[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉලක්ක ජයගන්න මානසික සංවර්ධනය ඕනෑ

ඉලක්ක ජයගන්න මානසික සංවර්ධනය ඕනෑ


සමාදන් වන සීලය ආරක්ෂා කරන තැනැත්තාගේ සිහිය, නුවණ, වීර්ය, ඉවසීම, අධිෂ්ඨානය වර්ධනය වේ. ඒ උතුම් ගුණාංග ලෞකික ජීවිතය ගොඩනඟා ගැනීමට ද අත්‍යවශ්‍ය වේ. ලෞකික ඉලක්කවලටත් මානසික සංවර්ධනයක් අවශ්‍ය යි. වීර්ය, සිහිය ආදී ගුණාංග අවශ්‍ය වේ. එසේ නම් හැදෙන, වැඩෙන දරුවන්ට කුඩා කාලයේ සිට සීලය ආරක්ෂා කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙල සකසා දිය යුතු වේ. අප බලහත්කාරයෙන් කෝටුවක් අතට ගෙන නොව සීලයෙහි අගය කාරුණික ව පහදාදීමෙන් එසේ කළ යුතු ය. එසේ ප්‍රසාදයෙන් සීලය සමාදන් වීම හේතුවෙන් සිල්පද කැඩෙන වාරයක් පාසා නැවත නැවතත් සීලයෙහි පිහිටා ක්‍රියා කරනු දැකිය හැකි වේ. එසේ නම් ලෞකික ජීවිතය ගොඩනගා ගැනීමේ ප්‍රායෝගික වැඩ පිළිවෙළක් ඇති බව පැහැදිලි වේ.

නිවස තුළ උදේ, සවස බුද්ධ වන්දනාව නිරන්තරයෙන් සිදු කළ යුතු වේ. උදේ සවස යම් හේතුවක් නිසා අපහසුනම් අඩු තරමේ සවසටවත් බුද්ධ වන්දනාව සිදු කළ යුතු ම ය. එසේ බුද්ධ වන්දනාව සිදු කිරීමේ දී වන්දනා ගාථා කීම පමණක් ප්‍රමාණවත් නොවේ. බුද්ධ වන්දනාව සිදු කිරීමට මත්තෙන් දිනපතා උදේ, සවස බුද්ධ ප්‍රතිමා වහන්සේ අබියස දී සිල් සමාදන් විය යුතු ය. ඊට මත්තෙන් මොහොතක් වත් මේ සමාදන් වන්නේ සීලය යි. මෙයට පෙර මා අතින් සීලය කැඩුණේ කවර අවස්ථාවේදැයි පිරික්සා බැලිය යුතු ය. ඊයේ සීලය සමාදන් වූ මොහොතේ සිට මේ මොහොත දක්වා සීලය පළුදු වුණා.

මට අසවල් මොහෙතේ දී මුසාවක් කීමට සිදුවුණා. කේළම් කීවා, නැතහොත් කාමයෙහි වරදවා හැසිරුණා. නැතහොත් සොරකම් කළා යැයි ආදී වශයෙන් තමා අතින් කුමන හෝ වරදක් සිදු වූවා නම් ඒ මොහොත යළි සිහි කර ඒ වෙලාවෙම නැවත අධිෂ්ඨානයක් ඇති කර ගත යුතු යි. තමා දිවි පරදුවට තබා හෝ සීලය ආරක්ෂා කරන්නේ යැයි අධිෂ්ඨානයක් තබා ගත යුතු ය. බොහෝ දෙනෙකු මෙසේ සීලය පිළිබඳ ආවර්ජනය සිදු නොකරන බවක් පෙනේ. එහෙත් සීලය ආරක්ෂා කරන තැනැත්තකු වේ නම් ඔබ ඉහත කී කරුණු දෙස පුරා මසක්වත් අවධානය යොමු කර බලන්න. සීලය පිළිබඳ කෙතරම් මානසික වෙනසක් ඇතිවන්නේ දැයි සිතා බලන්න. නැවත නැවත මෙසේ බල කරනුයේ මෙය සිදුකළ යුත්තක් ම වන බැවිනි.

මැදින් අමාවක පෝය 

 මැදින් අමාවක පෝය මාර්තු 23 වන දා සඳුදා අපරභාග 12.30 ට ලබයි. 24 වන දා අඟහරුවාදා අපර භාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 23 වන දා සඳුදා ය.

මීළඟ පෝය අප්‍රේල් 01 වන දා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

Full Moonපසළොස්වක

අප්‍රේල් 07

Second Quarterඅව අටවක

අප්‍රේල් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]