[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ටිකෙන් ටික පින් පිරෙන හැටි...

ටිකෙන් ටික පින් පිරෙන හැටි...

දිනක් එක්තරා බ්‍රාහ්මණයෙක් උදෑසනින් ම නිවසින් බැහැරට ගියා. ඒ අතර දුටු දර්ශනයක් දෙස ඉතා ඕනෑකමින් බලා සිටියා. භික්ෂූන් වහන්සේ පිරිසක් පිඬුසිඟා යාමට පෙර සිවුරු පොරවන ආකාරය යි. උන්වහන්සේ සිවුරු පෙරැවූයේ තණකොළ බහුල ව වැඩී තිබූ බිම් පෙදෙසක යි.

එහිදී එක් භික්ෂූන් වහන්සේ නමක් සිවුරු පොරවද්දී උන්වහන්සේගේ සිවුරෙහි කොන තණකොළවල ගැටීමෙන් පින්නෙන් තෙමී ගියා. ඒ දුටු බමුණා පසුදා උදෑසන උදැල්ලක් ගෙන ගොස් එතැන තණකොළ උදලුගා ඉවත් කර කමතක් සේ පිළියෙල කළා.

භික්ෂූන් වහන්සේ පසුදිනත් එතැනට පැමිණි සිවුරු පොරවනු බලා සිටියා. ඔහු එදා එක් නමකගේ සිවුරෙහි කොණක් බිම ගැටී පස් තැවරෙනු දැක වැලි ගෙනවුත් මෙතැන පිරවිය යුතු”යි සිතා වැලි ගෙනවුත් එතැන විසුරුවා දැමුවා

තවත් දිනෙක පෙරවරුවෙහි තද අව්වේ සිටි සිවුරු පොරවන භික්ෂූන් වහන්සේගේ සිවුරුවලින් දහඩිය ගලනු දැක එදා එහි මඬුවක් තනවනු ලැබුවා.

තවත් දවසක තද වැස්සෙන් තෙමි තෙමී සිවුරු පොරවන භික්ෂූන් වහන්සේගේ සිවුරු තෙමී ගිය හැටි දැක “මම මෙහි ශාලාවක් ඉදිකරනවා” යි සිතා ශාලාවක් ඉදිකර වූවා.

එය පූජා කිරීමේ පින්කමට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේට ආරාධනා කළා. උන්වහන්සේ වැඩමවා ගෙන ශාලාවෙහි ඇතුළත පිටත වඩා හිඳුවා දන් පූජා කළා. දානය අවසානයෙහි මෙසේ කියා සිටියා.

“ස්වාමීනි මම පළමුකොට මෙතැන වැටී තිබුණ තණකොළ වල් පැලෑටි උදුරා බැහැර කළා. කමතක් සේ මෙතැන පිළියෙළ කළා. එසේ කළේ මෙහි සිවුරු පොරවන භික්ෂූන් වහන්සේගේ සිවුරු කොණ තණකොළ මත දැවැටී සිවුරු කොන් පින්නෙන් තෙමෙනවා දුටු නිසයි.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, නැවත මෙම ස්ථානයට වැලි ගෙනවිත් දමා ඇතිරුවේ සිවුර කොන් පස් තැවිරී අපවිත්‍ර වන හැටි දුටු නිස යි. තෙවන වරද මෙතැන මම මඩුවක් ඉදිකළා. ඒ භික්ෂූන් වහන්සේ තද අව්වේ සිවුරු පොරවද්දී මුළු ගතම දහඩියෙන් තෙමී යන අයුරු දුටු නිසා යි. දිනක් මම දුටුවේ උන්වහන්සේ තද වැස්සේ තෙමි තෙමී සිවුරු පොරවන ආකාරය යි. එනිසා මම මෙතැන ශාලාවක් ඉදිකරවූවා යැයි කියා සිටියා.

භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ කතාව අසා “බ්‍රාහ්මණය නුවණැති පුද්ගලයා සෑම මොහොතක් පාසාම කුඩා වුවත් පින් කර ගන්නවා. පිළිවෙළින් තමන් පිළිබඳ සියලු අකුසල් මුල් සිඳ බිඳ දමනවා. රන්වල ඇති අපවිත්‍ර කොටස් දවා හරින රන්කරුවකු මෙන් තමාගේ කෙලෙස් දුරුකර ගන්නවා

බක් පුර පසළොස්වක

අප්‍රේල් 16 සෙනසුරාදා පූර්වභාග 02.25 පුර පසළොස්වක ලබා 17 ඉරිදා පූර්වභාග 00.24 ගෙවේ.
16 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]