[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

අර්ථවත් එක දහම් පදය ද උතුම් ය

යෝ චෙ ගාථා සතං භාසේ - අනත්ථ පද සංහිතා, ඒකං ගාථා පදං සෙය්‍යො - යං සුත්වා උපසම්මති,යො සහස්සං සහස්සේන - සංගාමෙ මානුසේ ජිනේ , ඒකංච ජෙය්‍ය අත්තානං - සවෙ සංගාමා ජුත්තමො, සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටින කල කුණ්ඩලකේසී රහත් මෙහෙණින් වහන්සේ අරභයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.රජගහනුවර ඉසුරුමත් සිටු කුලයක සිටු දුවක සත්මහල් ප්‍රාසාදයක උඩුමහල් තලයේ සොළොස්විය ඉක්මවා ඉසුරුමත් ව සුවසේ වසන්නී ය. මෙසේ කල දවස යවද්දී නුවර දකුණු දොරින් වධකස්ථානයට ගෙන යන සොරෙකු දැක ඔහු පිළිබඳ ව කාමාශාව ඇති කරගත් මෙම සිටුදුව ප්‍රේමය දරාගත නොහැකිව දෙ අතින් පපුව අල්ලා මුහුණ යටිකුරු කොට යහනේ නිදා ගත්තා ය. එසේ හොත් ඇය දැක මව්පියන් විචාළ විට වධකයට ගෙන යන සොරා නොලදහොත් ජීවත් නොවෙමියි කීවා ය. එවිට මව්පියන් නොයෙක් කරුණු කියාත් එම ආශාවෙන් වළකන්නට නොහැකි විය. එහෙයින් නගර ගුත්තිකයන්ට මසුදහසක අල්ලස් දී සොරා නිදහස් කරගෙන සිටුදුවට පාවා දී සනසන ලදී. මෙසේ සිටුදුව සමඟ මද කලක් ගතකළ සොරා ඇගේ රන් රිදී මුතු මැණික් ආභරණ සොරා ගැනීමේ උපාය මාර්ග ගැන සිතන්නට විය. දිනක් සොරා සිටුදුවට මෙවන් අදහසක් ප්‍රකාශ කළේ ය. “සොඳුර මා වධයට ගෙනයන දින චෝරපබ්බත දෙවියන්ට බාරයක් වී ඇත. එබැවින් අප දෙදෙනා ම ගොස් එම බාරය ඔප්පු කළ යුතු වේ. අප දෙදෙනා ප්‍රථමයෙන් සුබ ගමනක් යන බැවින් අගනා ආභරණවලින් සැරසී යා යුතු යැයි ද සැමියා අදහස් පළ කළේ ය.


මැදින් අමාවක පෝය 

 මැදින් අමාවක පෝය මාර්තු 23 වන දා සඳුදා අපරභාග 12.30 ට ලබයි. 24 වන දා අඟහරුවාදා අපර භාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 23 වන දා සඳුදා ය.

මීළඟ පෝය අප්‍රේල් 01 වන දා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

Full Moonපසළොස්වක

අප්‍රේල් 07

Second Quarterඅව අටවක

අප්‍රේල් 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]