[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ප්‍රථම ධර්ම දූත සේවාව ඇරඹි ඉල් පොහෝදා

වස්සාන ඍතුවේ අවසාන දිනය වන ඉල් පුර පසළොස්වක පොහෝදා සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිදුවීම් කිහිපයක් ම වාර්තා වී තිබේ. ඒ අතර ප්‍රථම ධර්ම දූත කණ්ඩායමට අයත් වූ මහරහතන් වහන්සේලා සැට නම ධර්ම ප්‍රචාරයෙහි යෙදවීම, තුන් බෑ ජටිල පිරිස දමනය කිරීම, මතු අනාගතයෙහි සම්මා සම්බුද්ධත්වයට පත්වන මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවෙහි දී නියත විවරණ ලැබීම, අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම, භික්ෂූන් වහන්සේලා පසුවස් පවාරණය කළ යුතු දිනය වීම සහ චීවර මාසයේ අවසන් පොහොය දිනයවීම නොහොත් කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කළ හැකි අවසාන දිනය වීම යන කරුණු ඒ අතර ප්‍රධාන ය. ධර්මදූත පිරිස ඇමතීම බුදු සසුන තුළ පස් නමකගෙන් ඇරඹි භික්ෂු සමාජය පසුව පැවිද්ද ලබාගත් යස කුල පුත්‍රයා සහ යහළුවන් පනස් හතර දෙනා ද එකතුව රහතන් වහන්සේලා සැටනමක් බවට පත් වුණි. බරණැස ඉසිපතනයෙහි වස් කාලය ගත කළ බුදුරජාණන් වහන්සේ වස් කාලය නිමවීමෙන් පසුව මුල් පොහොය දිනෙක එකී රහතන් වහන්සේලා සැට නම හෙවත් ප්‍රථම ධර්ම දූත පිරිස අමතා මෙසේ වදාළ හ. මහණෙනි, මම දෙවියන් පිළිබඳ වූ ද, මිනිසුන් පිළිබඳ වූ ද සියලු කෙලෙස් මලපුඬුවලින් මිදුනෙමි. නුඹලා ද ඒ සියලු කෙලෙස් මලපුඬුවලින් මිදුණාහුය. මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස ද, බොහෝ දෙනාට සැප පිණිස ද, ලොවට අනුකම්පා පිණිස ද, දෙවි මිනිසුන්ට වැඩ පිණිස ද, හිත පිණිස ද, සැප පිණිස ද චාරිකාවෙහි හැසිරෙන්න. දෙනමක් එක මඟින් නොයන්න. මහණෙනි, මුල, මැද, කෙළවර යහපත් වූ, අර්ථ සහිත වූ ව්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත වූ සියල්ලෙන් සම්පූර්ණ වූ ධර්මය දේශනා කරන්න. පිරිසුදු වූ බ්‍රහ්ම චර්යාව ප්‍රකාශ කරන්න. ස්වල්ප වූ රාගාදී කෙලෙස් ඇති සත්ත්වයෝ වෙති. ඔවුහු දහම් නො ඇසීමෙන් පිරිහෙති. මහණෙනි, මමත් උරුවෙල් දනව්වෙහි සේනානි නියම්ගමට දහම් දෙසනු පිණිස යන්නෙමි.


ඉල් පුර පසළොස්වක පෝය

 නොවැම්බර් 18 බ්‍රහස්පතින්දා අ.භා 12.00 පසළොස්වක ලබා 19 සිකුරා අ.භා 14.27 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]