[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විහාර මන්දිරය

සිතුල්පවු මහ වෙහෙරට පුනර්ජීවය ලබා දුන් යටගල රාජමහා විහාරය

ගාල්ල දෙවට මංසන්ධියෙන් ඇරඹෙන ගාල්ල අකුරැස්ස මාර්ගයේ හෝ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම පසුකොට වංචාවලින් හැරී ගමන් කරන විට අනුරාධපුර යුගයට අයත් ඓතිහාසික යටගල රාජමහා විහාරය හමුවෙයි. දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෞරාණික ම පුදබිම යටගල රාජමහා විහාරය යි. මහින්දාගමනයෙන් පසු දේවානම්පියතිස්ස රජතුමා රටපුරා යොදුනෙන් යොදුන පිහිට වූ විහාරස්ථානයක් ලෙස යටගල රජමහ විහාරය හඳුන්වනු ලබයි. ජනතාවගේ විශ්වාසය අනුව විහාරස්ථානයේ බෝධීන් වහන්සේ දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ නමකි. යටගල රජමහ විහාර ඉතිහාසය පිළිබඳ මීළඟට තොරතුරු හමුවන්නේ දඹදෙණි යුගයේ දෙවන පරාක්‍රමබාහු රාජ යුගයේ දී ය. කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත උපාධියෙන් පුද ලබමින් කව් සිළුමිණ වැනි සාහිත්‍යකරණයෙහි නිරත වූ දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ අග්‍රාමාත්‍යවරයා වූ දේවප්‍රතිරාජ ඇමතිවරයා විසින් වනගත ව පිහිටි මෙම පුදබිම හඳුනාගෙන ලෙන් විහාරයෙහි දොළොස් රියන් සැතපෙන බුදු පිළිමයක් තනවා, චෛත්‍යය ද ප්‍රතිසංස්කරණය කර වූ බව විහාර මන්දිරයේ ද්වාරයේ ඇති සෙල් ලිපියක සඳහන් වෙයි.

  වප් අව අටවක 

නොවැම්බර් 08 ඉරිදා පූර්ව භාග 7.29 න් අව අටවක ලබා 09 සඳුදා පූර්වභාග 6.51 න් ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]