[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෙනසුන් පූජාව

සෙනසුන් පූජාව .

බියකරු සසරක අඳුරේ සරනා
පියකරු සදහම් කිරණක් වැටුණා
මෙහෙසුරු කලණ මිතුන් මුණ ගැසුණා
පින්සරු සසුනේ පිහිට සැලසුණා

කුණ්ඩසාලෙ පින්බිම වෙන් වන්නේ
සඟ සෙනසුනටයි පිඹුරු අඳින්නේ
ගෞතම සසුනට සිත පහදින්නේ
සඟ රුවනට අප කුටිය තනන්නේ

ගඩොලින් ගඩොලට සග ගුණ ගැයුනා
වැලි අතරේ දා බිඳු සැඟවෙන්නා
සසුනේ අසිරිය නිති සිහි කරනා
කුටියේ සිරසට සෙවිලි පළඳනා

තරුණ මදෙන් ලොව මත් වන කාලේ
පන්සිල් පද පහ නො දන්න කාලේ
පින්සල් උදලු පිහා කොසු ඉදලේ
කුටියේ වැඩකර දෙව් ලොව බැබළේ

නවම් මහේ සිව්වැනි කුජ දිනයේ
සතර දිගින් සඟ රුවනයි වැඩියේ
ගෞතම සසුනට සෙනසුන පිදුයේ
බුදුරුව මැවුණා සිත් තුළ නිතියේ

සැරියුත් මුගලන් කසුප් මහ තෙරුන්
මෙන්ම ලක්ෂ ගණනින් තුම් රහතුන්
සසර දිනන්නට සුව සැදි සෙනසුන්
අතර එකකි මේ කුටියත් නමඳින්

පින අනුමෝදන් වනු මැන සක් දෙවිඳේ
සතර වරම් දෙව් රජවරු සැරදේ
පිනට කැමති දෙව්නරනා නිබඳේ
මෙ පින් බලා නැඟු කිතු ගොස රැව්දේ

සමිඳුනි ඔබ මගෙ හිරු සඳු වේවා
සිරි සදහම් මට නිති සිහිවේවා
පින් කෙත මහ සඟ නිති සැරදේවා
මැරෙන මොහොතෙ පින්කම සිහි වේවා

 අධි වප්
පුර අටවක 

 සැප්තැම්බර් 23 බදාදා අපරභාග 07.57 න් පුර අටවක ලබා 24 බ්‍රහස්පතින්දා අපරභාග 07.01 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 24

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 01

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 09

Full Moonඅමාවක

ඔක්තෝබර් 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]