[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

ධර්මය දරන්නා පරිසරය ම සුවඳවත් කරයි

යථාපි රුචිරං පුප්ඵං - වණ්ණ වන්තං සුගන්ධකං - එවං සුභාසිතා වාචා - සඵලා හොති සකුබ්බතො, දහම තරම් මිනිසාගේ හිතසුව ඇති කරවන තවත් යමක් නැති බව බුදුරජාණන් වහන්සේ තම දේශනාවන්හි බොහෝ විට වදාළා. ආලවක සූත්‍රය වගේම ආලවක යක්ෂයාගේ කථාවත් අපේ පින්වතුන් හොඳින් අසා තිබෙනවා. අලවූ යකු දමනයේ දී ආලවක බුදුන්ගෙන් ඇසූ එක් වැදගත් ප්‍රශ්නයක් වන්නේ “කිංසු සුචිණ්ණෝ සුඛමාවහාති” යන්නයි. එනම් මිනිසා කවරක් ප්‍රගුණ කිරීමෙන් සැපවත් බවට පත්විය හැකිද යන්නයි. මේ ප්‍රශ්නයට බුදුහාමුදුරුවෝ වදාළේ “ධම්මො සුචිණ්ණො සුඛමාවහාති” යනුවෙනි. එනම් ධර්මය ප්‍රගුණ කිරීම මනුෂ්‍යයාට සැප සම්පත් ළඟා කරවන බවයි. එසේ නම් ධර්මය කවර තරම් වටිනවාද? “ධම්මොසධ සමං නත්ථි” යනුවෙන් ධර්මය තරම් වටිනා බෙහෙතක් මිනිසාට තවත් නැති බවක් අපේ තථාගතයාණන් වහන්සේ අපට දේශනා කළා. “ධම්මං විනා නත්ථි පිතා ච මාතා” ධර්මය තරම් වටිනා මවෙක් හෝ පියෙක් ද නැති බව තවත් විටෙක බුදු හිමියෝ අපට පෙන්වා දුන්නා. “ධම්මකාමො භවං හොති ධම්මදෙස්සී පරාභවො” යනුවෙන් පරාභව සූත්‍රයේ දී ධර්මයට කැමති පුද්ගලයා දියුණුවට යන බවත් ධර්මයට ද්වේෂ කරන්නා පිරිහෙන බවත් පෙන්වා දුන්නා. “ධම්මංචරෙ සුචරිතං නතං දුස්චරිතං චරෙ” යනුවෙන් ධර්මයෙහි හැසිරෙන්නා සුචරිතවත් වන බවත්, දුශ්චරිතයෙහි නොයෙදෙන බවත් වදාළා. “ධම්මො භවෙ රක්ඛති ධම්මචාරී” යනාදී වශයෙනුත් ධර්මයෙහි හැසිරෙන්නා ධර්මයෙන් ආරක්ෂා වන බවත් පෙන්වා දුන්නා. ධර්මය කෙතරම් වටිනවාද යන්න පෙන්වා දෙන ඉතා ජනපි‍්‍රය දේශනා පාඨ කිහිපයකුයි මේ අනුව උපුටා දැක්වූයේ. අතීතයේ අප විරුදාවලි ලැබුවේ පෙරදිග ධර්මද්වීපය, ධර්ම භාණ්ඩාගාරය මේ අපේ ශ්‍රී ලංකාව කියලයි.


  බක් පුර පසළොස්වක 

 අප්‍රේල් 26 සඳුදා අපර භාග 12.44 පුර පසළොස්වක ලබා 27 අඟහරුවාදා පූර්ව භාග 09.01 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]