[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

රෝග වළක්වා ගැනීමට බුදු දහමේ මාර්ගෝපදේශ පිළිපදින්න

මිනිසාගේ ප්‍රායෝගික ජීවිතයට අවශ්‍ය මානසික සැනසීම ලබා දෙන්නට බුදු රජාණන් වහන්සේ විසින් අවශ්‍ය උපදෙස් ලබා දුන්නේ වසර 2600කට පෙර දී ය. අද ලෝකයේ බොහෝ ගැටලුවලට විසඳුම් උන් වහන්සේ එදා පෙන්වා දුන්හ. ඒ උපදෙස් අනුව ශ්‍රී ලාංකේයයන් ලෙස, බෞද්ධයන් ලෙස අප කටයුතු කරන්නේදැයි මඳක් සිතා බැලිය යුතු ය. මේ දිනවල ලෝකය පුරාම පැතිර යන මහා වසංගතය හමුවේ අප කටයුතු කරන ආකාරය නිවැරැදි ද? ශ්‍රී ලංකාවේ මේ වසංගතය මැඬ පැවැත්වීමට රජය විසින් මනා ක්‍රමවේදයක් ආරම්භ කර තිබේ. එහෙත් ජනතාව ඒ සඳහා සහාය දුන්නේ ද යන්න මෙහිදී අප විමර්ශනය කළ යුතු ය. පසුගිය පුන් පොහොය සහිත සති අන්තයේ බස්නාහිර පළාතේ ජනතාවට නිවසින් බැහැර නොයන ලෙස දන්වා තිබිය දී ඇතැම් පිරිස් එය නොසලකා බැහැර ගොස් තිබුණි. එපමණක් නොව එසේ නීති ගරුක නොවූ, සමාජයට හිතකර නොවන ලෙස කටයුතු කළ අය තමන් කළ ඒ ක්‍රියාව වීර ක්‍රියාවක් සේ සමාජ මාධ්‍ය මඟින් ද පළ කර තිබුණි. ඇතැම් විට වසංගත රෝගය ඒ පුද්ගලයන්ට වැළඳී තිබුණේ නම් ඒ හරහා තවත් විශාල පිරිසකට රෝගය වැළඳෙන්නට බොහෝ ඉඩකඩ තිබේ. ආත්මාර්ථකාමීත්වය බුදු දහමින් ප්‍රතික්ෂේප කර තිබේ. අප සැම විටම කටයුතු කළ යුත්තේ තමන් ද ආරක්ෂාකාරී වී රටත්, සමාජයත් ආරක්ෂා කර ගැනීමට ය.විශේෂයෙන් ම කාම්භෝජය, ලාඕසය වැනි රටවල් මේ වසංගතය පැතිර නොයෑමටත් තායිලන්තය වැනි රටවල රෝගය ව්‍යාප්තියක් සිදු නොවූ හේතු මොනවාදැයි විමර්ශනය කළ විට මේ බව ඉතා පැහැදිලි ය. එම රටවල ජනතාව සැම විමට ක්‍රියා කර ඇත්තේ නීතියට ගරු කරමින්, විනය හික්මීම ඇති, ශික්ෂණයක් ඇති අය ලෙසිනි.


  වප් අව අටවක 

නොවැම්බර් 08 ඉරිදා පූර්ව භාග 7.29 න් අව අටවක ලබා 09 සඳුදා පූර්වභාග 6.51 න් ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]