[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

මෙවර ජයග්‍රාහී නිර්මාණය

වස විෂෙන් තොර ආහාරයක අගය

පරිසරයේ තිබෙන ගහකොළ, මල් ඉවත දමන ආහාර, සතුන්ගේ මළ මූත්‍ර, රොඩු වැනි ස්වභාවික දේ යොදා කාබනික පොහොර නිපදවයි. එම පොහොර යෙදීම පරිසරයට ද හිතකර ය. ඵලදායී සරු අස්වැන්නක් ලබා ගත හැකි අතර වස විෂෙන් තොර ආහාරපාන පරිභෝජනයට ඉතා සුදුසු ය. ඒ මඟින් අපට විශාල ආර්ථික ලාබයක් ලබා ගත හැකි ය. පරිසරයට කිසිදු රසායනික ද්‍රව්‍යයක් එකතු නොවන නිසා වගාවට හිතකර මෙන්ම සතුන් ද විනාශයට පත්වීම සිදු නොවේ. කාබනික පොහොර භාවිතය නිසා ලෙඩ රෝගවලින් තොර නීරෝගි දිවි පෙවෙතක් ගත කළ හැක. කුඩා අපත් වසවිෂෙන් තොර ආහාරය අගය කරමු.එය පරිභෝජනය කරමු.

****

මැදින් පෝය වර්ණනාව

මැදින් පොහොය සම්බුද්ධ ශාසන ඉතිහාසයේ අතිශය වැදගත් දිනයකි. සම්බුද්ධ ශාසනය තුළ වැදගත් කරුණු රාශියක් සිදු වූ දිනයකි. භාග්‍යවතුන් වහන්සේ නෑදෑ හිතමිතුරන්ට සහ ජන්ම භූමියට කළගුණ සැලකීම සඳහා කිඹුල්වත් නුවරට වැඩම කොට සුද්ධෝදන රජුට දහම් දෙසීමත්, එහිදී රජතුමා සෝවාන් ඵලයට පත්වීමත්, යශෝධරා දේවිය උදෙසා සඳ කිඳුරු ජාතකය දේශනා කිරීමත්, රාහුල සහ නන්ද කුමාරවරු ශාසනයේ පැවිදි වීමත් මේ උතුම් පෝදා සම්බන්ධ සිදු වූ සිදුවීම් අතර වේ.

****

මැදින් පෝය

මැදින් පුන් පොහොය උදාවන්නේ මාර්තු මාසයේ දී ය. මෙ පොහොය ද ලාංකීය අපට මෙන් ලෝකවාසී බෞද්ධයන්ට ඉතා වැදගත් දවසකි.

බුදුරජාණන් වහන්සේ සිය පියාණන් වන සුද්ධෝදන රජු සහ සිය ශාක්‍ය වංශික ඥාතීන් බැහැදැකීමට විසිදහසක් සංඝයා වහන්සේ පිරිවරාගෙන කිඹුල්වත් පුරය බලා වැඩම කරන්නේ මැදින් පොහොය දිනක ය. ඒ සිද්ධාර්ථ කුමාරයා වශයෙන් අභිනිෂ්ක්‍රමණය කිරීමෙන් සත් අවුරුද්දකට පසුව ය. අභිමානවත් ශාක්‍යයින්ගේ මානය දුරුකරවාලීම සඳහා බුදුන් වහන්සේ යමාමහ පෙළහර පෑවේ එම ගමනේ දී ය. දායාද ඉල්ලා පැමිණි රාහුල කුමරුන් පැවිදි බවට පත් කිරීම ද නන්ද කුමරු පැවිදි බවට පත්වීමද මේ පෝය දිනයට සම්බන්ධය.

****

අපේ උරුමය

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය, ශ්‍රී පාද අඩවිය, සීගිරිය ඓතිහාසික නගරය, මහනුවර පූජා නගරය, දඹුලු විහාරය, අනුරාධපුර ඓතිහාසික නගරය, පොළොන්නරුව ඓතිහාසික නගරය, ගාලු කොටුව, හෝර්ටන්තැන්න සහ සිංහරාජ වැසි වනාන්තරය අපේ උරුමයන් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

මෙම වස්තූන් අපේ උරුම ලෙස නම් කර ඇත්තේ ඒවා අපට පමණක් නොව මුළු ලෝකයට ම එකසේ වැදගත් වන නිසා ය. පොදුවේ ගත්කල මේ සියලු ම වස්තූන් පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති වස්තූන් වෙයි. පුරවැසියන් වශයෙන් මෙම වස්තූන් ගේ වටිනාකම සොයා බැලිය යුතු ය. ඒවා ආරක්ෂා කිරීමට සිත් පහළ වන්නේ එම වස්තූන් පිළිබඳ ලබන දැනුම හේතුවෙනි.

අපේ අපේ උරුමයන් දැක බලා ගැනීමට දහස් ගණන් විදේශිකයෝ අප රටට දිනපතා පැමිණෙති. ඔවුහු ඒවා ගැන සොයා බලා ඒවා පිළිබඳ මවිතයට පත් වෙති. සැබැවින් ම මෙම අපේ වටිනා උරුමයන් රැක ගැනීමත්, අගය කිරීමත් දරුවන් වන අපගේ මහඟු වගකීමකි.

****

අත්තම්මා

රසට කෑම හදලා දෙන
හැඩට ගවුම මහලා දෙන
රසම කතා කියලා දෙන
අත්තම්මට බුදු සරණයි

සැමගෙම දුක සැප බැලුවා
එක වගෙ ආදර කෙරුවා
වෙනසක් නෑ කාහටවත්
නිරෝගි සුව අත්වේවා

මැදින් පුර පසළොස්වක පෝය

මාර්තු 17 බ්‍රහස්පතින්දා අපරභාග 01.28 පුර පසළොස්වක ලබා 18 සිකුරාදා අපරභාග 12.46 ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]