[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අම්මා

අම්මා

වලිගෙන් මහ මුහුද ඉසින්නට වෙහෙසුණු අම්මා
ගිලිහුණු පණ පුතු ලැමදට තුරුලු කරන් අම්මා
යළි ජීවත් කරවන්නට ඖෂධ සෙව් අම්මා
සුළි නංවා දරු සෙනෙහස දෝරෙ ගියා අම්මා

කුසට මෙමා ආ දින සිට සෙනෙහස පෑ අම්මා
රසට පිසූ විස අහරක් දිව නොතැබූ අම්මා
මරුට පුදා තම ජීවිතෙ මා බිහිකළ අම්මා
නුඹට ණයයි මා සසරේ සරන තුරා අම්මා

කහට කෝප්පය ද නිවා බීමට ගත් අම්මා
ගතට වෙහෙස දී කඩිසර ගමන් නොගිය අම්මා
පිහිට කරන් තෙරුවන් ගුණ මට සෙත් පැතූ අම්මා
නුඹට අමා සග මොක් සුව මතු උරුමයි අම්මා

රුවට තිබුණු ගත සවිබල පිරිහෙන විට අම්මා
දුවට පුතුට බරක් වුණා රන්කිරි පෙව් අම්මා
ලොවට නො පා ඒ දුක ලැමදේ හිරකළ අම්මා
දැයට කිරුළ මිහිබට දෙව්දුව ඔබ මගෙ අම්මා

රතු ලේ බිඳු කිරට පෙරා මා දැඩිකළ අම්මා
සිතු සම්පත් කැටිකොට දෙන්නට නැතිමුත් අම්මා
පුතු සරු දහමින් පොහොසත් කොට හැදුවා අම්මා
පැතූ බෝධියකට පැමිණ නිවන් දකින් අම්මා

  අධි වප්
අව අටවක 

    අධි වප් අව අටවක පෝය
ඔක්තෝබර් 09 සිකුරාදා අපරභාග 05.49 න් අව අටවක ලබා 10 සෙනසුරාදා අපරභාග 06.16න් ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

ඔක්තෝබර් 23

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]