[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගෞරව නාමයෙන් පිදුම් ලැබූ මාපලානේ ඤාණධජ නා හිමි

සුපේෂල ශික්ෂාකාමී ගුණයෙන් පිරි කපුහේන්තුඩුවේ ඤාණසීහ නා හිමි

සසුන් කෙතට ඉමහත් සේවාවක් සිදුකරන සුපේශල ශික්ෂාකාමී ගුණ ගරුක හිමි නමකි. කපුහේන්තුඩුවේ ඤාණසීහ ස්වාමීන් වහන්සේ.

හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාපීඨයට ඇතුළත්ව දක්ෂ අන්දමින් අධ්‍යාපනය හදාරා 1977 වසරේ ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරිමංගල උපෝසථාගාරයේ දී 1974 ජූනි 16 දින අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

1981 දී අධ්‍යාපනවේදී (විශේෂ) උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් දිනාගෙන කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙන් විද්‍යායතනයේ ආචාර්යවරයෙක් වශයෙන් සේවය කළහ. අනතුරුව 1984 වසරේ පුත්තලම ආනන්ද මහා විද්‍යාලයට ගුරු පත්වීමක් ලද ඤාණසීහ හිමියෝ ඉගැන්වීමේ කටයුතුවලට අමතරව බෞද්ධ ප්‍රබෝධය උදෙසා ඉමහත් සේවාවක් කළහ. කල්පිටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ලෙස ද අමරණීය සේවයක් උන්වහන්සේ සිදු කළහ. 1988 වසරේ වෙන්නප්පුව ලුණුවිල අනුරුද්ධ මධ්‍ය මහා විද්‍යාලයට සේවය සඳහා වැඩම කළ අප හාමුදුරුවෝ ඉගැන්වීම් කටයුතුවලට අමතරව ප්‍රදේශයේ බෞද්ධ ප්‍රබෝධය වෙනුවෙන් ක්‍රියා කළ අතර එතෙක් විදුහලට මහත් පාඩුවක් ව පැවති බුදු පිළිම වහන්සේ නමක් වැඩමවා බොදු සිසු සිසුවියන්ට වැඳුම් පිදුම් කිරීමට සැලැස්වූහ.

බෙම්මුල්ල, විගොඩ ශ්‍රී ධර්මරාජ විහාරය ස්වකීය පෞද්ගලික මුදලින් ගොඩනඟාගෙන අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළ අතර, ධර්මරාජ දහම් පාසල ද ආරම්භ කළහ. ජාතික, ආගමික සේවාවන්හි නිරත වෙමින් කපුහේන්තුඩුවේ ඤාණසීහ හිමියන් පූර්ණ විශ්‍රාම සුවයෙන් වැඩ වෙසෙති. උන්වහන්සේට සෙත්පතා රුවන්වැල්ල කොටළුගොඩකන්ද ශ්‍රී සෛලතලාරාමයේ දී පින්කම් රැසක් පැවැත්වේ.

බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]