[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

බෞද්ධ ධර්ම දූතයෝ

මහණෙනි, බහු ජන හිත සුව පිණිස ලෝකයා කෙරෙහි කරුණාවෙන් සියලු දෙව් මිනිසුන් ගේ හිත සුව පිණිස සැරි සරන්න. - මහා වග්ගපාලි. බුදු සමය පිළිබඳ ඉතිහාසයේ පිටු පෙරලන විට බෞද්ධ ධර්ම දූතයන් වහන්සේලා බුදුරදුන්ගේ අති උත්තම දහම් පණිවුඩය සාමකාමී ව, ගෞරවාන්විත ව බෙදාදුන් හැටි අපට පෙනේ. තම ආගම් ප්‍රචාරයට බිහිසුණු ක්‍රම භාවිත කළ අයට එම සාමකාමී දූත මෙහෙය ලජ්ජාවට කාරණයක් විය හැකි ය. බෞද්ධ ධර්ම දූතයෝ (සෙසු ආගමික දේශකයන් හා) මිනිසුන් සිය සමයට හරවා ගැනීමට ගම් නියම් ගම්වල දී තරඟ නොවැදුනාහ. තම සමය විශ්වාස නො කරන්නවුනට වෛර කිරීමක් බෞද්ධ ධර්මදූතයන් කිසි දිනෙක නො සිතන්නකි. ආගමික සංස්කෘතික හා ජාතික ගති නො ඉවසීම අබෞද්ධ ආකල්පයකි. සැබෑ බෞද්ධ ගතිය පෙවුණු ජනතාව විශේෂ වූහ. බුද්ධ දේශනාවේ අනුමැතිය කිසි දිනෙක ආක්‍රමණය සඳහා නොලැබෙන්නේ ය. මේ ලෝකය ඇති තරම් ලේ වගුරුවා, හැකි තරම් පීඩා විඳ ඇත්තේ ආගමික මති මතාන්තර පිළිබඳ රෝගයෙනි. ආගමික උමතුවෙන් හා ආගමික අසහනයෙනි. ආගම පිළිබඳව හෝ වේවා, දේශපාලනය පිළිබඳව හෝ වේවා, මිනිසුන් දැන දැනම ප්‍රයත්න දරන්නේ මානව වර්ගයාට තම තමන් රුචි කරන ජීවන මාර්ග පිළිගැන්වීමට ය. එසේ කරමින් ඔවුහු ඇතැම් විට සෙසු ආගමික අනුගාමිකයනට විරුද්ධවාදීකම් දක්වති. බුදු සමයත් බුදු සමය වැළඳගත් අයගේ සංස්කෘතියත් අතර කිසිදු අවුලක් හෝ ගැටුමක් ඇති නොවී ය. මක්නිසාද යත්? ජාතික සම්ප්‍රදායයන්, සිරිත් විරිත්, කලා ශිල්ප හා සංස්කෘතීන් ඈ යමක් ජනතාව පිළිගෙන තිබිණි නම් ඒවා තව දුරටත් පණ පෙවී හැඩ ගැසී පැවතීමට මහත් සේ ඉඩකඩ ලැබුණු නිසා ය.


  පොසොන් පුර අටවක 

ජූනි 17 බ්‍රහස් අ.භා 22.00 පුර අටවක ලබා 18 සිකුරා අ.භා 20.39 ගෙවේ
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 18

Full Moonපසළොස්වක

ජුනි 24

Second Quarterඅව අටවක

ජූලි 01  

Full Moonඅමාවක

ජූලි 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]