[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මුරුංගා ගොවියා

දුෂ්කර ඈත ගමක අහිංසක ගොවියෙක් ජීවත් වුණා. මේ ගොවියාගේ වාසනාවට අවාරෙ, මොහුගේ මුරුංගා වගාවේ ඵල හටගත්තා. බොහෝ සතුටු වුණ ගොවියා අසල වෙළඳසැලට මුරුංගා විකුණා එම බරට ම අවශ්‍ය ආහාර ගත්තා. කල්යත් ම වෙළඳසැලේ හිමිකරු ගොවියා විශ්වාස කොට බර කිරීමෙන් තොරවම ගොවියා සඳහන් කරන බරට ම ගොවියාට අවශ්‍ය බඩු බාහිරාදිය ලබා දුන්නා.

එක් දවසකදී කඩේ බඩු කිරන සේවකයාගේ අදහස් මත මුරුංගා ටික කිරන්න තීරණය කළා. එහිදී අවශ්‍ය බර නොවූ නිසා ගොවියා තමාව රැවටුවා යැයි කේන්ති ගෙන ගොවියාට වැරෙන් පහර කිහිපයක් එල්ල කළා.

ඒ අවස්ථාවේ ගොවියා නිශ්ශබ්දව කියා සිටියේ අපේ ගෙදර බර කිරීමට තරාදියක් නෑ. මුදලාලි මහත්මයා ලබා දෙන කිලෝවේ සීනි පැකැට්ටුව පාවිච්චි කොට තමන් මුරුංගා කිරන බවත්, ඒ අනුවු කිලෝ ගණන සඳහන් කළ බවත් ය. මේ වෙලාවේ තමන් කළ වරද නිසාම, තමන් අඩු බර ලබා දුන් නිසාම එහි ප්‍රතිවිපාක තමන්ට ලැබුණු බව සිතා කඩහිමියා මහත් කම්පාවට පත් වුණා.

නතං කම්මං කතං සාධු - යං කත්වා අනුතප්පති
යස්ස අස්සු මුඛෝ රෝදං - විපාකං පටිසේවති

යම් දෙයක් කළාම පස්සේ ඒ ගැන පසුතැවෙන්ට සිදුවෙනවා නම් එබඳු පව් කිරීම අයහපත් ය.

උපදේශය

තමා විසින් සිදු කරන වරද ප්‍රතිඵලයක් ලෙස තමා වෙතම පැමිණේ.

නවම් පුර පසළොස්වක පෝය

පෙබරවාරි 15 අඟහරුවාදා අපරභාග 09.41 පුර පසළොස්වක ලබා 16 බදාදා අපරභාග 10.25 ගෙවේ.
16 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]