[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

රත්මලාන අත්තිඩිය පාර ශ්‍රී රත්නාරාම විහාරය බොරලැස්ගමුව පිටවේල්ල පාර සිරි සෝණුත්තර විහාරය යන උභය විහාරාධිපති කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක රත්මලාන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති සූරියගොඩ සිරිධම්ම නාහිමියන් විසින් සම්පාදිත “සිත නිවන බුදුබණ” කෘතිය පසුගියදා සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පිළිගැන් වූ අවස්ථාව.

අපි‍්‍රකාවේ ටැන්සානියා දාර්යිම් සලාම් නගරයේ බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කර වසර 100 ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක සහභාගිත්වයෙන් ටැන්සානියා අග්‍රාමාත්‍ය Kassim majaliwa මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය දා විශේෂ ලෝක බෞද්ධ සම්මේලනයක් ටැන්සානියාවේ දී පැවැත්විණි . එම සම්මේලනයේ දීි ඇල්පිටිය අමුගොඩ ජයසුමනාරාමාධිකාරි ශ්‍රීමත් අනගාරික ධර්මපාලපරෝපකාරී පදනමේ මහ ලේඛකාධිකාරි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක සාහිත්‍ය සූරී අමුගොඩ සෝමානන්ද නාහිමියන් රන් ආලේපිත සධාතුක සර්වඥ ධාතු කරඬුවක් ටැන්සානියාවේ බෞද්ධ විහාරාධිපති, ආචාර්ය ඉලුක්පිටියේ පඤ්ඤාසේකර ප්‍රධාන සංඝනායක නා හිමියන් වෙත පූජා කළහ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත නැදගමුවේ විජයමෛත්‍රී නා හිමි, ත්‍රිපිටකවේදී ඉලුක්පිටියේ පඤ්ඤාසාර නා හිමි, මාලේගොඩ ත්‍රිපිටක ධර්මායතන මහ පිරිවෙනේ පරිවෙණාධිපති උණවටුනේ වංශානන්ද නා හිමි ඇතුළු මහා සඟරුවන හා විශේෂිත ගිහි ප්‍රභූ පිරිසක් ද එක්ව සිටියහ. මෙම අවස්ථාවේ දී අමුගොඩ සෝමානන්ද නාහිමියන් විසින් මහනුවර ශ්‍රී දළදා පෙරහරේ වර්ණවත් අලංකාර සිතුවමක් ටැන්සානියාවේ අගමැතිවරයා වෙත පරිත්‍යාග කරන ලදී.

දමයන්ති ජයකොඩි මහත්මිය විසින් රචිත ගෞතම බුද්ධ චරිතය ග්‍රන්ථ මාලාවේ හත් වැනි ග්‍රන්ථය ‘අසිරිමත් ගෞතම බුදු සසුන බැබළෙයි’ පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි වෙත පිළිගැන්වූ අයුරු. ග්‍රන්ථ පිළිගැන්වීම ප්‍රකාශක දයාවංශ ජයකොඩි මහතා සහ දමයන්ති ජයකොඩි මහත්මිය විසින් සිදු කළ අතර කාංචනා සවන්ති ගුණසේන, නිපුන් රිචඩ් ගුණසේන යන අය ද ඡායාරූපයේ වෙති.

මැදින් පුර පසළොස්වක පෝය

මාර්තු 17 බ්‍රහස්පතින්දා අපරභාග 01.28 පුර පසළොස්වක ලබා 18 සිකුරාදා අපරභාග 12.46 ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]