[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තන්තිරිමලේ රාජමහා විහාරයේ
සෑ රදුන් වහන්සේ
සේයාරුව - ගයාන් පුෂ්පික

ඉල් අමාවක පෝය

දෙසැම්බර් 03 සිකුරාදා අපරභාග 16.55 අමාවක ලබා 04  සෙනසුරාදා අපරභාග13.12 ගෙවේ. සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 03

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

වාද්දුව දළදාවත්ත පුරාණ විහාරයේ දළදා පූජෝත්සවය

වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන ශ්‍රී දළදා පූජෝත්සවය 88 වැනි දළදා පූජෝත්සවය එළැඹෙන 07 වැනි දින සිට 11 වැනි දින දක්වා ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිපති පානදුර තොටමුණ බද රයිගම් කෝරළේ ප්‍රධාන සංඝ නායක විශ්‍රාමලත් පරිවෙනාධිපති ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි දළදාවත්ත පුරාණ විහාරස්ථාන තරුණ බෞද්ධ සමිතිය සහ විහාරස්ථ දායක සභාව කටයුතු සූදානම් කර ඇත. එළඹෙන 07 වැනි දින සිට 09 වැනි දින දක්වා දින 3 ක් රාත්‍රී 8.00 ආරම්භ වන සර්වරාත්‍රික මහා පිරිත් පින්කම පසුදා අලුයම දක්වා පැවැත්වෙන අතර 10 වැනි දින රාත්‍රී 7.00 විහාරස්ථානයේ වැඩසිට අපවත්වී වදාළ සියලුම මහා සංඝ රත්නය වෙත සහ පරලොව සැපත් විහාරස්ථානයේ දායක දායිකා පින්වතුන්ටත් පින් පැමිණ වේ. ප්‍රදේශවාසී රටවාසී සැමට ආරක්ෂාව පතා ආශිර්වාද කෙරේ. 11 වැනි දින පස්වරු 5.00 පැවැත්වෙන දළදා පූජෝපහාර මහා පින්කමෙන් 88 වැනි දළදා පූජෝත්සවය අවසන් වේ.

මානසික සුවය ලබන්නට සියලු සතුන්ට මෙත් වඩමු

මෛත්‍රී භාවනාව ඉතා පහසු සේ ම මිහිරිතම භාවනා ක්‍රමයයි. එයින් කල් නොයවා මානසික සැනසුම ලැබෙන බැවින් බොහෝ දෙනෙක් මෙය පුහුණු කරති. මෛත්‍රි කරන කොටස් හතරකි. මම ,හිතවත්හු (දෙමාපියෝ, නැදෑයෝ , ගුරුවරු), මැදහත් අය,සතුරු තැනැත්තෝ අවසානයේ සියලූ ම සත්වයන්ට මෛත්‍රී කිරීම සිදුවේ. භාවනාව ආරම්භ කිරීමට කලින් අත්, පා, සිරුර පිරිසුදු කොට විවේක තැනක හිඳින්න. ඉන් අනතුරුව තුනුරුවන් වැඳ, අවශේෂ මූලික සිත සකස්කිරීම් අවසානයේ දී මුළු සිරුරට ම විවේක වීමට ඉඩ දෙන්න. ඉන්පසු ශාන්ත හා පී‍්‍රතිමත් මනසකින් තම මුළු සිරුරටම විවේක වීමට ඉඩ දෙන්න. ඉන්පසු ශාන්ත හා පී‍්‍රතිමත් මනසකින් තම සිරුරේ හිස සිට යටිපතුල් තෙක් අවධානය යොමුකරන්න. දැන් ඔබේ සිතට ඔබ දැනෙනු ඇත. ඒ සිතට පෙනෙන ඔබ වෙත සිත තබා ගෙන. “මම සුවපත් වෙම්වා” යි සිතන්න. ශබ්දයට නොව අර්ථයට මුල්තැන දෙමින් ඔබ වෙත මෛත්‍රී කරන්න. දැන් ඔබේ සිත සැපවත් ය. සැනසිලිදායක ය. එහෙත් මෛත්‍රිය නියම වශයෙන් තවම ඇරඹුණේ නැත. එහි ස්වරූපය සිතට දැනුණා පමණයි. මෛත්‍රිය ඇතිවනවාත් සමඟ හිත මෘදු හා මොළොක් වීමට පටන් ගනියි. පිපී එන රෝස මලක් සේ අලංකාර ය, වෛර සිත, තරහ සිත, කායික පීඩා නිසා හටගත් සිත හා මානසික පීඩාවෙන් හටගත් සිත යන සතර සිත් යටපත් ව අවෛරී බව, කාරුණික බව, ශාරිරික හා මානසික සැහැල්ලුව ද සුවපත් භාවය ද සහිත සිතක් මෝදු වනු ඇත.

 

තෙරුවනට නින්දා ප්‍රශංසා කරන අය හමුවේ අප හැසිරිය යුතු හැටි

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයට යටත් වූ මේ ලෝකයෙහි ස්ථාවර වූ කිසිවක් නොමැති බව බුද්ධ දේශනාවෙහි නිරතුරු ව සඳහන් වේ. ලාභ, අලාභ, අයස, යස, නින්දා, ප්‍රශංසා, සැප හා දුක යන මේ අටලෝ දහම සැමදෙනාට ම උරුම ය. එය බුද්ධාදී රහත් උතුමන් වහන්සේලාට ද, දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යාදී උසස් සත්ත්වයන්ට ද, තිරිසන් සතුන් ආදීන්ට ද පොදු වූ ධර්මතාවකි. එහෙත් අප මෙකී අටලෝ දහමින් කිසිවිටෙකත් කම්පා නොවිය යුතු ය. අප විසින් සාමාන්‍යයෙන් සැපයකැයි සලකනු ලබන ලාභාදී ධර්මයන් කෙරෙහි ද, දුකකැයි සලකනු ලබන අලාභාදී ධර්මයන් කෙරෙහි ද සම සිතින් යුක්ත විය යුතු යැයි තථාගතයන් වහන්සේ දේශනා කළහ. යම් සේ විසල් මහා පර්වතයක් සතර දිගින් හමන සුළඟින් කම්පා නොවී පවතියි ද එලෙස ම නුවණැති පුද්ගලයා නින්දා ප්‍රශංසාදියෙහි කම්පා නොවිය යුතු යැයි උන්වහන්සේ සැමවිට ම අවධාරණය කළහ. අටලෝ දහම සියලු දෙනාහට එක සේ උරුම වූ බැවින් බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් කෙරෙහි ද එය එලෙස ම පවතින බව අප නිරතුරු සිහි තබා ගත යුතු ය. අයෙක් තෙරුවන්ගේ ගුණ වර්ණනා කරන විට ඇතැමෙක් තෙරුවනට දොස් නැඟීම ස්වභාවික ය. එහෙත් බුදුන් වහන්සේගේ ධර්මය අනුගමනය කරනු ලබන නුවණැති ශ්‍රාවකයන් ලෙස ගිහි පැවිදි අප සැම මෙබඳු අවස්ථාවල දී නුවණැති ව කටයුතු කළ යුතු බව තථාගතයන් වහන්සේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ සීලක්ඛන්ධ වග්ගයෙහි එන බ්‍රහ්මජාල සූත්‍රයෙහි දී මනාව දේශනා කොට තිබේ.

 

ජීවිතයට වටිනාකමක් දෙන්න කරුණාව - මෛත්‍රිය බෙදා හදා ගන්න

කෝලිය ධනවත් තරුණයෙකි. දිනක් ඔහු බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණ මෙවැනි ප්‍රශ්නයක් ඉදිරිපත් කළේ ය. “භාග්‍යවතුන් වහන්ස මම තරුණ වයසෙහි පසුවෙමි. විවාහ ජීවිතයට පත්ව මිල මුදල් පරිහරණය කරමින්, වටිනා ඇඳුම් ඇද පැළඳ හැඩ බලමින්, සුවඳ විලවුන් පරිහරණය කරමින් ජීවත්වන්නට කැමත්තෙමි. මෙවැනි ජිවිතයක් ගත කරන තරුණ වයසේ පසුවන මාහට බුදුරජාණන් වහන්සේ කියා දෙන මාර්ගය පිළිපදිමින් සතුටක්, ප්‍රීතියක් හා වින්දනයක් ලැබිය හැකි ද? " යනුවෙනි. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ හැකි බව ය. වර්තමාන සමාජය එදා සමාජයට වඩා සිත් ඇදගන්නා වට පිටාවකින් සංකීර්ණ වී ඇති බව සත්‍යයකි. එහෙත් දීඝජානු කෝලිය තරුණයාගේ ප්‍රශ්නයෙන් පිළිබිඹු වන්නේ ද වර්තමානයේ තරුණ සිතක හා බලාපොරොත්තුව ම නොවේ ද? බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ තරුණ ජීවිතයක සතුට ලබමින් නිරාමිෂ ප්‍රීතියක් ද ලබන්නට හැකි බව ය. මෙහි දී වරදවා තේරුම් ගන්නට එපා.“තරුණ වයසට ඔහොම තමයි“ යැයි පවසමින් සිතට අයාලේ යන්නට ඉඩ හැර, හැඟීම්වලට වහල් ව ලබන සතුටක් නම් නොවෙයි මෙතැන විස්තර වන්නේ. බුදු දහමේ පෙන්වා දුන් සදාචාරාත්මක මඟක් ඔස්සේ ලබන තරුණ සිතේ සතුටයි.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]