[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

පොඩි හාමුදුරුවෝ

පෙර පින උදාවී අද කහසිවුර ළඟ
දැවටී යන ගමන නෙත රස දුනන් වග
අදරින් සිහිකරමි යා යුතු ගමන දිග
මැව්වා මතු දිනෙක කවිරස ගලන ගඟ

උගතකු වෙන්න පමණක් ම ද උගත යුතු
මිනිසකු වෙන්නටත් සැබැවින් උගත යුතු
මිනිසුන් අතර මිනිසකු වන්නටත් යුතු
එහෙනම් පුතුනි නුඹගෙයි මුළු ලොවම මතු

අම්මා පෙවූ කිරි තෙද බල හදෙහි දරා
ආදර පියා දුන් එඩිබල ගතෙහි දරා
ගුරු මව්පියන් දුන් නැණබල හිසෙහි දරා
දැය සුරකින්න දරුවනි යස නමක් දරා

දිලිසෙන සියලු දෙය රන් සේ නො සිතන්න
නොවැටී සිටිනු නොව වැටි වැටි නැඟිටින්න
එය වෙයි අරුත දිවිමඟ ඔපවත් වන්න
‘තෙරුවන් බෙලෙන් දරුවනි පෙරට ම එන්න

****

මෙවර ජයග්‍රාහී නිර්මාණය

හැකි පමණින් පන්සිල් පද ටිකවත් හරියට රකින්න

ගිලන් අයට බෙහෙත් කරන මේ ලෝකේ දෙවිවරුන්ට
සහාය වන හෙද හෙදියන් සේවක සේවිකාවන්ට
හමුදාවේ පොලීසියේ සෙබළුන් හා සෙබළියන්ට
ජය ශක්තිය දිරිය ලැබේවා තව තව වැඩ කරන්ට

ජීවිත පරදුවට තබා ඔබ වැඩ කරනව දැක්කම
අපට හිතෙනවා පස්සෙන් එන්නට ඔබලා එක්කම
එහෙම වුණොත් නැති කරන්ට පුළුවන් වෙයි ලෙඩ ඔක්කොම
මට හිතෙන්නෙ ඒක තමයි සියලු දෙනාගෙම දස්කම

ඉස්සරහට ආහාරවල අගහිඟකම් ඇතිවෙනවා
ජනතාවට ඒ හිඟයට මුහුණ දෙන්න සිදුවෙනවා
ඒ හින්දා වතුපිටිවල ගොවිතැන් බත් අරඹනවා
වැඩ කෙරුවොත් නොවරදව ම බත් පිඟාන සරු වෙනවා

වුවමනාව ඕනෑකම තිර අදිටන ඇති කරන්න
පාසල් යන දරු දැරියන් මේ සටනේ පෙරට ගන්න
එළවළු පලතුරු ආදිය හැම නිවසෙ ම හිටවගන්න
වස විස නො දමා පවුලේ පරිහරනෙට යොදා ගන්න

ගමයි පන්සලයි ආපහු පෙර පරිදිම එක් කරන්න
සිංහලකම බෞද්ධකම කුටුම්බයෙන් ඇති කරන්න
හොඳ ගතිගුණ සිරිත් විරිත් දරුවන් තුළ ගොඩ නඟන්න
හැකි පමණින් පන්සිල් පද ටිකවත් හරියට රකින්න

****

පැතිකඩක්

තිස්ස නිරිඳු දිව ආවේ
මා පසුපස හනි හනිකට.........
පණ බේරා ගැනුම තරම්
වෙනකක් මා හිත නොවීය
අසීමිත වූ වීරිය ගෙන.......
බේරාගත් මා පණ නල
නැවතත්
එදෙසට පැමිණ
සවන යොමු කළෙමි
මිහිඳු සමිඳුන් දෙසූ
සදහම් පදයට

****

සුසුම

ගන්නා හුස්ම පොද මෙ තරම් වටිනා බවක්
දැනගෙන උන්නෙ නැහැ කවුරුත් මෙතෙක් දිනක්
අතහැර යන්න හදනා විට දෙමින් දුකක්
පණනල ගැට ගසන්නට දැන් දරති වෙරක්

කෙතරම් ධනය ඉපයූවත් නොවේ පලක්
මුදලට ගන්න හැකි වේවි ද නවමු පණක්
නොමැති බව දැනේ නුඹගෙන් තොරවූ ලොවක්
නොමිලේ සැපයූ නුඹටයි දැන් ඉහළ මිලක්

ආනාපාන සති වඩමින් සිසිල් බවක්
ගෙන දුන් නුඹ ම ඇයි මෙතරම් කුරිරු වෙසක්
නොදැනී ම සිදු වුණි ද අපතින් වැරදි යමක්
පලදෙනව ද සිතේ පූරුවේ කරපු පවක්

****

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.

ඉල් පුර පසළොස්වක පෝය

 නොවැම්බර් 18 බ්‍රහස්පතින්දා අ.භා 12.00 පසළොස්වක ලබා 19 සිකුරා අ.භා 14.27 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]