[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සුව අහරින් සවිය වඩමු සවි බලයෙන් දැය නංවමු

ආහාරයෙහි අවශ්‍යතාව පාට, ලිංග, ජාති, භේදයකින් තොරව සැමට පොදු වූවකි. “සබ්බේ සත්ථා ආහාරට්ඨිතිකා” ලෙස බුදු දහම දක්වන්නේ එහෙයිනි. ගිහි පැවිදි භේදයකින් තොරව සියල්ලෝට ම ශක්තිය බලය අවශ්‍ය වන අතර එය ලැබිය යුත්තේ ආහාර තුළිනි. ආධ්‍යාත්මික ජීවිතය මෙන්ම භෞතික ජීවිතය වඩා අර්ථවත් ව පවත්වා ගැනීමට සමබල ආහාර වේලක් අවශ්‍ය ය. බුදු දහමෙහි ඉගැන්වෙන සේඛියා තුළින් සිදුකරනුයේ ද ආහාර රටාව හා ජීවන රටාව ක්‍රමවත් කිරීම ය. සඟරුවනට පිණ්ඩපාතය අනුදැන වදාරන්නේත්, ඇතැම්විට ධර්මය දේශනා කිරීමට පෙර දායකයන්ට ආහාර ලබාදෙන ලෙස බුදුරදුන් නියම කරන්නේ ද ආහාරයෙන් තොර ශක්තියක් නොමැති නිසාවෙනි. මේ ලෝකයෙහි ඇති දරුණු ම රෝගය ලෙස බුදුදහම බඩගින්න හඳුන්වා ඇත්තේ ද ආහාරයෙහි අවශ්‍යතාව අනිවාර්ය බැවිනි. පොදුවේ ගත් විට ආධ්‍යාත්මික මෙන්ම භෞතික දියුණුව විෂයෙහි ආහාර අත්‍යවශ්‍ය ය. මන්ද යත් ආහාරයෙන් තොර ශක්තියක් නොමැති බැවිනි. ආහාරයෙහි පමණ දැන පරිභෝජනයෙහි සීමා හඳුනා ගැනීම අවශ්‍ය ය. ආහාර අවශ්‍ය වන්නේ සවිය හෙවත් ශක්තිය ලබා ගැනීම සඳහා ය. ඒ සඳහා ගිජුබවක් නො දැක්විය යුතු ය. ආහාරයෙහි ගිජුවීම නිසා ශරීරයේ සමබරතාව පවා ගිලිහීයාම අනිවාර්ය ය. කොසොල් රජුට සිදුවූයේ එවැනි තත්ත්වයකි. බුදුරදුන්ගේ මඟ පෙන්වීම මත එයින් අත් මිඳීමට ඔහුට හැකියාව සැලසුනි. තමා ශක්තිය ලබා ගැනීමට ගනු ලබන ආහාර තම ආයුෂ කෙටිවීමට හේතු වන්නේ නම් එවන් ආහාර රටාවක් බුදු දහම අනුමත නො කරයි.


  පොසොන් පුර අටවක 

ජූනි 17 බ්‍රහස් අ.භා 22.00 පුර අටවක ලබා 18 සිකුරා අ.භා 20.39 ගෙවේ
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 18

Full Moonපසළොස්වක

ජුනි 24

Second Quarterඅව අටවක

ජූලි 01  

Full Moonඅමාවක

ජූලි 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]