[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සුවඳවත් ජීවිතය දුර්ගන්ධවත් කර ගන්නේ කුමට ද?

අසංවර තාරුණ්‍ය හරියට කිඩාරම් මලක් වගේ. ඉන්න හිටින තැනත් දුර්ගන්ධවත් කරනවා. තාරුණ්‍යයේ බැල්ම පවා රාගික නොවිය යුතුයි. තරහවෙන්, වෛරයෙන් පිරී නොතිබිය යුතු යි. ජීවිතයේ ලස්සන ම කාලය කුමක්ද කියලා ඇසුවොත්, බොහෝ දෙනකු ගේ පිළිතුර වන්නේ ඒ, තරුණ කාලය බවයි. එය බොහෝ විට නිවැරැදි පිළිතුරක්. එහෙත් තරුණ ජීවිතයක් අවාට ගියාට ලස්සන වන්නේ නෑ .ඒ සඳහා සපුරා ගත යුතු ගුණාංග තිබෙනවා. හොඳ දේ, නරක දේ තෝරා බේරා ගන්නට හැකි වීම එහිදී ප්‍රධාන යි. විවිධ සංස්කෘතීන් හා සිරිත් විරිත් මිශ්‍ර වීම නිසා ත් , සිතේ පහළවන කෝපය, ඊර්ෂ්‍යාව, ලෝභය, ආශාව ආදී ආවේග පාලනයකින් තොර විම නිසාත් තරුණ වයස බොහෝ විට වැරැදි මඟ යනවා. බුදු දහමේ මේ ආවේග හඳුන්වා දී තිබෙන්නේ කෙලෙස් හැටියට යි . මේ සියල්ල ම මොහොතෙක්, මොහොතක් පාසා වෙනස් වන ලෝකයේ මම, මගේ කියා වෙනස්වීම අමතක කර කටයුතු කිරීම මෝහය යි. මෙන්න මේ මෝහය සියලු ආවේගවලට මූලික ම හේතුවයි. මේ සියලු කෙලෙස්වල වර්ධනය අපේ ජීවිතයේ දුක් පිණිස හේතු වනවා. ඒවගේ ම මේ කෙලෙස් පාලනය කරනවා නම්, නැති කරනවා නම් එය සැප පිණිස හේතු වනවා. සිතේ ඇතිවන කෙලෙස් හඳුනාගෙන යම් පාලනයකට යටත් කළ හැකි නම්, ඒ කෙලෙස් ආවේග බවට පත් වන්නේ නෑ. . . සිරකරුවන් ගැන සිතමු. ඔවුන් ගෙන් බොහෝ පිරිසක් විවිධ ආවේගකාරී ක්‍රියාවන්ට යොමු වූ අයයි. ඔවුන් ආවේගකාරී ක්‍රියාවන්ට යොමු වන්නේ එහි ඇති ආදීනව දැන හෝ නොදැන ද විය හැකියි. රාග, ද්වේෂ ආදී මනුෂ්‍යයා ගේ සිතේ පහළවන සිතිවිලිවල හට ගැනීමට හේතුව මෙන් ම, ඒවායේ ඇති අනිත්‍ය ස්වභාවය ද, ඒ සිතිවිලිවලට ගොඩනැඟීමට ඉඩදීමෙන් ඇතිවන හානිකර ස්වභාවය ද මැනවින් තේරුම් ගැනීමෙන් මේ කෙලෙස් සිතිවිලිවල ක්‍රියාකාරිත්වය අඩු කිරීමක් හා නිවීමක් ඇතිකර ගත හැකියි.


බිනර අව අටවක

සැප්තැම්බර් 28 අඟහරුවාදා අ.භා 18.16 අව අටවක ලබා
29 බදාදා අ.භා 20.29 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]