[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

දඹදෙණි යුගයේ අභිමානය කියන දඹදෙණිය විජයසුන්දරාරාම රාජමහා විහාරය

දඹදෙණි රාජධානියේ ශාසනික පුනරුදයේ කේන්ද්‍රස්ථානය වශයෙන් පැවති එම යුගයේ දළදා වහන්සේ වැඩ සිටි සම්භාවනීය විහාරස්ථානය වූ දඹදෙණිය ශ්‍රී විජයසුන්දරාරාම රාජමහා විහාරස්ථානය වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල කුරුණෑගල මහා මාර්ගයේ දඹදෙණිය නගරයෙන් හැරී ගමන් කිරීමේ දී හමු වෙයි. කළිඟු රට ගුහසීව රජුගේ දියණිය වූ හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් අනුරාධපුරයේ කිත්සිරිමෙවන් රජ සමයේ දළදා වහන්සේ ලක්දිවට වැඩම වූ දා පටන් අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ විවිධ ස්ථානවල වැඩ හිඳුවා තැබුව ද එම දළදා මාලිගා මේ වන විට හමුවන්නේ නටබුන් වශයෙනි. එසේ නමුදු දඹදෙණි යුගයේ දළදා මාලිගාව වශයෙන් පැවති මන්දිරය යුගයෙන් යුගයට ප්‍රතිසංස්කරණවලට භාජනය වුව ද තවමත් නටබුන් ව නොතිබීම නිසා ප්‍රකෘතිමත්ව පවතින පැරණි ම දළදා මන්දිරය ලෙස දඹදෙණිය විජයසුන්දරාරාමය හඳුන්වා දිය හැකි ය. කාලිංඝ මාඝ ආක්‍රමණිකයාගේ ආක්‍රමණ හමුවේ පොළොන්නරු රාජධානිය පරිහානියට පත්වීමත් සමග කොත්මලේ සඟවා තැබූ දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ දඹදෙණිය බලකොටුවක් කොට ගනිමින් ප්‍රාදේශීය පාලකයකු වශයෙන් කටයුතු කළ තුන්වැනි විජයබාහු රජතුමා බෙලිගලට වැඩමවීය. දඹදෙණිය විජයසුන්දරාරාමය තැනවීම ද තුන්වැනි විජයබාහු රජුගේ මෙහෙවර අතරට එක් වෙයි.

ඇසළ පුර අටවක

 ජුලි 17 සෙනසුරාදා පූර්වභාග
04.34 පුර අටවක ලබා 18 ඉරිදා පූර්වභාග 02.41 ගෙවේ.
සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 17

Full Moonපසළොස්වක

ජූලි 23

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]