[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

පැන විසඳුම් ජයග්‍රාහකයා

සතුන්ට හිංසා නොකරමු

සියලු සත්ත්වයෝ මරණයට බියවෙති, දඬුවමට බිය වෙති. ජීවත්වීමට පි‍්‍රය කරති. එහෙත් මාංශ පිණිස සත්ත්ව ඝාතනය සිදු කිරීම ලොව පුරා පැතිරී ඇති දෙයකි. අපි ගවයා දෙස බලමු. ගවයාගෙන් කිරි, පොහොර ආදිය ලබා ගනී. ශ්‍රමය ද ලබා ගනී. එහෙත් අවසානයේ කෲර ලෙස එම සත්වයා මරණයට පත් කර මාංශ ආහාර ට ගනී. එලෙස නො කළ යුතුය. එම පාපයන් දිට්ඨධම්මවේදනීය කර්ම වශයෙන් ඵල දෙයි.

දිනක් බුදුන් වහන්සේ මාවතේ වඩින විට ළමයින් පිරිසක් සර්පයකුට පහර දෙනු දැක දරුවනි, කුමක්දැයි කරන්නේ විමසූහ. “ස්වාමීනි මේ සර්පයා මරන්නයි හදන්නේ”. “දරුවනේ ඔබ කැමැති ද දඬුවම් විඳින්න, පහර කන්න”, “නැත ස්වාමීනි”, ඒ වගේ තමයි සතුන්ට රිදෙනවා. තුවාල වෙනවා. අපි සතුන්ට ආදරය, කරුණාව, මෛත්‍රිය දක්වමු. බුදුරජාණන් වහන්සේ වදාළ හ. ඒ නිසා දිනපතා සතුනට කෑම, ජලය දෙමු. ඒ සතුන් සතුටින් ආහාර ගන්නා හැටි බලා අපිත් සතුටු වෙමු.

****

රජ්ජුමාලා

උරුවෙල් දනව්වේ සිටු නිවසක මාලා නමින් දාසියක් වූවා ය. ඇයගේ ස්වාමි දියණිය නපුරු කාන්තාවකි. ඈ දාසියගේ කෙස් වැටියෙන් අල්ලා නිතරම පහර දුන්නා ය. ඉවසන්න බැරිම තැන මාලා සිය කෙස්වැටිය කපා දැමුවා ය. ඉන් පසුව රැහැනක් ගෙලෙහි බැඳ, එයින් ඇද පහර දෙන්නී ය. ඇගේ ගෙලෙහි බැඳි මේ ලණුව නිසා ඇය රජ්ජුමාලා ලෙසින් ප්‍රසිද්ධ වූවා ය. මේ වධ වේදනා ඉවසාගත නොහැකි ව සිය දිවි නසා ගැනීමේ බලාපොරොත්තුවෙන් ඇය වන රොදට ගියා ය. මෙය දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ ඇයට අනුකම්පාවෙන් වැඩම කොට දහම් දෙසූ සේක. රජ්ජුමාලා බණ අසා සෝවාන් වූවා ය.

****

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව යනු මුහුදෙන් වට වූ කුඩා දුපතකි. එය ඉන්දියන් සාගරයේ මුතු ඇටය හා පෙරදිග ධාන්‍යාගාරය යන නම් වලින් ද හැඳින්වේ. ශ්‍රී ලංකාවට දිගු ඉතිහාසයක් ඇත. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට තෙවරක් වැඩම කර ඇත.

විවිධ ජාතීන්ට අයත් ජනතාව ශ්‍රී ලංකාවේ ජීවත් වෙති. එහි ඉතා හොඳ දේශගුණයක් පවතී. ශ්‍රී ලංකාව මධ්‍යයේ දිවෙන ගංගා ජාලයක් ද ඇත. දුන්හිඳ, දියලුම වැනි දිය ඇලි ශ්‍රී ලංකාවේ සුන්දරත්වය තව තවත් වැඩි කරයි. අතීතයේ සිටි රජවරු හා මුතුන්මිත්තන් විසින් ගොඩනඟන ලද වැව් නිසා ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය දියුණු වී ඇත. ශ්‍රී ලංකාව සුන්දරත්වයේ පාරාදීසයක් බවට පත් වී ඇත.

****

මහියංගණ චෛත්‍යය

මහියංගණ චෛත්‍ය යනු ලංකාවේ සුප්‍රසිද්ධ මෙන් ම ඉතා වැදගත් සිද්ධස්ථානයකි. එය ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. බුදුරජාණන් වහන්සේ මුල්වරට ලංකාවට වැඩම කළේ ද මහියංගණයට යි. උන්වහන්සේ මෙම ප්‍රදේශයට වැඩම කළේ යක්ෂයින් දමනය කිරීමට යි. බුදුරදුන් එම යක්ෂයින් ගිරි නම් දිවයිනට පලවා හරින ලදී.ඉන් අනතුරුව සුමන සමන් දෙවියන් බුදුරදුන්ගෙන් පිදීමට යමක් ඉල්ලූ විට කේෂ ධාතුන් වහන්සේ අට මිටක් ලබා දුන් අතර, ඒ ධාතුන් වහන්සේ තැම්පත් කර සාදන ලද්දේ මහියංගණ චෛත්‍යය යි.

****

ගමේ පෙරහර

හෙණ හඬ පරදා කස පුපුරනවා
තාල තියන බෙර හඬ පැතිරෙනවා
සුදෝ සුදු වතින් දෙපස පිරෙනවා
පෙරහර එන බව අපට දැනෙනවා

පාට මලින් මල් වට්ටි සැරසිලා
නැටුම් නටා නැට්ටුවන් කැරකිලා
බෝල බෝල ගිනි අඳුර මකාලා
සාධු සාධු හඬ සවන පිනාලා

සතුටයි සැනසුම හද උතුරනවා
කොඩි සේසත් ගුවනේ ලෙළදෙනවා
පෙරහර සිල් සුවඳක් පතුරනවා
අගෙයි අගෙයි පුර සඳ දිලිසෙනවා

ආඩම්බර ඇත් රජු එනු පෙනේවි
පහන් එළිය අද ගම රජ කරාවි
පින්වත් අප නෙත් පෙරහර දකීවි
දම් සිසිලෙන් අද මුළු ගම පිරේවි

****

සිදුහත් උපත

ලුම්බිනි සල් උයනෙ සල් මල් ගසක් යට
වට තිර ඇද මායා දේවි වට කොට
සිදුහත් පුංචි කුමරු ලොවට බිහි වූ විට
දෙවියන් බඹුන් පිළිගත්තා කුමරු දෝතට

****

පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි ව ලියා අප වෙත එවන්න.

වැඩිහිටියන්ට ගරු කරමු යන මතෘකාව යටතේ කෙටි රචනාවක් නිර්මාණාත්මක ව ලියා අපවෙත එවන්න.

ජයග්‍රාහී දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් දහම් පඬුරක් පිරිනැමේ.

 අධි වප්

පුර පසළොස්වක 

   ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා පූර්වභාග 00.26 න් පසළොස්වක ලබා 02 සිකුරාදා පූර්වභාග 02.35 න් ගෙවේ. 
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

First Quarterපුර අටවක

සැප්තැම්බර් 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]