[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කුට්ටිකන්ද ශ්‍රී නිකේතනාරාමය චෛත්‍ය රාජයාණන් වහන්සේ සැදැහැවතුන්ගේ වන්දනාමානයට

කුට්ටිකන්ද ශ්‍රී නිකේතනාරාමය චෛත්‍ය රාජයාණන් වහන්සේ සැදැහැවතුන්ගේ වන්දනාමානයට

“රත්නපුර - පානදුර” මාර්ගයේ ඇල්ල පත්තිනි දෙවොල බැතිමතුන්ගේ වන්දනාමානයට ලක්වන පින්බිමකි. ඉන් ඔබ්බට වන්නට ගලාබසින දියපහර තරණය කිරීමට තැනූ ලෑලි පාලමකි. එයින් එගොඩ වී දුම්බරට යන මාර්ගයේ උමං ගෙදර පසු කළ විට කුට්ටිකන්ද ගම්මානය හමුවේ.

මෙම භූමිය නැඳුන්ගමු විහාර රක්ෂිතය සතු ය. පෙරදා පැවති මහා වනයක තොරතුරු සපයන ගහ කොළවලින් සමන්විත ය. මෙම භූමිය ජල පෝෂිතයකි.

මඟ තොරතුරු පසුකිරීමෙන්, රමණීය “කුට්ටිකන්ද ශ්‍රී නිකේතනාරාම” විහාරය දිස්වේ. භූමි බෑවුමේ “හෙල්මලු” තුනකින් සමන්විත වන පරිදි ඉදිකිරීම් කර තිබේ.

දිගු කාලයක සිට සිරි නිකේතනාරාම චෛත්‍ය වහන්සේ ඉදිකර ගැනීමට නොහැකිව තිබුණි. මෙම අඩුපාඩුව සපුරා ගැනීමට ශ්‍රී නිකේතනාරාමාධිකාරී විචිත්‍රභාණී කාව්‍ය ධර්ම දේශක රාජකීය පණ්ඩිත පිලවල ලංකානන්ද හිමි” බොහෝ වෙහෙස මහන්සි වූහ. අරමුණ සපල කර ගැනීමට ගල්ඒදඬුගොඩ පුෂ්පා අමරසිංහ මහත්මිය මැදිහත්වීමෙන් හොරණ, පොකුණුවිට, වැලිගම්පියේ පදිංචි සාමවිනිනුරු ඩී.ඇල්. අමරසිංහ මහතාගේ හා සමන්ති සුගතදාස මහත්මියගේ නොමඳ දායකත්වය ලැබුණි. මේ සත්කාරය පිටුපස තවත් පිරිසක් සිටින බව ද ඔවුහු පවසති.

චෛත්‍ය රාජයාණන්ගේ පාදම අඩි 31 එකකින් හා උස අඩි 21 න් යුත් චෛත්‍යයෙහි ගර්භය අඩි 28 කි.

මේ මහා පින්කම කොලමැදිරිය පුරාණ රාජ මහා විහාරය, අඹගස්වැව අම්බරුක්ඛාරාමය, කැටපොල ශ්‍රී අභිනවාරාමය, දුම්බර ශ්‍රී ආනන්දාරාමය, කුට්ටිකන්ද ශ්‍රී නිකේතනාරාමය යන පඤ්චමහා විහාරාධීශ්වර යටිපව්වේ ධම්මකිත්ති මහා නායක හිමියන්ගේ මඟ පෙන්වීම මත රාජකීය පණ්ඩිත පිලවල ලංකානන්ද හිමිගේ අනුශාසකත්වයෙන් සිදු කෙරිණි. වසර කීපයක උත්සාහයකින් පසුව පසුගිය දා සැදැහැවතුන්ගේ වන්දනාමානයට මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ බෞද්ධ උත්සවශ්‍රීයෙන් පැවරිණි.

මෙම ඉදිකිරීමෙන් දහම් පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට අධ්‍යාපනික දිරිගැන්වීමක් වූ බව පවසති. පෝයට සිල්සමාදන් වන සැදැහැවතුන්ට අප්‍රමාණ ආගමික පිටිවහලක් වී ඇත.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 16 සෙනසුරාදා පූර්වභාග 02.25 පුර පසළොස්වක ලබා 17 ඉරිදා පූර්වභාග 00.24 ගෙවේ.
16 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]