[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

මහා ධර්ම දූත සේවය

“බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක හැට නම අමතා මෙසේ වදාළහ. මහණෙනි, බොහෝ දෙනාගේ හිත පිණිස, සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට වැඩ පිණිස චාරිකාවේ හැසිරෙන්න. දෙනමක් එක මඟින් නොයන්න. මහණෙනි, මුල, මැද, අග යහපත් වූ අර්ථ සහිත ව්‍යඤ්ජන (නිවැරදි පද, වාක්‍ය උච්චාරණය) සහිත සෑම ආකාරයෙන් ම පිරිපුන් ධර්මය දෙසන්න.

මෙසේ ප්‍රථම ධර්මදූත පිරිස පිටත් කර යවා තමන් වහන්සේ ද දහම් දෙසනු පිණිස උරුවෙල් දනව්ව බලා වැඩම කළ සේක. මෙසේ සත්වයා සසර දුකින් එතෙර කිරීමේ මහා මෙහෙවර දියත් විය. සම්බුදු දහම ලෝවැසියාගේ දෙසවන් කරා ගෙන යන මහා ධර්මදූත සේවය එසේ ඇරඹිණ.

****

ලොකු හාමුදුරුවෝ

අපේ ගම ඉහළගම යි. එය පිහිටා තිබෙන්නේ රාගම ප්‍රදේශයේ ය. කඳු හතරකට මැදිවයි මේ ගම තියෙන්නේ. ගමේ අගය වැඩි කරන්නේ පන්සල යි. බෝධි පූජා තබා හැම බදාදා, සෙනසුරාදාවක ම මුළු රටටම සෙත් පතනවා. පන්සල ළඟ වැවක් තිබෙනවා. ඒ වැව පසුගිය කාලේ විනාශ වී තිබුණා. නායක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් වැව පිරිසුදු කර වැව මැද සීමා මාලකයක් හැදුවා. ගමේ හැමෝම එකතු වෙලා වැලි ගල් ඇද්දා. දැන් වැවත් ලස්සනයි. වටේට මංතීරුවක් සාදා තිබෙනවා. උදේ සවස බොහෝ දෙනා ශරීර සුවතාවයට ඇවිදිනවා. මේ හැම පිනක්ම ගරු තුරුවිල විමලධම්ම නා හිමිපාණන් වහන්සේට අනුමෝදන් වී මේ බුදු සසුනේ දී ම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා. ගමේ සියලු දෙනා වෙනුවෙන් මම ඔබ වහන්සේට පින් දෙමි.

****

මහා පරාක්‍රමබාහු රජතුමා

මානාභරණ යුව රජතුමාටත්, රත්නාවලී දේවියටත් දාව පින්වත් කුමරකු ලෙස මහා පරාක්‍රමබාහු කුමරු උපන්නේ ය. පරාක්‍රමබාහු කුමරු කුඩා කල ම ඔහුගේ පියා පරලොව සැපත් විය. එහෙත් අනෙකුත් දැයේ දරුවන්ට ඉතා ආදර්ශ සම්පන්න වූ ඔහු එයින් කම්පා නොවී ය. පසුව හෙතෙම මායා රට රජවිය. එදා එතුමන් විසින් ගොඩනඟන ලද පරාක්‍රම පුරය මෙදා පඬුවස් නුවර යි. රජතුමා සිය රාජ්‍යයේ උන්නතියට දැදුරු ඔය සම්බන්ධ කර වාරිමාර්ග ඉදි කළේ ය. දේශ සීමා මුරපළවල් ද ශක්තිමත් කිරීමට පියවර ගත්තේ ය. මෙවන් පාලන ශක්තියකින් හෙබි එතුමා මුළු සිරිලක ම අග රජ බවට පත්වූයේ පොළොන්නරුව රාජධානි කරගෙන ය.

වීරයා තම බාධා මැඬගෙන ඉදිරියට යන්නේ ය. උදාරත්වය නම් ගුණ නුවණින් පිරිපුන් බවයි. පරාක්‍රමබාහු නිරිඳු මේ දෙ අංශයෙන් ම පිරිපුන් වීරෝදාර උතුමෙකි. මහත්මා ගති පෑ අයෙකි. ශ්‍රද්ධාවතකු වූ මෙතුමා සතර පෝයට ම සිල් සමාදන් විය. එදින ම සවස ආරෝග්‍ය ශාලාවට ගොස් රෝගීන්ගේ සුවදුක් විමසීය.

****

ගුරුතුමිය

කරුණා පෙර දැරිව දම් පාසලට එන
බණ දම් කියා දෙන මෙත් සිත පතුරුවන
මල් පොකුරක් වගේ ඉරිදට දකින පින
මගෙ ගුරුතුමී නමදින්නෙමි සියලු දින

යහ මඟ කියා දී අප වැනි දරුවන්ට
වෙහෙස දරනවා අප සුමගට ගන්ට
මට අවවාද දෙන නිති සමතකු වෙන්ට
මම ආදරෙයි හැමදා ගුරුතුමියන්ට

****

බෝවන රෝගවලින් ආරක්ෂා වෙමු

බෝවන රෝග යනු එක් පුද්ගලයකුගෙන් තවත් පිරිසකට බෝවන රෝගයකි. උණ, වමනය, පාචනය, කොරෝනා වැනි රෝග බෝවන රෝග ලෙස හැඳින්විය හැක. මෙය ව්‍යාප්ත වන්නේ පුද්ගලයකුගෙන් පුද්ගලයකුට යි. මෙය බෝවිය හැකි ක්‍රම වන්නේ ඉතා සමීපව සිටීම, ඇඳුම් පැළඳුම් හුවමාරු කර ගැනීම, දෑත් පිරිසුදු නො කර ආහාරපාන ගැනීම වැනි දෑ මඟින් ය. අප සැම දෙනාම ආරක්ෂාවීම අප සියලු රට වැසියන්ගේ සෞඛ්‍යයට හිතකර වේ.

****

ප්‍රථම ධර්ම දේශනාව

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලබන ප්‍රථම ධර්ම දේශනාව දම්සක් පැවතුම් සූත්‍රය යි. මෙම දේශනාවට මංගල සූත්‍ර දේශනාව කියා ද කියනු ලබයි.බරණැස ඉසිපතන මිගදායේ දී මෙම සූත්‍ර දේශනාව වදාළේ පස්වග මහණුන්ට ය.

   බක් අමාවක 

මැයි 10 සඳුදා අපර භාග 21.55 අමාවක ලබා 12 බදාදා පූර්ව භාග 00.29 ගෙවේ.
අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 11

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]