ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ දුරුතු පුර අටවක පෝදා 2022 ජනවාරි 09 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කැලණිය, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ තෙවන උපාධි ප්‍රදානෝත්සවය උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා 17 දා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණි. මෙහිදි බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධි 19ක් ද, බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා 47 ක් සහ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි 63 ක් ප්‍රදානය කළ අතර මෙම අවස්ථාවට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ පාලක සභා අධ්‍යක්‍ෂක ජගත් සුමතිපාල මහතා, සානාතන මණ්ඩලයේ සභිකයින් ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී වූහ.
මෙහි ප්‍රධාන දේශනය අමෙරිකාවේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ ඖෂධ රසායන විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විසින් පවත්වනු ලැබුවේ ය.
මහේෂ් සේනාධිර
ජනවාරි 09 ඉරිදා පූ.භා. 11.15 පුර අටවක ලබා 10 සඳුදා අ.භා. 12.30 ගෙවේ 09 ඉරිදා සිල්
පුර අටවක
ජනවාරි 09
පසළොස්වක
ජනවාරි 17
අව අටවක
ජනවාරි 25
අමාවක
ජනවාරි 31
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]