[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

දන්නා දෙය ගැන නොදන්නා ලෙස සිටින්නේ ඇයි?

අප්පමාදෝ අමතපදං - පමාදෝ මච්චුනෝ පදං - අපමත්තා න මියන්ති - යේ පමත්තා යථා මතා, “පමා නොවීම නිවනට මඟ ය. පමා වීම මරණයට මඟ ය. පමා නොවූවෝ නොමැරෙති. පමා වූවෝ මළවුන් වැනි වෙති.” අප්‍රමාදය හෙවත් පමා නොවී ම, නැත හොත් අද කළයුතු දෙය හෙටට කල් නොදැමීම බුදු සමයේ දී ඉගැන්වෙන ඉතා ප්‍රකට සදූපදේශයකි. කි‍්‍රයාත්මක නොකළ ද අපේ ජන සමාජයට මෙම හදුන්වා දීම විරල වූවක් නොවේ. එහෙත් අපේ බෞද්ධ සමාජය තුළ ඇතැම්විට බොහෝ සෙයින් දන්නා දෙය වුවද නොදන්නා ලෙස සිටීමට කැමැත්තක් දක්වන අයුරු දක්නට ලැබේ. භාරත දේශය කි‍්‍ර.පූ: 06 සියවස වන විට විවිධ ආගමික ඉගැන්වීම් නිසා ජන මනස ඔද්දල් වූ ස්වභාවයක පැවතී බව ප්‍රකට කරුණකි. මෙම නිසා බුදුවරයන් වහන්සේ නමකගේ පහළ වීම මෙම සමාජය අපේක්ෂා අතර, සෙසු විවිධ ඉගැන්වීම් අතර බුදු දහම නැවුම් දර්ශනයකින් යුතු වූ ඉගැන්වීමක් වූ බව නොරහසකි. සම්මා සම්බුද්ධත්වයට පත් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තත්කාලීන ව පැවති සාම්ප්‍රදායික ආගමික පරිසරය නව මඟකට යොමු කිරීම සදහා උන්වහන්සේගේ තාරුණ්‍ය හා සමාජ ප්‍රභූත්වය බහුල වශයෙන් හේතු වූවා යැයි අනුමාන කළ හැකි ය. එම සමාජයෙහි ආගමික නායකත්ව දරන ලද ෂට් ශාස්තෘවරුන් පිළිබඳව සිතා බැලුව ද එතුමන් වහන්සේලා සියලු දෙනාම ඉතා වයෝවෘද්ධ තත්වයෙන් පසු වුයේ වුව ද,බොහෝ පිරිස් සහිතව ගතානුගතික ව තම දර්ශනයන් ඉදිරිපත් කරමින් සිටි අය බවදක්නට ලැබේ.තරුණ පැවිද්දෙක් ලෙස සම්මා සම්බුද්ධත්වයට එළඹි තථාගතයන් වහන්සේ සමඟ එක්වූ බොහෝ දෙනා තුරුණු විය ඉක්මවුවෝ නොවූහ. අගසව් දෙනමගේ සිට යස සහ භද්දවග්ගිය ප්‍රමුඛ බුදුරදුන් වෙත එළඹි පිරිස්වල සියල්ලෝ ම තුරුණු වියෙහි පසු වූහ. ඔවුහු නව දහමක් පිළිබඳ අපේක්ෂාවන් ඇතිව පැමිණි පිරිසක් බව දක්නට ලැබේ. ඒ අනුව තථාගතයන් වහන්සේගේ දේශනාවන් පැවතී සාම්ප්‍රදායික ඉගැන්වීම් අභිබවනය කළ නවතම ඉගැන්වීම් ක්‍රමයක් විය.


ඇසළ පුර අටවක

 ජුලි 17 සෙනසුරාදා පූර්වභාග
04.34 පුර අටවක ලබා 18 ඉරිදා පූර්වභාග 02.41 ගෙවේ.
සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 17

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]