[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල් පිපෙන සදහම් අරණ

බොරු කීමේ විපාක

බොරු කීමෙන් මෙලොව නින්දාවට භාජනය වෙයි. අන්‍යයන්ගේ විශ්වාසයෙහි නො ගැළපෙන තැනැත්තෙක් වෙයි. පරලොව දුක් ගැහැටවලට හසුවෙයි. සමහර විට බොරු කීම නිසා දඬුවම් ලැබෙයි. බොරු කියන්නෝ ඒ පවින් මරණයෙන් පසු නරකයෙහි ඉපිද අනේක වර්ෂ කෝටි සහස්‍රයෙහි ලෝදිය බීම ආදී තවත් දුකට පත්වේ.

බොරුවට ඇත්තේ ඉතා කෙටි කාලයකි. එනිසා ළමා අපි සැවොම සිතට ගත යුතු වන්නේ බොරු නො කීමටයි.

මිනිස් ලොව උපන් කල්හි ද එක් ජාතියක දී කී බොරුවලට සිය ගණන් ජාතිවල දී නො කළ වරදට හසු වී නින්දා ලබති. දඬුවම් ලබති. මෝඩයෝ වෙති. අශෝභන වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති.

****

වීරිය නැත නිම්මා

මහ සයුරේ රැලි අතරේ ගිලෙනා දුටු අම්මා
පිහිනා දුවවිත් සැනෙකින් කරට රැගෙන අම්මා
පරක් තෙරක් දකිනු පිණිස සිහි කරමින් අම්මා
පිහිනා යන පුතුන් බලව් වීරිය නැත නිම්මා

****

මගේ අම්මා

මගේ ආදරණීය මෑණියන්ගේ නම පී.පී. පුෂ්පමාලා කල්හාරි ,මගේ මැණියන්ට අවුරුදු 35 යි. කුඩා කාලයේ සිට මගේ කැතකුණු අතගා ඇති දැඩි කළා ය. ඇයගේ එකම හීනය වූයේ මා හොඳින් ඉගෙන ගන්නවා දකින්න යි. ඇය මගේ අභිවෘද්ධිය උදෙසා මා බුද්ධ ශාසනයට පූජා කළා ය.

පැවිදි වූ පසු මගේ ගුරු හිමියනුත් මවක් සේ මා රැක බලා ගනී. මා දැන් සිටින්නේ 5 වසරේ. මට හොඳින් ඉගෙන ගැනීමේ පරිසරය මගේ අම්මා විසින් ලබා දුන් නිසා අද මම මගේ පිරිවෙනේ සෑම වසරකින් ම ප්‍රථම ස්ථානය ලබා මුළු පිරිවෙනෙන් ම ප්‍රථමයා වී සිටීම සතුටකි. මම ප්‍රාර්ථනා කරනවා මගේ මෑණියන්ට මේ ගෞතම බුදු සසුනේ දී ම සසර දුකින් එතෙර වීමට වාසනාව ලැබේවා කියා.

****

මුදිතා ගුණය

අන් අයගේ දියුණුව දැක එම දියුණුව තමාට ඇති වූවාක් සේ සලකා සතුටට පත් වන ස්වභාවය මුදිතාව යි.

ඕනෑම පුද්ගලයකු වඩා කැමැති වන්නේ තම දියුණුව ය. තමාගේ දියුණුව දැක සතුටු වනවා සේ ම අන් අයගේ දියුණුව දැක සතුටු වීමද, උසස් ගුණාංගයකි.

සැපතට පත් තැනැත්තා තම හිතවතකු හෝ ඥාතියකු හෝ නම් එවිට ඇති වන සතුට මුදිතා ගුණයක් වුවත් නෑදෑ හිතවත්කම් කිසිත් නො මැති ඕනෑම පුද්ගලයකුගේ දියුණුවකදී ආයාසයකින් තොරව සතුටට පත්වීමට හැකිවීම මුදිතා බ්‍රහ්ම විහාරය ලෙස සැලකිය හැකි ය.

****

ශ්‍රී මහා බෝධීන් වහන්සේ

ශ්‍රී මහා බෝධින් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළේ සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ යි. ශ්‍රී මහා බෝධිය පිහිටා තිබෙන්නේ අනුරාධපුරයේ මහමෙවුනා උයනේ. එදා ශී‍්‍ර මහා බෝධින් වහන්සේ පාත්‍රයෙන් අහසට පැන නැඟ

රැස් විහිදුවා අහසින් බැස මහමෙවුනා උයනේ රෝපණය වූහ.

  මැදින් අමාවක 

 අප්‍රේල් 11 ඉරිදා පූර්වභාග 06.03 ට අමාවක ලබා 12 සඳුදා පූර්වභාග 08.00ට ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]