[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල් පිපෙන සදහම් අරණ

කළගුණ සලකමු

යස ඉසුරින් පිරිහුණු බමුණෙක් සැවැත්නුවර ජීවත්ව සිටියේ ය. දිළිඳු වුවද බමුණා රාධ නම් තම පුතුට මැනවින් ඉගැන්වී ය. සිප්සතර මැනවින් ඉගෙනගත් මේ තරුණයා ළමා අවදියේ සිටම අනුන්ගේ වැරැදි සොයන්නටවත්, තමන් වැරැදි කරන්නටවත් පෙළඹුණේ නැත.

අලසබවින්, උඩඟුබවින් බැහැරව, කාගේත් සිත් දිනාගෙන කීකරුව කාලය ගත කළේ ය.

තරුණ වියේදී ම මව්පියන් අහිමි වූ රාධ පසු කලෙක විවාහ විය. මහලු කල ඔහුට දරුවන්ගෙන් ඇති වූ කරදරය නිසා විහාරයට ගොස් භික්ෂූන් වහන්සේලාට ආවතේව කරමින් ජීවත් විය. ඒ අතර තමන් මහණ කරන්න යැයි බමුණා කිහිපවිටක් ඉල්ලීම් කළත් ඔහු මහණ කරන්නට භික්ෂූන් වහන්සේලා අකැමැති වූහ. දිනක් කුළුණුබර දෙනෙතින් ලොව බලන විට රාධ නම් බමුණාට රහත්වීමට හැකියාව ඇති බව තථාගතයන් වහන්සේට පෙනුණි. විහාර චාරිකාවේ නියැළෙන විට බුදුපියාණන් වහන්සේ බමුණා වෙතට වැඩම කොට බමුණාගෙන් ඔබ කුමක් කරන්නේ දැයි විමසූහ. එවිට බමුණා භික්ෂූන් වහන්සේලාට වත්පිළිවෙත් කරන බව ප්‍රකාශ කළේ ය.

ඔබට භික්ෂූන් වහන්සේලාගෙන් සංග්‍රහ ලැබෙනවාදැයි විචාළහ. එයට බමුණාගේ පිළිතුර වූයේ ආහාර පමණක් ලැබෙන බවයි. එවිට බුදුපියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා කැඳවා මේ බමුණා කළ උපකාර සිහි ඇති අයෙකු සිටිද්දැයි විමසී ය. එවිට සැරියුත් තෙරණුවෝ තමන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩමවන විට දවසක් බත් පතක් පූජා කළ බව ප්‍රකාශ කළහ. ඒ කළා වූ උපකාරය මොහු දුකින් මුදවන්නට තරම් දෙයක් නොවේදැයි සැරියුත් හිමිගෙන් බුදුපියාණන් වහන්සේ විමසූහ. සැරියුත් මහරහතන් වහන්සේ බණ දහම් උගන්වා රාධ බමුණා මහණ කළේ ය. රාධ හාමුදුරුවෝ වීර්යයෙන් භාවනා කොට රහත් ඵලයට පැමිණි සේක.

****

සැරියුත් මහ රහතන් වහන්සේ

සැරියුත් මහ තෙරුන් වහන්සේගේ විශිෂ්ට වූ ගුණ සමුදාය අතර අසීමිත ගුරු ගෞරවය නැමති ගුණාංගයට සැමගෙන් පැසසුම් ලැබුණි. තමන්ට නිවන් මඟ පෙන්වා දුන් අස්සජී තෙරණුවෝ වැඩ සිටින දිශාවට දිනකට තුන්වරක් නමස්කාර කළ උන්වහන්සේ එදෙසට හිස ලා සැතපුණු බව ද සඳහන් වේ.

අගසව් සැරියුත් තෙරණුවෝ තමන් වහන්සේ සතු කාර්යභාරය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කළ සේක. ‍නො මඟට යොමු වී සිටි ‍බොහෝ දෙනකු සුමඟට යොමු කළ සේක. මහරහතන් වහන්සේගේ චරිතයෙන් කුඩා අපට බොහෝ ආදර්ශ ගත හැකි ය.

****

සෙත් පතමු

කොරෝනා වසංගතය තිබුණත් උතුම් තෙරුවන් බලයෙන් අපේ රට වෙනදා විදියටම සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා. පාසල් ආරම්භ වෙලා. මිනිසුන් වැඩට යනවා. දුම්රිය, බස් වැඩ කරනවා. දරුණු රෝගයක් ලෝකෙට පැතිරිලා හැමෝම බියට පත් වෙලා. අපි උදේ, දවල්, රාත්‍රී රතන සූත්‍රය, කියලා ලෝකයට ම සෙත් පැතුවා. බුද්ධ වචන බලවත්. අපේ දහම සත්‍ය යි. මගේ දහම් පාසලේ, පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ අපට පිරිතේ බලසම්පන්න බව කියා දුන්නා. අප වෙනුවෙන්, රට වෙනුවෙන් වෙහෙසුණු වෛද්‍යවරුන්ට, ත්‍රිවිධ හමුදාවට, පොලීසියට පින් දෙමින් ස්තූති කරනවා.

****

නිවාඩුවක්

ඉතිහාසයෙහි නොමැකෙන සනිටුහන් තබමින් “කොරෝනා” ව්‍යසනය නිසා අප පාසල් නිවාඩුව තවත් තවත් දිගු විය.

එය අවස්ථාවක් කරගෙන අප නිවස ඉදිරිපිට පිහිටා තිබෙන කඩවත රන්මුතුගල ශ්‍රී පුණ්‍යාලංකාර පුරාණ විහාරස්ථානය වෙත මමත්, මාගේ පියා, මව සහ සොහොයුරිය, එහි වැඩ වසන ගරුතර භික්ෂූන් වහන්සේලාට දානය පිළියෙළ කරගෙන ගොස් පිළිගැන්වීමු. අනතුරුව උන්වහන්සේලා අපට ආශිර්වාද කළහ. අප සතර දෙනාම මුළු විහාරස්ථ භූමියම පිරිසුදු කළෙමු.

****

පන්සලේ අසිරිය

****

කොරෝනා වෛරසය

  දුරුතු අව අටවක 

පෙබරවාරි 04 බ්‍රහස්පතින්දා අපර භාග 12.07 න් අව අටවක ලබා 05 සිකුරාදා පූර්ව භාග 10.07 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]