[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වාද්දූව ගනේවත්ත පුරාණ විහාරාධිකාරී කිතලගම නන්දසාර හිමියන් විසින් සංවිධානය කර 200 නමක් විෂයයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පූජා කරන ලදී. කළුතර, දෙදියවල (වස්කඩුව) පස්දුන් රට ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඉස්ලාම් ගුරු - සිසුවියන් ද බෞද්ධ උපාසක උපාසිකාවන් සමඟ ස්වාමීන් වහන්සේලා වෙත දානය පිරිනැමීමට සහභාගි වූහ.
ඡායාරූපය, කළුතර මධ්‍යම විශේෂ,
එච්.එල්. සුනිල් ශාන්ත.

සාමණේර උපසම්පදා සහතික පිටපත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් නිකුත් කෙරේ

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කිරීම හා මෙරට වැඩ වාසය කරන ගරුතර මහා සංඝරත්නයෙහි පහසුව උදෙසා සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සාමණේර හා උපසම්පදා ලියාපදිංචි සහතික පිටපත් සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් නිකුත් කිරීම පසුගිය 10 වන දින ආරම්භ කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි. මීට අමතරව රත්නපුර, මහනුවර හා කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය බෞද්ධ කටයුතු කාර්යාල මඟින් ද මෙම සේවාව ආරම්භ කර ඇති බව ද ඒ මහතා කියයි. 1995 වර්ෂයේ සිට සියලුම උපසම්පදා සහතික පිටපත් හා 2005 වර්ෂයේ සිට සියලුම සාමණේර ලියාපදිංචි සහතික පිටපත් මේ යටතේ ලබාදීම සිදු කෙරේ. ඊට පෙර වර්ෂවලට අදාළ සහතික මේ වන විට දත්ත පද්ධතියට ඇතුළත් කරමින් පවතින අතර, එම සහතික ද ඉදිරියේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් ලබා ගැනීමට හැකි වේ.


මැදින් අමාවක පෝය 

 මැදින් අමාවක පෝය මාර්තු 23 වන දා සඳුදා අපරභාග 12.30 ට ලබයි. 24 වන දා අඟහරුවාදා අපර භාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 23 වන දා සඳුදා ය.

මීළඟ පෝය අප්‍රේල් 01 වන දා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

Full Moonපසළොස්වක

අප්‍රේල් 07

Second Quarterඅව අටවක

අප්‍රේල් 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]