[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආර්ය ශ‍‍්‍රාවක ප‍‍්‍රතිපදා-13: සුගත බුදුගුණ භාවනාව

ආර්ය ශ‍‍්‍රාවක ප‍‍්‍රතිපදා-13:

සුගත බුදුගුණ භාවනාව


විජ්ජාචරණසම්පන්න බුදුගුණය භාවනා කරලා සිතට වශී වුණාට පසුව සුගත බුදුගුණය වඩන්න පටන් ගන්න. හතරවන බුදුගුණය සුගත බුදුගුණය යි. බුදුරජාණන් වහන්සේ යහපත් ගමන් වැඩි බැවින් ද, සුන්දර තැනට සැපතක් ගෙන දුන් බැවින් ද, යහපත් වචන කතා කළ හෙයින් ද සුගත නම් ගුණය ලැබී තියෙනවා. භාවනා කමටහන වඩන්න කලින් මේ ගාථාව කටපාඩම් කර ගන්න.

“සම්මාගතෙ සුභංඨානං අමොඝ වචනො ච සො

තිවිධස්සාපි ලොකස්ස ඤාතා නිරවසෙසතො”

භාවනා කරන්න සූදානම් වෙලා පූර්වකෘත්‍ය අවසන් වුණාට පසුව මේ ගාථාව කිහිප වරක් ශබ්ද නඟල කියවනව නම් වඩාත් හොඳයි. ගාථාවේ තේරුම දැනගෙන, තේරුමත් හිතමින් කියනව නම් තවත් වැඩිය හොඳයි. ගාථාවේ තේරුම මෙසේයි. “බුදුරජාණන් වහන්සේ පරම සුන්දර නිර්වාණයට මනාව වැඩි සේක. නොහිස් නොවරදින වචන ම දේශනා කළ සේක. තුන් ලෝකය නිරවශේෂයෙන් දැන වදාළ සේක”

සුගත ගුණය වැඩීම සඳහා සරල කෙටි කමටහනක් පළමුවෙන් දක්වන්නම්.

“මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්සේ, යහපත් ගමන් ඇති සේක, සුන්දර තැනට සැපතක් වන සේක, සොඳුරු බස් කියන සේක, මේ කාරණා නිසා, මාගේ බුදුපියාණන් වහන්සේ, සුගත නම් වන සේක, සුගත නම් වන සේක, සුගත නම් වන සේක”

මේ කමටහන දින කිහිපයක් වඩන්න. ඊට පසුව වඩන්නට සුදුසු තවත් කමටහනක් මෙසේයි.

“මාගේ ස්වාමී වූ බුදුපියාණන් වහන්සේ, ශෝභන ගමන් ඇති හෙයින් ද, සුන්දර වූ නිර්වාණයට සුන්දර ලෙසින් ගිය බැවින් ද, ඒ ඒ මාර්ගයෙන් නැසූ කෙලෙසුන් කරා පෙරළා නොවැඩිය බැවින් ද, සෝවාන් මාර්ග ඥානයෙන් නැසූ කෙලෙසුන් නැවත නූපදවමින් නිවනටම වැඩි හෙයින් ද, සකෘදාගාමී මාර්ග ඥානයෙන් නැසූ කෙලෙසුන් නැවත නූපදවමින් නිවනටම වැඩි හෙයින් ද, අනාගාමී මාර්ග ඥානයෙන් නැසූ කෙලෙසුන් නැවත නූපදවමින් නිවනටම වැඩි හෙයින් ද, අර්හත් මාර්ග ඥානයෙන් නැසූ කෙලෙසුන් නැවත නූපදවමින් නිවනටම වැඩි හෙයින් ද, දීපංකර පාද මූලයේ පටන් අපරාජිත බෝධි පර්යංකය දක්වා සමතිංශත් පාරමී සංඛ්‍යාත ප්‍රතිපදාවෙන් ම ගිය බැවින් ද, ශාස්වත උච්ජේද දෘෂ්ටි නොගෙන ශෝභන ව සම්බෝධියට පැමිණි හෙයින් ද, කාමසුඛල්ලිකානුයෝගය අත්තකිලමථානුයෝගය යන අන්ත දෙකට නොපැමිණ ශෝභන වූ මධ්‍යම ප්‍රතිපතිපදාවෙන් සම්බෝධියට පැමිණි හෙයින් ද, අසන්නවුන්ට හිතකර වූ යහපත් වචන ම කියන හෙයින් ද, යම් වචනයක් අසත්‍ය වේ ද, අනර්ථකර වේ ද, අප්‍රිය වේ ද, එබඳු වචන නොකියන හෙයින් ද, සුගත නම් වන සේක, සුගත නම් වන සේක, සුගත නම් වන සේක”

  වප් අමාවක 

නොවැම්බර් 14 සෙනසුරාදා අපරභාග 02.18 න් අමාවක ලබා 15 ඉරිදා පූර්වභාග 10.36 න් ගෙවේ.
සෙනසුරාදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]