[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යුතුකම් හා වගකීම් ඉටුකළ යුතුය

යුතුකම් හා වගකීම් ඉටුකළ යුතුය


අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ එක්තරා කාලයක සැවැත්නුවර ආශ්‍රය කරගෙන, වැඩ වාසය කළහ. ඒ අතර සැවැත්නුවර ධන ධාන්‍ය මැනවින් පරිහරණය කරන පොහොසත් සුමන නම් වූ සිටාණ කෙනෙක් වාසය කළේය. තරුණ කාලයේ දී ම ඔහු ධනවත් තැනකින් සරණ බන්ධනයක් ඇතිකර ගත්තේ ය.

භාර්යාව බවට පත් වූ ස්වාමි දියණිය වූයේ සුජම්පතිකා නම් තැනැත්තියයි. කල් යාමේදී ඔවුන් දෙදෙනාට පුතකු හා දියණියක වශයෙන් යහපත් ගතිගුණ ඇති දරුවන් දෙදෙනෙක් වූ හ. එම දෙදෙනාම මව්පියනට ලැදියාවක් දැක්වූ හ. කීකරු බවින් ද අනූන වූ හ. දරුවන් දෙදෙනා වැඩිහිටි බවට පත් වූ පසු දෙමව්පියන්ගේ සමීපයේ ම ජීවත් වූ හ. දෙමව්පියෝ මහලු වයසට පත් වූහ. දිනක් ඔවුහු තම දරුවන් දෙදෙනා සමීපයට කැඳවා මෙසේ කීහ.අපගේ ප්‍රියාදර දරුවනි. අප ඔබ දෙපොළ ඉතා හොඳින් පෝෂණය කළෙමු. රෝගපීඩාදියෙන් ආරක්ෂා කර ගත්තෙමු. ඔබ දෙදෙනා වෙනුවෙන් විශාල ධනයක් රැස්කොට තැබුවෙමු. රැස් කළ එම ධනය බෙදාදීමටවත් ආවාහ විවාහ කරදීමටවත්, අපට ශක්තියක් හැකියාවක් නැත. එම විශාල ධනයෙහි වගකීම ඔබ දෙපළ ම සතු ය. යනාදී වශයෙන් අනුශාසනා කළහ. අනතුරුව ටික වේලාවකින් දියණියගේ අතගෙන වැඩිහිටි පුතණුවන්ගේ අතමත තබා ඇයට කළ යුතු වතාවත් යුතුකම් ද, කළ යුතු බව මැනවැයි කියා ටික වේලාවකින් අභාවප්‍රාප්ත වූ හ.

සිටු කුමරා තම නැගණිය සමඟ දෙමව්පියන්ගේ අවසන් කටයුතු නිමා කළේ ය. ඔවුන්ගේ දියුණුව දෙදෙනාම එක් වී වගබලා ගත්හ. නැගණිය සුරූපීව වැඩෙන්නට වූවා ය. නිසි කල් වයස් උදා වූ විට තවත් සිටුකුමාරයකුට ඇයව සරණ කර දුන්නේ ය. සිටුකුමරා ද වෙනත් සිටු කුලයකින් කුමාරිකාවක ආවාහ කර ගත්තේ ය. කලක් ගතවෙමින් කලින් විවාහකර දුන් තම නැගණිය දරුවෙකු ලැබීම සඳහා ගැබ්බර වූවා ය. එවිට ඇගේ ස්වාමියා ළඟට ගොස් තමාගේ සහෝදරයා ටික කලකින් නොදුටු බවත්, මෙම අවස්ථාවේ ඔහු වෙත යා යුතු බවත්, සඳහන් කළා ය. ඇගේ කියමන් ඇසූ ස්වාමිපුරුෂයා ද නොයෙක් ආකාරයේ පුද පඬුරු ද ගෙන දෙදෙනාම සැවැත්නුවර බලා යෑමට පිටත් වූ හ. ටික කලකින් ලෝකානන්ද කරවූ අප බුදුරජාණන් වහන්සේ ෂඩ් වර්ණ රශ්මි දහරා විහිදුවමින් මහා සංඝරත්නය ද පිරිවරාගෙන බුද්ධ ලීලාවෙන් දුටුවන් සනහමින් අහර පිණිස පිඬු සිඟා වැඩියහ. මගට පිළිපන් ස්වාමිපුරුෂයා හා ගැබ්බර කාන්තාව බුදුපියාණන් වහන්සේ දැක අපමණ ප්‍රසාදයට පත් වූ හ.

මෙම ලිපියෙහි ඉතිරි කොටස පුර පසළොස්වක (ඔක්තෝබර් 13) පත්‍රයේ පළවේ.

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා පූර්ව භාග 09.50 ට ලබයි. 06 වනදා ඉරිදා පුර්ව භාග 10.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර්
13 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]