[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සාමයේ පණිවිඩය ලෝකයට තිළිණ කරන මුගුණුවෙල අනුරුද්ධ නා හිමියෝ

සාමයේ පණිවිඩය ලෝකයට තිළිණ කරන මුගුණුවෙල අනුරුද්ධ නා හිමියෝ


මුගුණුවෙල අනුරුද්ධ නා හිමියන්ට ස්ටොක්හෝම්හි දී ලෝක සාම පදනමෙන් සාම තිළිණය ප්‍රදානය කළ අවස්ථාව

ලෝක සාමය පිණිස කටයුතු කිරීමට සිය දිවියේ වැඩි බරක් උසුලන ගිහි පැවිදි උතුමන් ලොව පුරාම සිටිනවා. එවන් උත්තුංග ගති පැවතුමෙන් හෙබි මෙරටට පමණක් නොව ලොව පුරාම නිහඬ සේවාවක් සිදු කරන භික්ෂූන් වහන්සේ නමක් ගැන යම් හෝ වදන් පෙළක් ගෙන හැර නොදැක්වුවහොත් එය අපගේ වගකීම පැහැර හැරීමක් වනවා.

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහ ලේකම් මුගුණුවෙල අනුරුද්ධ නා හිමියන් මෙරට පළමු හා එකම මියන්මාර් සම්ප්‍රදායයේ චෛත්‍යය රාජයාණන් වහන්සේගේ නිර්මාතෘවරයාණන් වහන්සේ වනවා. මාතලේ උකුවෙල පන්සල්තැන්නේ පිහිටි අනුරුධ අරණේ පිහිටි ස්වේදගොන් දාගැබේ අනුරුවක් ලෙසින් ඉදිකළ එම දාගැබ මෙරට ඇති එකම මියන්මාර් සම්ප්‍රදායයේ දාගැබ වනවා.

එහි අධිපති ධූරය දරන අනුරුද්ධ හිමියන් තිස් වසරක් පුරා මෙරට පැවති ත්‍රස්තවාදී යුද්ධයෙන් අවතැන් වූ දෙමළ ජාතික දරු දැරියන්ට පාසල් යාමට පාපැදි සැපයීමට මූලිකත්වය ගත්තා. එමපණක් නොව යුද්ධයෙන් හානියට පත් බොහෝ දේ වෙනුවෙන් උන්වහන්සේ උපකාර කළේ කිසිදු ප්‍රසිද්ධියක් බලාපොරොත්තුවෙන් නම් නොවේ. එවකට කිළිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපතිවරයා සමඟ සුහදශීලීව පළාතේ සිටින අසරණ දූ දරුවන්, ගැමියන් සොයා උන්වහන්සේ එසේ කටයුතු කළේ ජාතික සමගියේ වටිනාකම දන්නා නිසා ය.

එයින් නො නැවතුණු උන්වහන්සේ සමස්ත සාමය වෙනුවෙන් ඇති කළ යුතු ප්‍රතිසංස්කරණ ගැන පවා නිරතුරුව ම අදහස් දැක්වූවා. එහිදී සියලු ජාතීන් එක්ව, සාමයෙන් සහෝදරත්වයෙන් කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා. ඒ හඬ උන්වහන්සේ අවදි කෙළේ මෙරට දී පමණක් නොවේ. විදෙස් රටවලදී පවා උන්වහන්සේ ඒ හඬ අවදි කෙළේ වරක් දෙවරක් ද නොවේ.

එසේ කටයුතු කළ උන්වහන්සේගේ මේ සාමයේ හඬ ලොව පුරා පැතිර ගියා. ඒ නිසාම පසුගිය දා ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයට පැමිණෙන ලෙස උන්වහන්සේට ආරාධනා ලැබුණා. එහිදී උන්වහන්සේට ලෝක සාමය වෙනුවෙන් කටයුතු කිරීම ගැන ඇගැයුමක් ලැබුණා. ඒ ලෝක සාම පදනමෙන්. එය ගෞරවනීයව භාර ගැනීමට උන්වහන්සේ කටයුතු කළා.


2022 වසරේ ලෝක සාමයට කැප වූවන් සියලු දෙනා සාම තිළිණ සමගින්

උන්වහන්සේ මේ වන විට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි ධුරය දරනවා. එම තනතුරට උන්වහන්සේ පත් වූයේ නිතරගයෙන් වීම කැපී පෙනෙන අතර, උන්වහන්සේ එම තනතුරට පත් වූ දා සිටම සිදු කරන්නේ මෙරට සියලු ශාසනාරක්ෂක මණ්ඩල කරා වැඩම කර ශාසනාරක්ෂක මණ්ඩල වෙත උන්වහන්සේට හැකි පරිදි භාණ්ඩවලින් සහාය දීමයි. එමෙන්ම සිසු සරණ නමින් සිවුපස ආධාර ලබා දීමේ වැඩ සටහනක් ද උන්වහන්සේ විසින් ආරම්භ කර තිබෙනවා. ලෝක තරුණ බෞද්ධ සංඝ සභාව ආරම්භ කර ලොව පුරා බෞද්ධාගම වෙනුවෙන් උන්වහන්සේ විසින් සිදු කරන්නා වු සේවාව ද සුළු පටු නොවේ. දිගින් දිගටම සාමයටත්, බුදු දහමේ දියුණුවටත් අනුරුද්ධ හිමියන් සලසන්නා වූ මේ සේවාව ලෝකයේ බොහෝ දෙනකුට ආදර්ශයක් වනවා

බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]