[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

නිරෝග සුවය දීර්ඝායුෂ ලබන්නට සිරිතට විරිතට මුල්තැන දෙන්න

සනරාමර ලෝක සිවංකර වූ අප භාග්‍යවතුන් වහන්සේ දීඝලම්ක නුවර ආරණ්‍ය කුටියක වැඩ වසන සමයෙහි ආයුවඩ්ඪන කුමරු අරබයා මෙම උතුම් ගාථා ධර්මය දේශනා කළ සේක. මෙම කුමාරයාගේ පියා ප්‍රථමයෙන් තපස් රැකුමට වන වැද අටසාළිස් වසක් තවුස්දම් රැක යළි කුල පරම්පරාව පවත්වා ගැනීමට තවුස්දම් අත්හැර බිරිඳක් සරණ පාවා ගත්තේ ය. කලක් ගත වන විට දරු සම්පතක් ලැබ මෙම නුවර ආරණ්‍ය කුටියක වැඩ සිටින බුදුරදුන් වෙත පැමිණ ප්‍රථමයෙන් පියා ද දෙවනුව මව ද වඳින විට “දීඝායුකොහොථ” දිගාසිරිවේවායි බුදුහු වදාළ සේක. යළි පොඩි සිඟිත්තා වන්දවන විට කිසිවක් නොවදාළ සේක. මෙයට කාරණය විමසූ විට මෙම දරුවාගේ ආයුෂ හත් දිනක් පමණක් යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඉන් පසු මව්පියයෝ අඬමින් අපේ දරුවාගේ උවදුර දුරුවී ආයුෂ වැඩිවෙන්නට පිළියමක් වේ නම් එය වදාරණ ලෙස බුදුරදුන්ගෙන් ඉල්ලා සිටියහ. බුදුරජාණන් වහන්සේ, එසේ නම් සිය ගෙදර පිරිසුදු කොට මණ්ඩපයක් තනවා භික්ෂූන් වහන්සේලා අටනමක්, සොළොස් නමක් හෝ වඩා හිඳුවා සතියක් පුරාවට පිරිත් දේශනා කරවන්න යැයි වදාළ සේක. බමුණා හා බැමිණිය ගෙදර ගොස් මණ්ඩපයක් තනවා මහ සංඝරත්නය වඩා හිඳුවා දරුවා ද ඒ මැද තබා සතියක් පුරාවට නොකඩවා පිරිත් දේශනා කරවූහ. දෙවියෝ ද එහි පැමිණියහ. පිරිතේ ආනිශංස බලය ලැබුණි. ඒ අනුව මේ කුමරු වෙසමුණූ රජුගේ නියමය අනුව අවුරුද්ධ යකුට බිලිවීමට සිටිය නමුත් එයින් වැළකී එක්සිය විසි වසරකට ආයුෂ වැඩුණේ ය. මෙසේ ආයුෂ වර්ධනය වූ බැවින් “ආයුවඩ්ඪන කුමරු නමින් ප්‍රකට විය.


  මැදින් අමාවක 

 අප්‍රේල් 11 ඉරිදා පූර්වභාග 06.03 ට අමාවක ලබා 12 සඳුදා පූර්වභාග 08.00ට ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]