[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසුන්කෙත ඒකාලෝක කරන බෝපිටියේ ධම්මිස්සර නාහිමි

සසුන්කෙත ඒකාලෝක කරන බෝපිටියේ ධම්මිස්සර නාහිමි

වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරය, වාද්දුව ශ්‍රී සමුද්‍රාරාම සිරිමහ මිහිදු පිරිවෙන, රද්දේගොඩ සුධර්මාරාම, විහාරත්‍රයාධිපති විශ්‍රාම ලත් විදුහල්පති මහා විහාරවංශික ස්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ කලුතර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක බෝපිටියේ ධම්මිස්සර නාහිමිපාණන් වහන්සේගේ උදාර ලෝක ශාසනික සේවය අගයමින් නාහිමි අභිනන්නදය කරමි.

පස්යොදුන් කෝරලේ ඉද්දගොඩ පත්තුවේ බෝපිටිය ග්‍රාමයේ 1947 බිනර මස 07 දින ජන්ම ලාභය ලැබිණි. බෝපිටිය විද්‍යාලයේ 5 ශ්‍රේණියේ දී ම මහණකම පිළිබඳ සිත් ඇති පුංචි කුල කුමරුවා තම ආදරණීය පියාණන් වූ කරවිට විදානලාගේ දොන් සුදේරිස් අප්පුහාමි හා තම මෑණියන් වූ කහවිදානලාගේ දොන් රොසලින් නෝනා මෑණියන් හා පියාගේ අවසරය ඇතිව පැවිදි දිවියට ඇවැසි බණ දහම් හදාරා 1961 වෙසක් මස 29 වන පුන් පෝ දින බෝපිටියේ ධම්මිස්සර හිමි නමින් වාද්දුව දෙගම්බද මහ විහාරය, වාද්දුව ශ්‍රී සමුද්‍රාරාමය උභය විහාරාධිපති පූජ්‍යපාද මොල්ලිගොඩ ධම්මරක්ඛිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි විය.

කුඩා භික්ෂුව වුව ද බුදු සසුනේ පැවිදිව ශාසන චරියාවේ යෙදෙන්නේ ද වළාකුලකින් පිබිදුණ සඳ මෙන් ලෝකය තුළ ආලෝකයෙන් බබළන්නේ යන බුදු වදන අනුව යමින් අප ස්වාමීන් වහන්සේ නාරවිල අභයරාජ පිරිවන, පානදුර පිංවත්ත සද්ධර්මාකර පිරිවන, දියතලාව සද්ධර්මෝදය පිරිවන ආදී මහා පිරිවෙන්හි මූලික අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය පිණිස නිට්ටඹුව ගුරු අභ්‍යාස විද්‍යාලය හෙවත් ශාරිපුත්‍ර අධ්‍යාපන විද්‍යාපීඨයෙන් අධ්‍යාපනය ලබා 1983 පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය වූ ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගන්නා ලදී. ඉන් අනතුරුව ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්හ.

අපමහා ස්වාමින් වහන්සේ ප්‍රභාවත් සංඝ පීතෘන් වහන්සේ නමකි. උන්වහන්සේ ගුරුවරයකු ලෙසත්, විදුහල්පතිවරයකු ලෙසත් සුවිශේෂී රාජකාරියක් ඉටු කළහ.

බණ්ඩාරවෙල නමුණුකුල විද්‍යාලය, බණ්ඩාරවෙල දෝව විද්‍යාලය, බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලය ආදී විද්‍යාලවල ගුරු සේවයේ නිරත වෙමින් ඉතා දුෂ්කර වූ ද, ඉතා අනර්ඝ සේවාවක් ඉටුකරලීය. 1984 වර්ෂයේ උන්වහන්සේ විදුහල්පති ධූරයට උසස් කෙරිණි.

වාද්දුව පිරිමි විද්‍යාලය මිශ්‍ර පාසලක් කර අනගාරික ධර්මපාල මහතා සිහිවීම පිණිස ධර්මපාල විද්‍යාලය නමින් නම් කෙරිණි. ඉතාමත් සෙනෙහෙබර ගුරුහිමි නමක් ලෙස පැවිදි ශිෂ්‍යයන් විශාල

පිරිසක් සම්බුදු සසුනට දායාද කෙරිණි. එසේම වාද්දුව සමුද්‍රාරාම මහා විහාරය සිරිමහ මිහිදු පිරිවන නමින් නම්කර ශිෂ්‍යන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් අදත් ඉටුකරති.

උන්වහන්සේ තමාගෙන් අධ්‍යාපනය ලද ගෝලබාලයන් පිළිබඳ නොමද සතුටක් ලබති. දහම් අධ්‍යාපනය පමණක් නොව යහපත් ගුණගරුක පුරවැසියන් රටට දායාද කරන්නට උන්වහන්සේ මහා වෑයමක් දරයි. අද ලොවපුරා රටවල් ගණනාවක ධර්ම දූත සේවාවක් ඉටුකරන්නට පිරිවෙනාධිපතිවරු, පිරිවෙන් ආචාර්යවරු උන්වහන්සේ තිළිණ කර ඇත. වාද්දුව ධර්ම විජය පදනම නිර්මාණය කර එහි සභාපති ලෙසත් මෙහෙවරක් ඉටුකරති. වාද්දුව ප්‍රදේශයට හඬක් නැති මොහොතේ යුගපුරුෂයකු ලෙස වාද්දුව මහ පෙරහර ආරම්භ කර අදත් බුද්ධාලම්භන ප්‍රීතිය ජනී ජනයා වෙත දායාද කොට තිබේ.

වියත් වූ, විශාරද වූ, බහුශ්‍රැත වූ, ධර්මධර වූ, සංඝ ශෝභන ගුණයෙන් යුක්ත පරහිතකාමී බෝපිටියේ ධම්මිස්සර නාහිමිපාණන් දිවා රෑ දෙකේ අන්‍ය සුවසෙත වෙනුවෙන් දිවි කැප කරති. ලොකයේ රටවල් අතර ධර්මප්‍රචාරය කළ ලක් දෙරණේ අභිමානය වෙනුවෙන් සමාජ ආගමික සංස්කෘතික දේශපාලනික වශයෙන් සිදු කරනු ලබන ශාසනික මෙහෙවර කෙසේ කිවහැකි ද? මිනිස් සමාජය තුළ විරල වූ අයෝමය යුගපුරුෂයකු සිය දිවියේ 75 වන වියට පා තබන මේ පුණ්‍යවන්ත වූ 7 වැනි දින බෝපිටියේ ධම්මිස්සර නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී නාමයට උපහාරයක් වේවා.

බිනර පුර පසළොස්වක පෝය

 සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ.
10 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 10

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 17

Full Moonඅමාවක

සැප්තැම්බර් 25

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]