[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අගමැතිතුමා නාගදීප පූජා භූමි සන්නස් පත්‍රය පූජා කළ අවස්ථාව

නාගදීප පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙර

බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය සිදු වූ නාගදීපය බෞද්ධයන්ගේ වන්දනාවෙන් ඈත්ව වසර 30කට ආසන්න කාලයක් තිබුණි. ඒ උතුරේ පැවැති ත්‍රස්තවාදී යුද්ධය නිසා ය. යුද්ධය අවසන් වීමෙන් පසුව වුව ද නාගදීපයේ සංවර්ධන කටයුතු ගැන වැඩි අවධානයක් යොමු වූ බවක් නොපෙනුණි. එහෙත් විහාරාධිපති නවදගල පදුමකිත්ති නා හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසා පසුගිය වසරේ රාජ්‍ය වෙසක් උත්සවය එහි පවත්වන්නට තීරණය කළ ද කොවිඩ් 19 වසංගතය නිසා රාජ්‍ය වෙසක් උත්සවය එහි පවත්වන්නට හැකියාවක් නොවුණි. මේ පින්බිම වසර 30ක පමණ කාලයක් රැක ගත්තේ එහි වත්මන් විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නා හිමියන් සහ උන් වහන්සේගේ ආචාර්ය හිමියන් වූ බ්‍රාහ්මූණූවත්තේ ධම්මූකිත්ති තිස්ස නා හිමිූයන් විසිනි. වසර 30ක කාලයක් එසේ දිවි පරදුවට තබා රැකගත් නාගදීපය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන්නට පසුගිය මාසයේ දී කටයුතු කරන ලදී. ඒ අනුව පසුගිය මාර්තු 19 වෙනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අදාළ සන්නස් පත්‍රය නාගදීප රාජමහා විහාරාධිපති හිමියන්ට ප්‍රදානය කරන ලදී. වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් පුළුල් කරමින් නාගදීප විහාරස්ථානය තවදුරටත් දියුණු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය. යාපනය නාගදීප රාජමහා විහාරස්ථානයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පළමුව අමරපුර මහා සංඝ සභාවේ සභාපති අතිගෞරවනීය ගංතුනේ අස්සජි මහා නායක ස්වාමීන් වහන්සේ සහ නාගදීප විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස ස්වාමීන්වහන්සේ බැහැ දැක සුව දුක් විමසා සිටියේ ය. අග්‍රාමාත්‍යතුමා නාගදීප චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත ගොස් මල් වට්ටියක් පූජා කරමින් එහි ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට එක්වූයේ ය.


බක් පුර පසළොස්වක

අප්‍රේල් 16 සෙනසුරාදා පූර්වභාග 02.25 පුර පසළොස්වක ලබා 17 ඉරිදා පූර්වභාග 00.24 ගෙවේ.
16 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]