[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

විදර්ශනාවට හේතුවන සමාධිය

“තත්ථ කතමා සම්මා සමාධි ඉධ භික්ඛු විවච්චේව කාමෙහි විවච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති. දුතියජ්ඣානං උපසම්පජ්ජ විහරති, තතියජ්ඣානං උපසම්පජ්ජ විහරති, චතුත්ථජ්ඣානං උපසම්පජ්ජ විහාරති අයං වුච්චති සම්මා සමාධි” සැදැහැබර පින්වතුනි , මාගේ ශාන්තිනායක ලොවුතුරා බුදුපියාණන් වහන්සේ ඉහත දැක්වූ උතුම් සූත්‍ර පාඨය ඇසුරෙන් සම්මා සමාධිය කවරේදැ’යි දේශනාකොට වදාළහ. සම්මා සමාධිය යනු කුමක්ද? භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවණක් පිරිසගේ යම් අයකු කාම සම්පත්තියෙන් මිදී අකුසල්වලින් ඉවත්වී විතක්ක, විචාර සහිත වූ විවේකයෙන් උපන් පී‍්‍රතියෙන් සහ සුඛයෙන් යුතු ප්‍රථමජ්ඣානයට සමවැදිී වාසය කරයි ද, එසේ ම පිළිවෙළින් දුතිය, තෘතීය , චතුර්ථජ්ඣාන යන ලෞකික ධ්‍යානයන්ට පැමිණ වාසය කරනව ද අන්න ඒ තත්ත්වයට සම්මා සමාධිය යැයි කියනවා. සමාධිය, සමාධිය යැයි අප නිතර නිතර කියනව, සමහරවිට අපට ඇහෙනවා අනුරාධපුරේ සමාධි ප්‍රතිමා වහන්සේ ගැන එහෙම කථාකරනවා. සමාධි ප්‍රතිමා වහන්සේ කියන්නේ සමාධි ගත ඉරියව්වෙන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ආකාරය නිරූපණය වන නිසා.


උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 18 වන දා බදාදා අපර භාග 11.30 ට ලබයි. 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 19 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය දෙසැම්බර් 25 වන දා බදාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]