[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

පරාක්‍රමබාහු රජු උපත ලද දැදිගම කොටවෙහෙර රාජ මහා විහාරය

හාත්පස ඇති මනරම් කඳු වැටිය පවුරක් සේ පිහිටා ඇතැයි බැලූ බැල්මට පෙනේ.ඒ හා මැදිව ඇති සශ්‍රීක කුඹුරු යාය හැමදාමත් අඩුවක් නැතිව ගම්මානේ ඇත්තන්ට බත සපයන අයුරු අපූරු ය. හාත්පස ඇත්තේ නිල්ලට පීදූනු, බත බුලතින් සාරවත් වූ දේශයක් ගොඩ නැගු උරුමකරුවකුගේ ජන්ම භූමියක ශේෂයන් ය. කොළඹ නුවර පාරේ 66-67 කි. මී. කණු අතර පිහිටි නෙළුම්දෙණිය හන්දියට පැමිණි පසු දක්නට ලැබෙන දැදිගම කොටවෙහෙරට මඟපෙන්වන පුරාවිද්‍යා නාම පුවරුවක් වේ. එතැනින් හැරී ගලපිටමඩ පාරේ කි. මී. 3ක් ගමන් කරන විට හෙළ රජ දරුවන්ගේ පහස ලද දැදිගම ගම්මානයට පිවිසිය හැකි ය. එසේත් නැතිනම් අවිස්සාවේල්ල කෑගල්ල පාරේ පිටගල්දෙනිය හන්දියෙන් හැරී තුංතොට හරහා ද මෙම පින් බිමට පැමිණිය හැකියි. හෙළයන්ගේ අභිමානය මැනවින් දක්නට ඇති ඉතිහාසයක් දරා සිටිනා සූතිඝර දාගැබ ඇතුළු පුරාවිද්‍යා නටබුන් මෙන්ම දැදිගම රාජ මහා විහාර පින් බිම පිහිටා ඇත්තේ මාර්ගය අද්දර ය. ජයලත් කන්ද නම් කඳු බෑවුම පාමුල මෙම ඓතිහාසික දාගැබ පිහිටා ඇති අතර ඊට නුදුරින් ඇති සශ්‍රික කෙත්යායත්, බොදුණු අභිමානය සුරකින දැදිගම රාජ මහා විහාර පින් බිමත් දැක බලා වැඳ පුදාගත හැකි ය.


  වප් අමාවක 

නොවැම්බර් 14 සෙනසුරාදා අපරභාග 02.18 න් අමාවක ලබා 15 ඉරිදා පූර්වභාග 10.36 න් ගෙවේ.
සෙනසුරාදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]