[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ජනාධිපතිතුමා බෞද්ධ උරුමය නැවත සුරක්ෂිත කළා

අතීත රජදරුවන්ගේ රාජ්‍ය පාලනය සිහිගන්වමින් හා සංඝරත්නයේ ආශිර්වාදයෙන් රාජ්‍ය පාලනය කිරීමේ කටයුතු පසුගිය වසරේ අග භාගයේ සිට අපේ රටේ යළිත් ආරම්භ වුණා. ඒ රුවන්වැලි සෑය අභියස දී තමන් මෙරට ආගමික,ශාසනික මෙහෙයට කටයුතු කරන බවට ජනාධිපතිතුමා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දීමත් සමඟින්. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරමින් සියලු ජාතීන්ගේ අයිතීන් රැකෙන ලෙසින් සිදුකළ මේ යුග පරිවර්තනය නිසා සියලු ජාතින් අතර එකමුතුභාවය රැක දීමට හැකිව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් වසරක කාලයක් රාජ්‍ය පාලනය කරන ලද්දේ ආගමට දහමට මුල් තැන ලබාදෙමින්. එහි තවත් පියවරක් පෙන්නුම් කරමින් අතීත රජදවසින් පසුව මෙරට රාජ්‍යානුග්‍රහයෙන් සිදු කරන ලද පළමු කඨින පින්කම පසුගිය 8 වැනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෝමවතී රජමහා විහාරස්ථානයේ දී පැවැත්වුණා. එහිදී ජනාධිපතිතුමා චීවරය පඬු පෙවීමට සහභාගි වීම ද අප ඉහළින්ම අගය කළ යුතුවෙනවා.රජ කල සිදුවූ ඇතැම් විදේශ ආක්‍රමණ හමුවේ භික්ෂූන් වහන්සේ දැඩි අපහසුතාවට පත් වුණා. වෙහෙර විහාර බිමට සමතලා කළ යුග පවා අපේ ඉතිහාසයේ දැක්වෙනවා. එවන් ආකාරයේ කළකිරීමකින් පසුගිය කාලයේ මෙරට භික්ෂූන් වහන්සේට දිවි ගෙවීමට සිදුව තිබුණා. භික්ෂූන් වහන්සේට සමාජයේ තිබුණු පිළිගැනීම වෙනුවට භික්ෂූන් වහන්සේට පරිභව කරන සමාජයක් බිහිකරන තත්ත්වයක් අපට දක්නට ලැබුණා. මෙරට බෞද්ධ රාජ්‍යයක් බවට අන්‍යාගමික ආගමික නායකයන් පවා ප්‍රකාශ කරද්දී, ඇතැම් වගකිව යුතු පිරිස් ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් නොවන බවට පුන පුනා ප්‍රකාශ කරද්දී බෞද්ධ භික්ෂූන් වහන්සේ මෙන්ම ගිහි පිරිස් ද පත් වුණේ සුළුපටු අපහසුතාවකට නොවේ.


  වප් අමාවක 

නොවැම්බර් 14 සෙනසුරාදා අපරභාග 02.18 න් අමාවක ලබා 15 ඉරිදා පූර්වභාග 10.36 න් ගෙවේ.
සෙනසුරාදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]