[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු දහමින් සුපෝෂිත පින් බිමක ශ්‍රී විභූතිය

සම්බුදු දහමින් සුපෝෂිත පින් බිමක ශ්‍රී විභූතිය

මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනයෙන් පසු මෙරට ඉතිහාසයේ නව සමාජ පරිවර්තනයක් උදාවිය. ඒ ආගමික, අධ්‍යාපනික, කෘෂිකාර්මික. කාර්මික, සාමාජික සහ දේශපාලනික වශයෙනි.

ගස්ගල්, ඉර, හඳ, තාරකා, ගින්න, සුළඟ, අකුණු....ආදී ස්වභාව ධර්මයේ වස්තූන් ඇදහීම ලක්වැසි ජනතාව කාලාන්තරයක් තිස්සේ කරගෙන ආ ආගමික පුද පූජාවෝ ය. ඊට පසුකාලීනව යක්ෂ, නාග වැනි සත්ව වර්ගයා ද, අමනුෂ්‍යයින්ට ද වන්දනාමාන කළහ.

මිහිඳු මාහිමියන් මෙය අලලා පේතවත්ථු හා විමානවත්ථූ වශයෙන් දෙවියන්, යක්ෂයින් පිළිබඳ විස්තර කථා දෙසනුයේ උපත ලද ආත්මවල කුසලාකුසල තත්ත්වය හේතු කොටගෙන මරණින් මතු උපත ලබන ආත්ම පිළිබඳ විස්තරයයි. බෞද්ධයා උපතේ සිට මරණය දක්වා ජීවිතයේ වැදගත් යැයි සම්මත සෑම අවස්ථාවක ම ත්‍රිවිධ රත්නයේ පිහිටාධාර බලාපොරොත්තු වූහ.

ආදී දෙවියන්ගේ පිහිටාධාර බලාපොරොත්තුවෙන තැන එසේ පිහිට භය සැක සංකා දුරු කර ගැනීමට පිහිට ඉල්ලිය යුතු බව හින්දු දහමේ අදහසකි.

මිනිසුන්ට ඇතිවෙන මේ වූ බිය නිසැක සංකා, ලොමුඩැහැ ගැනීම් බුද්ධ රත්නය පිළිබඳව ද, ධර්ම රත්නය පිළිබඳව ද සංඝරත්නය පිළිබඳව ද සිතා සරණ ගොස් දුරුකර ගත හැකි ය. ඒ අනුව බුද්ධ වන්දනා, පිරිත් දේශනා, ධර්ම දේශනා, බෝධි පූජා චේතිය සිදුකර ගැනීමට එකසේ වැදගත්වන බව පෙන්වා දෙයි. තව ද කඨින චීවර පූජා, අටපිරිකර පූජා......ආදී පූජාවෝ ද ඉතා වැදගත් ම මහාබල සම්මන්න පූජා පින්කම් අටෙකි. ඒවා අට මහ කුසල් යනුවෙන් නම් කෙරෙති.

වැව, දාගැබ, ගම, පාසල, කෙත්යාය යන පංච බලවේගය මහින්දාගමනයත් සමඟ මෙරට ඇති වූ වැදගත්ම සංකල්පයයි. මුළු මහත් සමාජය ම මේ හා බැඳී ක්‍රියා කිරීම අද ද දක්නට ලැබේ.

අනුරාධපුර යුගය මෙන් ම පොළොන්නරු යුගවල කළ වාරිකර්මාන්ත, වැව් අමුණු මහා සාගරය පරයා යන පරිදි ඉදිකළ බව පෙන්වාදිය යුතු ය. මහා පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය රටට ඉතා අගනා ප්‍රෞඪත්වයක් එකතු කරන්නකි.

මිහිඳු මාහිමියන්ගේ ඇරයුමකට අනුව මෙරටට වැඩම කරෙන සිය සොහොයුරිය වූ සංඝමිත්තා තෙරණිය සමඟ ගොවි කටයුතුවලට දක්ෂ ශිල්පින් ද පැමිණි බව සඳහන් වේ. ඔවුහු රැගෙන ආ විවිධ ධාන්‍ය වර්ග පිළිබඳව ඉතිහාසගත තොරතුරු සඳහන් වේ.

අධ්‍යාපනය ද මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙස දැක්විය හැකි වෙන්නේ මිහිඳු මාහිමියන් රැගෙන ආ බුදුදහම සූත්‍ර, විනය, අභිධර්ම වශයෙන් ත්‍රිපිටකාගත ව පැවති හෙයිනි. ඒ වූ ධර්ම කොටස් කියාදීමේ දී විශේෂයෙන් ම ඉගැන්වීම කළ යුතු වූ බැවිනි. මෙකල මිහිඳු මාහිමියන්ගේ නියමයෙන් මහා විහාරය ඉදිවූ අතර, එහි ධර්ම විනය කොටස් භික්ෂු අධ්‍යාපනය හැටියට ලබා දී තිබුණි. ඒ අනුව ශාසනයට ඇතුළු වූ භික්ෂූන්ට දහම් අධ්‍යාපනය අවශ්‍යයම වූවෙකි.

මහාවංශය, චූලවංශය, දීපවංශය වැනි ලංකාද්වීපය පිළිබඳ සිදුවූ ප්‍රවෘත්ති පිළිබඳ විස්තර ද, කව්සිළුමිණ, සියබස්ලකර ,අමාවතුර, බුත්සරණ, ජාතක පොත් වහන්සේ සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, සද්ධර්මරත්නාකරය, භෙසජ්ජමංජුසා, බෝධිවංශය, ථූපවංශය, සිදත් සඟරාව, වැනි මහත්වූ ග්‍රන්ථ රැසක් ගිහි – පැවිදි පඬුවන් විසින් රචනා කළහ. මිහිඳු මාහිමියන් මෙ ලක්දිවට රැගෙන ආ ත්‍රිපිටක ධර්මය මුඛ පරම්පරාගතව පැවැතියත්, වළගම්බා රජ දවස මාතලේ අලුගල්ලෙන් විහාරයේ දී සංඝායනා කොට සිංහල භාෂාවෙන් හෙළ අටුවා ලෙස ලියා තබන ලදී. පසුව හළටුවා බුදුගොස් මාහිමිපාණෝ හෙළ අටුවා පාලි භාෂාවට පරිවර්තනය කළහ.

පිරිවෙන් අධ්‍යාපනයට මූලික අඩිතාලම දමන ලද්දේ මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිදුවූ පොසොන් සමය තුළ ය.

මිහිඳු ආගමනයත් සමඟ මෙරට ඇති වූ තවත් වැදගත් අංශයක් වනුයේ කලාත්මක පැත්තයි. මෙරට තුළ ගෘහ නිර්මාණ ශිල්පයත්, ඊට සම්බන්ධ චිත්‍ර, මූර්ති, කැටයම්, ලියකම්, මල්කම් ද, පෙරහර , තොරණ, නාට්‍ය දියුණූු තත්ත්වයක පවතියි. ගෘහ නිර්මාණය පළමුව මිහිඳු හිමියන්ගේ උපදෙස් මත ඉදි වූ බව කියැවෙන්නේ කාලප්‍රාසාදය පිළිබඳ ව ය. පසුව මහා විහාරය ද විහාරාරාම ද තවත් ඉදිවිය.

ඒ අතරම විහාර (ප්‍රතිමා ගෙය) චේතිය (දාගැබ්) හා චේතියඝර බෝධිඝර වැනි ගෘහයන් ද ත්‍රිවිධ චෛත්‍ය වන්දනා මාන කිරීමේ දී අව්, වැසි සුළංවලින් බේරීමට මෙන්ම, විහාරාරාමවල ආරක්ෂාවට ද ඉදිකළ බව පෙනේ.

එකී ගෘහ අලංකරණය සඳහා ලියවැල්, පලා පෙති, සඳකඩපහණ, කොරවක්ගල, වාමන රූප, මුරගල, පියගැට පෙළ, ලී ස්තර කැටයම් කර නිර්මාණ වශයෙන් අද ද නටබුන් අතරින් දැකගත හැකි ය.

එසේම රට පුරා දොළොස් මහා පොහොය දිනයන් පදනම් කරගෙන බෞද්ධ සංස්කෘතික මහා මංගල්‍යයන් ලෙස පෙරහර , වෙසක් පොසොන් තොරණ, පහන්කූඩු ආදිය ද නිර්මාණය කෙරෙනුයේ එදා මිහිඳු සංස්කෘතිය මෙරට බිහිකළ බෞද්ධ කලා කෞශල්‍ය ලොවට මොනවට ප්‍රකට කරමිනි.

කැලණියේ දුරුතු පෙරහර, මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ ඇසළ මහා පෙරහර, ප්‍රමුඛව කතරගම, මහියංගනය, රත්නපුර, දෙවුන්දර, අළුත්නුවර, නවගමුව, හලාවත, මූලික කරගෙන බුදුරජාණන් වහන්සේට සහ දෙවි දේවතාවුන්ට කරන ලද පුද පූජා හා වතාවත් හැටියට පෙරහර චාරිත්‍ර සිදුකරති.

පොසොන්
පුර පසළොස්වක

 ජුනි 13 සඳුදා අපරභාග 09.02 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා අපරභාග 05.22 ගෙවේ.
14 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]