[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුපටිපන්නාදී ගුණයෙන් ශෝභාවත් උදාර යතිවරයාණන් වහන්සේ: දරණාගම කුසලධම්ම නාහිමි

සුපටිපන්නාදී ගුණයෙන් ශෝභාවත් උදාර යතිවරයාණන් වහන්සේ

දරණාගම කුසලධම්ම නාහිමි

සම්බුද්ධ ශාසනයේත්, සිංහල ජාතියේත් චිරස්ථිතිය උදෙසා අප්‍රමාණ යුග මෙහෙවරක නිරත වූ කොළඹ 07 ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩසිට අපවත්වී වදාළ අප ගුරුදේවෝත්තම, බෝධිසත්ව ගුණෝපේත සම්බුද්ධ ශාසන විශ්ව කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ 2007 ජුනි මස 29 වන දින බෞද්ධයා මාධ්‍ය ජාලය ලොවට දායාද කළහ.

ගම් දනව් සිසාරා විසිර පැතිර වැඩ වසන තෛ‍්‍රනිකායික මහා සංඝ රත්නයට ම දොරටු විවර කරමින් ස්වකීය ධර්ම ඥානය සහ දේශනා පෞරුෂය වැඩිදියුණු කර ගැනීමට ඉඩප්‍රස්ථාව සලස්වා දෙමින් සද්ධර්ම සන්නිවේදකයන් වහන්සේලා ලොවට හඳුන්වා දුන්හ. සමාජ සංස්කෘතිය සුයහපත් කරලමින් නේක දනන්ගේ කායික මානසික සැනසිල්ල සැලසූ අසහාය සත් මාධ්‍ය මෙහෙවර දියත් කරමින් සමාජ සුබසාධනයෙහි ලා පූජනීය නාහිමිපාණන් වහන්සේ දැරූ ප්‍රයත්නය අසීමිත ය.

ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ධර්ම ප්‍රචාරක කටයුතු සේ ම දරුවන් සිව් දෙනකුට වඩා සිටින බෞද්ධ පවුල් වෙත දරු දිරි සහන අරමුදල් මාසිකව පරිත්‍යාග කිරීම ද, හත් දහසකට ආසන්න කිරිගව දෙනුන් මරණයෙන් නිදහස් කොට අඩු ආදායම්ලාභි පවුල් වෙත ලබාදීම ඇතුලු ගැමි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, උතුරු නැගෙනහිර ඇතුලු මෙරට නොයෙක් දුෂ්කර පළාත්වල පිහිටි විහාරස්ථානවලට “පුණ්‍යභූමි වන්දනා” ආදී වැඩසටහන් ඔස්සේ විවිධ ආධාර උපකාර සිදුකිරීම ද, රටට පැමිණි නොයෙක් විපත්තිකර අවස්ථාවන්හී දී ශ්‍රී සම්බෝධි සහන යාත්‍රා වැඩසටහන හරහා විපතට පත් ජනතාවට අවශ්‍ය ආධාර උපකාර කළ පූජනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ සැබවින්ම සුපටිපන්නාදී ගුණයෙන් ශෝභාවත් දැයේ පෙර පිනෙන් පහළ වූ උදාර යතිවරයාණන් වහන්සේ නමකි.

උත්තම ශ්‍රී දළදා වහන්සේ වැඬහිඳීන මහනුවර ශ්‍රී දළදා මාළිගාව මෙන්ම, පොළොන්නරුව සොළොස්මස්ථානය, ඓතිහාසික අටමස්ථාන පූජා භූමිය, මහියංගනය, මුතියංගනය, නාගදීපය ආදී සොළොස්මස්ථාන පූජා භූමිය මෙන්ම දඹදිව උතුම් බුද්ධ භූමියෙහි ද, එංගලන්තය, තායිලන්තය, චීනය, ජපානය යනාදි පෙර අපර දෙදිග විදේශයන්හි දී දහස් සංඛ්‍යාත සැදැහැවතුන් ඒකරාශී කොට දන මන පුබුදු කරවන මහා විසිතුරු ආශිර්වාදාත්මක ආමිස ප්‍රතිපත්ති පුද පූජා පින්කම් සංවිධාන කරමින් පින් පුරන්නට මඟ හසර කියාදුන් උදාර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක වන පූජනීය කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ දෙව්ලොව සිට මනුලොවට වැඩම කළ යතිවරුන් අතරින් මෑත කාලීන යතිවරයාණන් වහන්සේ නමක් ලෙස හැඳීන්විය හැකි ය.

එවන් ශාසනික සමාජීය මෙහෙවරක් සිදු කළ අප නාහිමිපාණන් වහන්සේ 2018 වර්ෂයේ මාර්තු 03 වන දින වසර 54 ක් ආයු වළඳා අපවත් වී වදාළ සේක. උන් වහන්සේගේ ඇවෑමෙන් එම ධර්ම සන්නිවේදන සත්කාර්ය ඉදිරියට ගෙනයෑමට අවස්ථාව ලැබෙන්නේ උන්වහන්සේගේ එකම ශිෂ්‍ය රත්නය වන වත්මන් ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ වත්මන් සභාපති බොරලන්දේ වජිරඥාන නාහිමිපාණන් වහන්සේහට යි.

කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ ගෙනගිය ආගමික සාමාජික සේවාව එලෙසම වත්මනෙත් දියත් කරමින් උන්වහන්සේ අත හැරීම හා ත්‍යාගශීලිත්වය මූලික කර ගනිමින් තම භික්‍ෂු ප්‍රතිපදාව මනාව ඉදිරියට ගෙනයනු ලබයි.

උන්වහන්සේගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේගේ 02 වන ගුණානුස්මරණය නිමිත්තෙන් “දීඝවාපී සෑ රද වන්දනා” නමින් මහානීය පින්කමක් 2020 වර්ෂයේ යළි පණ ගැන්වුන ව්‍යාපෘතියක් ලෙස “යළි දකිමු දීඝවාපී” ව්‍යාපෘතිය නම් කළ හැකි ය.

ඊට සමගාමීව එහි තවත් පියවරක් ලෙස ඉකුත් මාර්තු මස 05 සහ 06 දිනයන්හි දී අඩි 02ක් පළල ඇති අඩි 02ක් උසැති අඩි 02ක් ගැඹුර ඇති ශෛලමය කුටීර 08ක් ස්ථාපිත කිරීම සහ එම කුටීර තුළ රනින් නිම කෙරූ වීදුරු ගර්භයක් සහිත කරඩූන් වහන්සේලා මධ්‍යයේ මාණික්‍ය බුබුළක් මත ධාතුන් වහන්සේලා අට නමක් තැම්පත් කොට සකසා දීඝවාපි සෑ රදුන්ගේ අට දිශාවන්හි නිධාපිත කිරීම සිදු කරනු ලැබීම ඓශ්චර්යවත් පින්කමකි.

මැදින් පුර පසළොස්වක පෝය

මාර්තු 17 බ්‍රහස්පතින්දා අපරභාග 01.28 පුර පසළොස්වක ලබා 18 සිකුරාදා අපරභාග 12.46 ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]