[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දඹදිව පුණ්‍ය භූමි වන්දනා චාරිකාව

දඹදිව පුණ්‍ය භූමි වන්දනා චාරිකාව

දඹදිව සැරිසර- 2022

රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය සේවකයන් හා ඔවුන්ගේ මව්පියන් ඇතුළු පවුල්වල සාමාජිකයන් මෙන්ම විශ්‍රාමික රාජ්‍ය සේවක පිරිස් දඹදිව වන්දනා කරවීමට රාජ්‍ය සේවා බෞද්ධ සංගමය විසින් කටයුතු සූදානම් කොට ඇත.

යොවුන් සීල සමාධි ජාතික වැඩසටහන සමගින් පුරවර සැරිසර ජාතික වැඩසටහනේ සම්බන්ධීකරණ සහයෝගිතාව ද ලබා ගනිමින් දියත් කෙරෙන මෙම චාරිකාවේ දී සියලු ආරක්ෂාව සලසමින් බෞද්ධ විනය ආරක්ෂා වන අන්දමින් සීල, භාවනා, පුද පූජා වැඩසටහන් පැවැත්වීමටත් පුහුණු උපදේශකවරුන්ගේ සේවාව ලබා දීමටත්, ගුණාත්මක බවින් යුතු ආගමික සංචාරයක් රාජ්‍ය සේවා නියුක්තික පිරිසට ලබා දීමටත් එම සංගමය අරමුණු කොට ඇත.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදේශකත්වයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික තරුණසේවා සභාවේ සහයෝගිත්වයෙන් ජාතික වෙළඳ හා ව්‍යවසායකත්ව සම්මේලනයේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන දියත් කෙරේ. එයට සමගාමීව යොවුන් සීල සමාධි ජාතික වැඩසටහන ද මැයි 08 සිට මැයි 20 දක්වා බුද්ධගයාවේ දීි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එමෙන්ම දඹදිව පුණ්‍ය භූමි වන්දනා චාරිකාව “දඹදිව සැරිසර” සඳහා රාජ්‍ය සේවයේ නියුතු පිරිස සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙතින් පස් වසරකින් ගෙවීමේ පදනම මත රුපියල් ලක්ෂ පහක සංචාරක ණය මුදලක් ද ලබා දීමට තීරණය කොට ඇති බව රාජ්‍ය සේවා බෞද්ධ සංගමේ සභාපති එම්.කේ.බී. දිසානායක මහතා දන්වා සිටියි. මේ සම්බන්ධව වැඩි විස්තර ලබා ගැනීමටත් අදාළ අයදුම් පත්‍රයේ ආදර්ශයක් ලබා ගැනීමටත් ඹඹඹ.ඨඵඡඵ.තඬ හෝ ඹඹඹ.ඵඥඹචදඪ.තඬ වෙබ් අඩවියට පිවිස ච්චථඡචඤඪමච ඵඥපඪඵචපච වෙත යොමුවීමෙන් පුළුවන.

මැදින් පුර පසළොස්වක පෝය

මාර්තු 17 බ්‍රහස්පතින්දා අපරභාග 01.28 පුර පසළොස්වක ලබා 18 සිකුරාදා අපරභාග 12.46 ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]