[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

ජීවිතයට ශක්තිමත් අරමුණක් ඕනෑ

සේලෝ යථා ඒක ගනෝ වාතේන න සමීරති - ඒවං නින්දා පසංසාසු න සමික්‍ධජන්ති පණ්ඩිතා සමාජයෙහි ජීවත්වන බොහෝ පුද්ගලයින් අටලෝ දහම හමුවෙහි කම්පිත වෙති. දුක සැප ආදිය සමව විඳ දරා ගැනීමට නොහැකිව බොහෝ පිරිස් තම ජීවිතයෙන් පවා සමුගනී. නිතර කළකිරීමෙන් ජීවත්වන මොවුන් තුළ කිසිදු පෞරුෂ ලක්‍ෂණයක් දැකිය නොහැකි ය. ඒ නිසාම ධම්මපදයේ දී මනෝ විද්‍යාත්මක අවධාරණය කරනු ලබන්නේ සියලු සැප දුක් හමුවේ සියල්ල විඳ දරාගෙන මැදහත් සිතින් යුක්තව වාසය කිරීම ඉතා වැදගත් වන බවයි. ඒ තුළින් පුද්ගල පෞරුෂ සංවර්ධනයක් නිරායාසයෙන් ම ඇතිවන ආකාරය මෙම ගාථාවෙන් පැහැදිලි වේ. පුද්ගලයෙකුට යම් අරමුණක් ඉටු කර ගැනීම සඳහා දැඩි උත්සාහයක් තිබිය යුතු ය. උත්සාහයෙන් තොරව කිසිදු අරමුණක් ඉටුකර ගත නොහැකි ය. උත්සාහය තුළින් පුද්ගලයාගේ පෞරුෂ සංවර්ධනයක් ඇති වන අතර උත්සාහයක් නැති පුද්ගලයා සතු ව කිසිදු පෞරුෂ ලක්ෂණයක් දැකිය නොහැකි ය. ඒ අනුව පුද්ගලයාගේ ලෞකික ජීවිතය මෙන් ම ලෝකෝත්තර ජීවිතය සාර්ථක කර ගැනීමට නොපසුබට උත්සාහයය ඉතා වැදගත් වෙයි. නූතනයේ බොහෝ පුද්ගලයන්ගේ පෞරුෂය හීන වීමට ජීවත්වන වටපිටාව, පරිසර හා සමාජය ප්‍රධාන සාධකයක් වී ඇත. මෙහි දී සමාජ ඇසුර ඉතාම වැදගත් වේ. පෞරුෂ හීන පුද්ගලයන් ඇසුරු කිරීමෙන් නිරායාසයෙන් ම අන්‍යයන්ගේ ද පෞරුෂය හීන භාවයට පත්වේ. යහපත් දැක්මකින් යුත් කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන් පුද්ගල පෞරුෂය සංවර්ධනය කරගත හැකි බව ධම්මපදයේ දී මනෝවිද්‍යාත්මක උපදේශනයන් ලබා දෙනු ලබන්නේ මේ ආකාරයෙනි.


   නිකිණි අමාවක පෝය 

   අගෝස්තු 18 අඟහරුවාදා පූර්වභාග 10.39 න් අමාවක පෝය ලබා 19 බදාදා පූර්වභාග 08.11 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]