[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නිකිණි අමාවක 2020.08.18

ආදර්ශවත් නායකත්වය

කකුළු මව ගමන් යන්නේ ඇදට ය. තමන් ඇදට ගිය ද ඇයට වුවමනා තම දරුවන් කෙළින් ගමන් කරනවා දැකීමට ය. එහෙයින් ඇය ඉදිරියෙන් යමින් දරුවන්ට තමන් අනුව එන ලෙස අවවාද කරයි. දරුවන් ද ඇය ම අනුකරණය කරයි. ඇදට ම යයි.

සත්ව චරිත ඇසුරින් නිර්මාණය වූ ජන වහරේ ප්‍රචලිත මෙවන් කියමන් ආවාට ගියාට නිර්මාණය වූ දේ නොවේ. අවවාදයට වඩා ආදර්ශය උතුම් ය යන කියමන් සිහි ගන්වන මෙවැනි කතා මිනිස් සමාජයට දෙන්නේ ඉතා වටිනා පණිවිඩයකි.

මිනිසා සහජයෙන් ම අනුකරණයෙහි දක්ෂ ය. මෙලොව එළිය දකින මිනිස් දරුවා පළමුව අනුකරණය කරන්නේ මව්පියන් ය. ජීවිතයට උකහා ගන්නේ ඔවුන්ගේ ඇවතුම් පැවතුම් ය. මෙසේ පවුල තුළින් පටන් ගන්නා අනුකරණය පාසල, පන්සල, ගම, රට ආදී ලෙස පොදු සමාජය දක්වා වර්ධනය වේ. රටක් ගමන් කරන අත තීරණය කරන්නට එය ප්‍රබල සාධකයකි.

රාජ්‍ය නායකත්වය සමස්ත රට වැසියාට ම බලපාන චරිතයකි. අප තථාගතයන් වහන්සේ සතර අගතියෙන් තොරවීම, දස රාජ ධර්ම, සතර සංග්‍රහ වස්තු, සප්ත අපරිහානිය ධර්ම රාජ්‍ය නායකත්වයට නිර්දේශ කොට වදාළේ එහෙයිනි.

රටක ආගම දහම සුරක්ෂිත වන්නේ, ජනතාව සුරක්ෂිත වන්නේ, ගහකොළ ඇතුළු පරිසරය සුරක්ෂිත වන්නේ සරලව කියනවා නම්, සමස්ත සත්ව ප්‍රජාවගේ ම ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත වන්නේ, රටේ සෞභාග්‍යවත් අනාගතය තීරණය වන්නේ රජුගේ ආදර්ශ සම්පන්න නායකත්වයේ ස්වභාවය අනුව ය. එවැනි නායකත්වයක් ඇති රටක් සැබැවින් ම භාග්‍යවන්ත ය.

එවන් භාග්‍යවන්ත දේශයකට දැන් අරුණා ලෝකය උදාවී තිබේ.

පසුගියදා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඉදිරියේ මේ රටේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් අවස්ථාවේ ජනාධිපතිතුමා විසින් අග්‍රාමාත්‍යතුමාට වැඳ ආශිර්වාද ලබා ගැනීම මෙරට බොදු ජනතාවගේ සිත් සංවේදී කිරීමටත්, අතිශය සතුටට පත් කිරීමටත් සමත් විය. සම්බුදු දහම සහෝදර බැඳීම ඉහළින් අගය යි. මවට, පියාට , සහෝදර, සහෝදරියන්ට ගෞරව කරන්නා ම ය, සමාජයේ අන්‍යයන්ට ද ගෞරව වන ලෙස හැසිරෙනුයේ. අන්‍යයන් ගේ සුරක්ෂිත බව වෙනුවෙන් කැප වනුයේ. ජනාධිපති තනතුර කුමන තරම් ඉහළ වුව ද, අවස්ථාව කුමක් වුවද සිය වැඩිමහල් සහෝදරයාට ගරු කරන්නට හෙතෙම පසුබට වූයේ නැත. එය සමස්ත බොදු ජනතාව ම අගයන්නකි. එමෙන් ම ලාංකේයයන්ට පමණක් නොව ලෝකයටම ආදර්ශයකි.

කතාවට නොව ක්‍රියාවට මුල්තැන දීම යහපත් රාජ්‍ය නායකත්වයක සුබ ලකුණු ය. කොරෝනා උවදුර ලෝකයක් බිලි ගනිද්දී ශ්‍රී ලාංකේයයන් ලෙස අපේ ජීවිත සුරක්ෂිත වූයේ, මත් උවදුරෙන් රට මුදවා ගනුවස් ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුවන්නේ, සැගවී සිටින අපරාධකරුවන් නීතියේ රැහැනට හසු වන්නේ, දේශීයත්වය අගය කරමින් මුඩු බිම් සරු කෙත් බවට පත්වන්නේ, බිම් අඟලේත් මිරිස් පැළයක් හෝ වැවෙන්නේත් ඒ ආදර්ශයේ මහිමයෙනි.

මත් උවදුරෙන් තොර, අපරාධයන්ගෙන් තොර , ස්වයංපෝෂිත රටක් උදාවනු දැක්ම අප සැමගේ ප්‍රාර්ථනාව ය . රට තුළ සියලු ආගම් සුරක්ෂිත වන්නේ සම්බුදු දහම රැකුණේ නම් ය. උතුම් ත්‍රිවිධ රත්නයට ගරු කරන නායකත්වයක් කිසි දිනෙක රටට ජනතාවට අයහපතක් සිදු කරන්නේ නැත. බෞද්ධයන් ලෙස අපට ඒ භාග්‍යය උදා වී තිබේ.

අප කළ යුතු ඒ සෞභාග්‍යවත් දේශය ගොඩනැඟීමේ ගමනට රාජ්‍ය නායකත්වයට ශක්තිය ධෛර්ය ලබා දීම ය.

   නිකිණි අමාවක පෝය 

   අගෝස්තු 18 අඟහරුවාදා පූර්වභාග 10.39 න් අමාවක පෝය ලබා 19 බදාදා පූර්වභාග 08.11 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]