[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

විඩාබර ජීවිතය අස්වැසූ බුදු ගුණ

ජනකවි ගායනාවන් තුළ අන්තර්ගත වන්නේ හුදු රසවින්දනයක් පමණක් ම නොවේ. ඒ තුළින් පුද්ගල ජීවිතයෙහි යථාර්ථය ද ඉස්මතු කරන බව පැහැදිලි වේ. ගැමි ජනයා සිය ජීවනෝපාය පවත්වාගෙන යාමේ දී මෙන් ම, එදිනෙදා තම කර්තව්‍යයන් සිදු කිරීමේ දී සිය දුක්බර ජීවන තොරතුරු දක්වමින් ප්‍රකාශයට පත් කරන ලද ගායනා ජන කවි වශයෙන් හඳුනාගත හැකි වෙයි. මේවායෙහි අන්තර්ගත වනුයේ ජීවිතයේ සුඛ, දුක්ඛ වේදනාවන් ය. නිශ්චිත නිර්මාණකරුවකු හඳුනාගත නො හැකි මෙම ගායනාවන් තුළින් අව්‍යාජ බව මෙන් ම, පුද්ගල ජීවන යථාර්ථය පිළිඹිබු කෙරේ. ඉතා සංවේදී මෙන් ම නිර්මාණාත්මක කලා අංගයක් වන ජන කවිය තුළින් ජනතා සිතුම් පැතුම් , අභිලාෂයන් ඉතා සංවේදී ව නිරූපණය කරන්නට සමත් වී ඇති අයුරු සුවිශේෂි වෙයි. ගැමි ජීවන රටාව හෙළි කරනු ලබන්නා වූ මෙම කාව්‍යයන් මෙරට සංස්කෘතිය හා බද්ධව නිර්මිත වී තිබේ. ජනතාවගේ සදාචාරවත් බව මෙන් ම, රසාත්මක බව පෝෂණය කරනු ලබන සාහිත්‍යය කලාව මෙරට ආගමික පසුබිම තුළින් නිර්මාණයට ලක් වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිංහල සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනයවීමත් සමඟ මෙරට සංස්කෘතියේ සියලු අංගයන් බෞද්ධ මුහුණුවරක් ගන්නා ලදී එහි ප්‍රතිඵලයක් ලෙසින් මෙරට ජනයාගේ රසවින්දනය ඇති කරනු ලබන කලා මාධ්‍යයට ද එය එක්වීම නිසාවෙන් කාව්‍යය මාධ්‍යයට ද වස්තු විෂය ලෙස බොදු සිරිතත්, බොදු දහමත් එක්වන ලදී. හෙළ ඉතිහාසයෙහි සැඟවුණු තැන් මතු කරනු ලබන , ගැමියාගේ හද ගැස්මෙහි රාවය පිළිඹිබු කෙරෙන ජන කවිය ජන අවිය සමඟ බද්ධ වූවකි. විවිධ ග්‍රාමීය ජීවිකා වෘත්තීන් ආශ්‍රය කොටගෙන ප්‍රභවය ලබා ඇති ජන කාව්‍ය නිර්මාණ පසක් කරනුයේ ඔවුන් තුළ පැවති මනුස්සකම ය. එම මානුෂීය භාවය ඔවුන් තුළ ගොඩනැඟීමට පාදක වූයේ සංස්කෘතික බලපෑමයි.


  උඳුවප්
පුර අටවක 

දෙසැම්බර් 21 සඳුදා
අපරභාග 04.15 න් පුර අටවක ලබා 22 අඟහරුවාදා අපර භාග 06.14 න් ගෙවේ.
සඳුදා සිල්..

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]