[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

සිහිකරමි මිහිඳු හිමි

බුදුහිමි දෙසූ ඒ දම් කඳ ඔවාමිණි
දෙසුවා දම් අපට අනුබුදු මිහිඳු හිමි
මිස්සක පව්වට වැඩි අප මහා මිහිඳු හිමි
වැඳ වැඳ සිහිකරමු අනුබුදු මිහිඳු හිමි

****

මෙත් කරුණා ගුණ

සැමට වඩා මෙත් කරුණා ගුණ සිතිනි
අමා නිවන් මඟ පහදා දුන් නිතිනි
සදහම් දෙසුව හද කරුණා ගුණෙන් තෙමී
නමදිමු සැදැහැයෙන් අනුුබුදු මිහිඳු හිමී

****

හෙළ සංස්කෘතියේ අභිමානය

පොසොන් පොහොය දිනය අපට වැදගත් වන්නේ ශ්‍රී ලංකාද්වීපයට සම්බුදු දහම හඳුන්වා දුන් දිනය නිසාය. අපේ ආගමික, සංස්කෘතික, සමාජීය හා අධ්‍යාපනික අංශ මෙන් ම, ශිල්ප ශාස්ත්‍ර ආදි සකල විධ අංශයන්හි පුනර්ජීවනයක්, නව ප්‍රබෝධයක් ඇති වූයේ මහින්දාගමනයත් සමඟයි.

ලංකාවේ පළමු ස්තූපය වන ථූපාරාමය ගොඩනැඟුවේ දේවානම්පියතිස්ස රජතුමාය. ඒ මහින්දාගමනයෙන් ලැබුණූ ශිල්පීය ඥානය ඔස්සේ දියුණු කරගත් තාක්ෂණය මඟිනුයි.

****

දහම් දීපය

හෙළ බොඳු කලා නිමැවුම් රට තොට මැවුන
දාගැබ් පිළිම ළඟ හෙළ දන දණ නමන
දහමට පිනට ලැදි සැම බුදු මඟ ඇදුන
අනුබුදු මිහිඳු හිමි දෙසු දම් රට දිලින

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනක ශී‍්‍ර ලංකාද්වීපයට වැඩම කළ සේක. උන්වහන්සේ සමඟ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සිව් නමත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, වැඩියහ. අනාගාමී ව සිටි භණ්ඩුක උපාසකතුමාත් පැමිණියේ ය.

සමණාමයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා
තවේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා යනුවෙන්

මිහිඳු හිමියෝ තිස්ස රජතුමාට තමන් වහන්සේ හඳුන්වා දුන්හ.

****

වඳිමු සැදැහෙන්

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය රැගෙන මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට වැඩම කළ සේක. එකල අපේ රට පාලනය කළ දේවානම්පියතිස්ස රජතුමා. මිහිඳු මහ රහතන් වහන්සේ රජතුමාට චුල්ල හත්ථි පදෝපම සූත්‍රයෙන් ධර්මය දෙසු සේක. රජු තිසරණ සරණ ගියේ ය.

මුළු රටම පස්පවින් තොරවිය. පින්වත් මිහිඳු හිමි ලංකාවට බුදු දහම හඳුන්වා දුන්නේ නැති නම් අපට බුදුදහම ගැන දැන ගැනීමට ලැබෙන්නේ නැත. පොසොන් පෝ දා පමණක් නොව සැමදා ම මිහිඳු මහ රහතන් වහන්සේ වන්දනා කළ යුතු ය.

****

මගේ දහම් පාසල

අතුපතර විහිදී ගිය දැවැන්ත වෘක්ෂයක්වන් ශ්‍රී ජිනරතන දහම් පාසල ගම්මානයේ සියල්ලන්ට ම සෙවණ සාදා දෙයි. ඒ මහා වෘක්ෂයේ මුදුන් මුල වන් අප පන්සලේ නායක හාමුදුරුවෝ දහම් පාසල තුළින් ගුණ යහපත්, නැණවත්, විනයගරුක දරුවන් ගම, රට වෙනුවෙන් දායාද කිරීමට කටයුතු කරති. ඊට ශක්තිමත් අත්වැලක් වීමට අප දහම් පාසලේ පොඩි හාමුදුරුවෝ ද කටයුතු කරති.

කාලය, ශ්‍රමය වැය කරන ගුරු මව්පියවරු ගමේ දරු දැරියන් වන අප දහම් දැනුමෙන් පෝෂණය කරති. අපේ දහම් පාසලේ සියලුම දරු දැරියන් ඉරිදා දින උදෑසනින් ම දහම් පාසල වෙත පිය නඟයි. ධර්මානුකූල වටපිටාවක් තුළ විනයානුකූල ව ජීවත්වීමට පුරුදු, පුහුණු කරන්නේ අපේ දහම් පාසල යි. හොඳ- නරක, සිරිත්-විරිත්, කරුණාව-දායාව, මෛත්‍රිය- උපේක්ෂාව, ගුණවත්කම, අන්‍යයන්ට උදව් කිරීම, උපස්ථානය ආදි යහපත් ගුණධර්ම ද බුද්ධ චරිතය, පාලි, අභිධර්ම, සංස්කෘත, ශාසන ඉතිහාසය වැනි දහම් අධ්‍යාපනය ද අපේ ජීවිතවලට එකතු කරන්නේ අපේ දහම් පාසල යි.

****

පින්බර මගෙ රට

අනුබුදු මිහිඳු හිමි වැඩි පින්බිම
දෙසා දහම් සැනසූ මුළු ලක්දිව
මිහිඳු මා හිමිගෙ දහම් පණිවුඩය
පැතිරුණා මුළු ලක්දිවම

පොසොන් සඳ උදා විය
අහස් ගැබෙන්
මුළු රටම ආලෝකමත් කරමින්
පොසොන් උදාවයි දහම් අමාවයි
පැතිරුණි දස අත

****

අඹ පැනය විමසීම

****

මිහිඳු මා හිමි රජුට දහම් දෙසීම

****

බුදුසරණ සදහම් අරණ ළමා සමාජයේ සාමාජිකයෝ

675 ඒ. ඇම්. චෙනුදි සිතුලිනී 04 වන ශ්‍රේණිය
ශ්‍රී සෝමානන්ද දහම් පාසල - යක්විල

676 ආර්.පී. තිමත් මෙද්දුනි 04 වන ශ්‍රේණිය
ශ්‍රී සෝමානන්ද දහම් පාසල - යක්විල

677 සනුජි මිහිරංදි - 04 වන ශ්‍රේණිය
ශ්‍රී සෝමානන්ද දහම් පාසල - යක්විල

678 එම්.ඒ. පවනි විනාලි හංසනි - 13 වන ශ්‍රේණිය
වළගම්බා මහ විදුහල - වැලිගෙපොල

679 ආර්. එම්. රිද්මි මෙලංකා - 13 වන ශ්‍රේණිය
ශාන්ත ඇග්නස් බාලිකා මහ විදුහල බලංගොඩ

  වප් අව අටවක 

නොවැම්බර් 08 ඉරිදා පූර්ව භාග 7.29 න් අව අටවක ලබා 09 සඳුදා පූර්වභාග 6.51 න් ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]