[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

කල්පයකටත් වැඩි කාලයක් දීර්ඝායුෂ විඳින්නට කැමැති ද ?

චත්තාරො මෙ භික්‍ඛවෙ ඉද්ධිපාදා භාවිතා බහුලීකතා අපාරා පාරං ගමනාය සංවත්තන්තීති. කතමෙ චත්තාරො, ජන්දඉද්ධිපාදං භාවෙති. චිත්තඉද්ධිපාදං භාවෙති. විරියඉද්ධිපාදං භාවෙති වීමංසාඉද්ධිපාදං භාවෙතීති. අද මා මාතෘකා කළ දේශනාවේ මූලාශ්‍රය සංයුත්ත නිකායේ ඉද්ධිපාද සංයුත්තයේ අපාර සූත්‍රයයි. අපාර කියන පාලි වචනයේ සිංහල තේරුම මෙතෙර කියන එකයි. සංසාරයෙත් මෙතෙරක් පරතෙරක් නැති නිසා සංසාරයටත් අපාර කියලා කියනවා. සංසාරය නැමැති මෙතෙරින් එතෙරට යාමට අවශ්‍ය ධර්ම කරුණු ඇතුළත් නිසයි මේ සූත්‍රය අපාර සූත්‍රය කියලා නම් කළේ. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී භික්‍ෂූන් වහන්සේලාටයි මේ අපාර සූත්‍රය දේශනා කළේ. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ සතර සෘද්ධිපාද වඩනව නම්, බහුල ලෙස පුරුදු පුහුණු කරනව නම් සංසාරයේ මෙතෙරින් එතෙරට යන්න පුළුවන් වෙනවා. ඒ සඳහා “ ජන්දඉද්ධිපාදං භාවෙති” ජන්ද ඉද්ධිපාදය වැඩිය යුතුයි. “චිත්තඉද්ධිපාදං භාවෙති” චිත්ත සෘද්ධිපාදය වැඩිය යුතුයි. “විරියඉද්ධිපාදං භාවෙති” වීර්ය ඉද්ධිපාදය වැඩිය යුතුයි. “වීමංසාඉද්ධිපාදං භාවෙති” වීමංසා ඉද්ධිපාදය වැඩිය යුතුයි. “ඉද්ධි” කියන පාලි වචනයේ තේරුම විශේෂ සුවිශේෂ හැකියාව කියන එකයි. ඊට අමතරව සමෘද්ධිය, අභිවෘද්ධිය දියුණුව වගේ තේරුම් ද දෙන්න පුළුවන්. අහසේ ගමන් කිරීම, ජලයේ ගමන් කිරීම, පොළවේ කිමිදීම, එක් අයෙක් ගොඩක් අය කිරීම, ගොඩක් අය එක් අයෙක් කිරීම සෘද්ධිමතුන්ට කරන්න පුළුවන් විශේෂ හැකියා. මේ දේවල් සාමාන්‍ය කෙනකුට කරන්න බැහැ.


බක් පුර පසළොස්වක

අප්‍රේල් 16 සෙනසුරාදා පූර්වභාග 02.25 පුර පසළොස්වක ලබා 17 ඉරිදා පූර්වභාග 00.24 ගෙවේ.
16 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]