ සුබෝධි හිමියන් විසිනුයි. උන්වහන්සේ ඒ පුණ්‍ය ව්‍යාපෘතිය ගැන අදහස් පළ කළේ මෙලෙසිනුයි.

මෙලොව එළිය දකින මොහොතේ අපි හැමෝම මිනිස් දරුවෝ. සිංහල, දෙමළ, මුස්ලිම් බෙදීමක් ඇති වන්නේ ඉන් අනතුරුවයි. එසේ ඉපදෙන දරුවන් අතර නොමේරූ, විවිධ ආබාධවලට ලක් වූ දරුවන් ද සිටිනවා. එවැනි නොමේරූ ළදරුවන්ට පළමු හුස්ම තනිවම ගැනීමට අපහසුයි. ඒ පළමු හුස්ම දෙන්නටයි අප මෙම පුණ්‍ය ව්‍යාපෘතිය ආරම්භ කළේ. එහිදී සේරුවිල මංගල රාජමහා විහාරයත්, ශ්‍රී ලංකා පරිජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයත්, ඒකාබද්ධව පිහිටුවාගත් ඉචමඥ ච ඕචඡර පුණ්‍ය ව්‍යාපෘතිය මඟින් රුපියල් මිලියන 15 ක් වටිනා ළදරු ස්වසනාධාර උපකරණ 120ක් ජාතික සෞඛ්‍යය පද්ධතියට එක් කිරීමේ වැඩසටහනක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මස 28 වැනි දා සවස සේරුවිල මංගල රාජමහා විහාරයේ දී පැවැත්වූවා.

අළුදෙණියේ සුබෝධි හිමි

විශේෂඥ වෛද්‍ය එල්.පී.සී. සමන් කුමාර මහතා

අලුත උපන්, නොමේරූ දරුවන් දහස් ගණනකගේ ජීවිත සුරක්ෂා කරමින් සමස්ත ශ්‍රී ලංකාවේ ම නොමේරූ දරුවන් දහස් ගණනකගේ ජීවිත රැක ගැනීම උදෙසා ශ්‍රී ලංකාවේ නොමේරූ දරු උපත් සිදුවන ප්‍රසූතාගාර හා ශල්‍යාගාරයන්ට මෙම උපකරණ බෙදා දෙනු ලබනවා. ළදරු ස්වසනාධාර උපකරණ සඳහා වූ ජාතික අවශ්‍යතාව මුළුමණින් ම පූර්ණය කිරීමට මෙම වැඩසටහන තුළින් පුළුවන්කම ලැබුණා.

විශේෂඥ වෛද්‍ය එල්.පී.සී. සමන් කුමාර මහතාගේ මූලිකත්වයෙන් සහ එතුමාගේ ඉල්ලීම පරිදි මෙම ව්‍යාපෘතිය පසුගිය 06 වැනි දා ඇරඹූ අතර, අද වන විට එය සාර්ථකව නිම කර තිබෙනවා.

ලොව පුරා විසිරුණු කාරුණික සිත් ඇති පරිත්‍යාගශීලීන්ගේ උපකාරයෙන් ඉතා කෙටි කලක දී ජාතික අවශ්‍යතාවක් පූර්ණ කිරීම පිණිස වන මෙම ඉලක්කය සපුරා ගන්නට පුළුවන්කම ලැබුණා. ජාතික සෞඛ්‍ය සේවාව වෙනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් විසින් සියලු රෝහල් වෙනුවෙන් මෙම පරිත්‍යාගය භාර ගත්තා. මේ ඔස්සේ දිවයින පුරා සියලු දිස්ත්‍රික්කයන්හි පිහිටි අඩු වයස්, නොමේරූ දරු උපත් සිදුවන සියලු රෝහල් ආවරණය වන අතර වාර්ෂිකව අකලට මියයන දහසකට අධික දරු පිරිසකගේ ජීවිත මෙයින් සුරැකෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

මෙම පුණ්‍ය ව්‍යාපෘතිය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා මෙසේ අදහස් පළකළා. ශ්‍රී ලංකාව දුප්පත් රටක් වුවත් අපගේ නිදහස් සෞඛ්‍ය පද්ධතිය ඉතා ඉහළ තත්ත්වයක පවතිනවා. අද වන විට බොහෝ රටවල්වල පළමු හුස්ම නැතිව දරුවන් බොහෝ දෙනෙක් මියයනවා. නමුත් අප රටේ එසේ මිය යන ප්‍රමාණය සාමාන්‍ය මට්ටමක අපි පවත්වාගෙන යන්නේ. ඒත් අපි හිතනවා ඊටත් වඩා මිය යන ළදරුවන් සංඛ්‍යාව අඩු කර ගන්නට. ඊට අද දවසේ මෙම උපකරණ පරිත්‍යාගය අපට බොහෝ සේ උපකාරී වෙනවා.

මවු කුසකට සති 37 සම්පූර්ණ වූ විටයි දරුවෙක් මෙලොව එළිය දකින්නේ. එහෙත් අවාසනාවවන්ත ලෙස සති 23 ක් හෝ ඊට අඩු, වැඩි කාලවලදීත් දරුවන් උපදිනවා. සති 28 ඉපදෙන දරුවන් අප රටේ මේ වන විට 25% පමණ මිය යනවා. නමුත් සති 28 ඉපදෙන කිසිදු දරුවකු මිය යා යුතු නැති බවයි අප සිතන්නේ. නොමේරූ දරුවන් ලෙස ඉපදෙන නිසයි ඔවුන් මෙලොව හැර යන්නේ. බොහෝ විට ළදරුවන් මිය යන්නේ විෂබීජ සහ අධික සීතල නිසයි. මේ දරුවන් බේරා ගැනීමට ඔවුන්ගේ උෂ්ණත්වය ආරක්ෂා කරගත යුතු වුවත් ඒ අවශ්‍ය උපකරණ අපට නැති නිසා දරුවන් වැඩි ප්‍රමාණයක් මෙලොවට බිහි වෙලා, පළමු හුස්ම ගත නොහැකිව මිය යනවා.

එසේ උපදින ළදරුවාගේ පෙනහළු ඉතා දුර්වලයි. ඔවුන්ට ඉක්මණින් කෘත්‍රිම ස්වසනය අවශ්‍ය වෙනවා. අවාසනාවකට අප තවම භාවිත කරන්නේ පනස් ගණන්වල දරුවන්ට කෘත්‍රිම ස්වසන දුන් ආකාරයයි. එහි කිසිම පීඩනය පාලනය කිරීමක් නැහැ.

අපගේ මතු පරපුර ආරක්ෂා කර ගැනීම උදෙසා අප සේරුවාවිල රාජමහා විහාරය මුල් කරගෙන මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තීරණය කළේ. අද එය සාර්ථක වී තිබෙනවා. එයට දායක වූ හැමටම මම පින් දෙනවා. මෙම පුණ්‍ය කර්මය තුළින් නොමේරූ ළදරුවන්ගේ ජීවිත ආරක්ෂා වෙනවා. මතු පරපුර ආරක්ෂා කර ගැනීම අද දවසේ අපගේ කාර්යභාරයක් ලෙසයි මම දකින්නේ.

මම පින් කටයුත්ත සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල මහත්වරු ඇතුළු බොහෝ පිරිසක් එක් වූහ.

බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]