ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ වෙසක් පුර අටවක 2022 මැයි 08 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ඩී.එස් ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරයට ගල්ටැම්වත්තේ පුඤ්ඤානන්ද හිමි පත්කොට ඇත.
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව මඟින් එම ධූරය පුඤ්ඤානන්ද හිමිට පිරිනමා ඇත.
1975 මාර්තු මස 04 වැනි දින බඩල්කුඹුර කඳුකර කෝරලයේ ගල්ටැම්වත්ත ගම්මානයේ දී උපත ලබා ඇති උන්වහන්සේ දොළොස් වෙනි වියේදී එවකට ඓතිහාසික යුදඟනාව රාජමහා විහාරය සහ දෙමටමල් විහාරය යන විහාරස්ථානවල විහාරාධිපති හිමි ලෙස කටයුතු කළ අපවත් වී වදාළ ගල්ටැම්වත්තේ චන්ද්‍රජෝති නාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි දිවියට එළඹ ඇත.
උන්වහන්සේ දැනට ඔක්කම්පිටිය දෙමටමල් විහාරයේ විහාරාධිපති හිමි ලෙස වැඩවාසය කරති.
නිට්ටඹුව සාරිපුත්ත විද්‍යා පීඨයේ ඩිප්ලෝමාධාරියකු වන උන්වහන්සේ මොනරාගල ජාතික පාසලේ ගුරුවරයකු ලෙස දීර්ඝ කාලයක් සේවය කර දැනට ඔක්කම්පිටිය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස කටයුතු කරති. ප්‍රදේශයේ ආගමික,සමාජයීය සහ ආර්ථික කටයුතු නංවාලීම සඳහා විශාල සේවයක් ඉටුකරන උන්වහන්සේ දක්ෂ ධර්ම කථිකයකු ලෙස ද ප්‍රකට හිමි නමකි.
මැයි 08 ඉරිදා අපරභාග 04.58 පුර අටවක ලබා 09 සඳුදා අපර භාග 06.30 ගෙවේ. 08 ඉරිදා සිල්.
පුර අටවක
මැයි 08
පසළොස්වක
මැයි 15
අව අටවක
මැයි 22
අමාවක
මැයි 29
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]